My photo
Colombo, Dehiwala, Sri Lanka
සබඳ අපි "අලි" නොවෙමු, උනුන් කාගෙන මැරෙන..... "බුලත්" හපයොත් නොවෙමු, එකම පවුලට වඳින.....// බොල් "සීනුවක්" නොවෙමු, දනන් ගොනුනට අඳින..... සොඳුරු අඬහැරය වෙමු, හෙළය නින්දෙන් මුදන.....//

Saturday, January 21, 2012

රාවන රජ

රාවන රජ අපට සිටි වැදගත්ම රජු හෝ රාවන අපේ පළමු රජු හෝ කියන්නට සාක්ෂි හෝ අතිශයෝක්ති අපට නැත. රාවන වන්දනාව හෝ රාවනට අසාමාන්‍ය ශක්තීන් ආරෝපණය කිරීමද අපි දැඩිව හෙළා දකිමු. ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන රාවන දෙවොල් සාදති. ඒ ඔස්සේ මිෂනාරී ආක‍්‍රමණයන්ට උඩගෙඩි දෙන බුදුදහමට වින කරන අළුත් සංස්කෘතියක් බිහිකරන්නට වෙර දරති. මේ පිරිස මේ වනවිටත් ලංකාවේ රාවන නාමය යොදා ගෞතම බුදුන්ට කැපවූ පන්සල් නාම වෙනස් කිරීම සිදු කොට ඇත. කුරුණෑගල දිසාවේ තවත් පන්සලක හිමි නමක් කීවේ තමන් ළඟදීම රාවන පිළිමයක් ලෙනක අඹන බවය. කොළඹ රාවන දෙවොලක් තනන බවට එක්තරා දේශපාලනික පක්ෂයක හිමිනමක් වරක් ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කොට තිබුණි. මෙය භික්ෂුවකගේ

Friday, January 20, 2012

මහාසෙන් තාණ්ඩවය

තාණ්ඩවය

තාණ්ඩවයක් යනු පුද්ගලයෙකුගේ වීරත්වය සහ ශ්‍රේෂ්ඨත්වය වනමින් ලියැවුණු ගීත විශේෂයකි. මෙයම නර්තනයේදී වේගවත් නර්තනාවස්ථාවක් වන්නේය. මෙම තාණ්ඩව ලියැවෙන ශෛලියක් ඇත. ලොව පළමු තාණ්ඩවය ලියැවී ඇත්තේ රවුළන් අතිනි. ඒ සිව වෙනුවෙනි. වසර 10000කට පමණ පෙර කතරගම විසූ සිව වෙනුවෙන් වසර 5000කට පමණ පෙර විසූ රාවන රජු ලියා ඇති තාණ්ඩවය ලියා ඇත්තේ සකු බසිනි. මා, මෙතෙක් ලොව ලියැවී ඇති වඩාත් රිද්මයානුකූල, සංගීතවත්ම පදරචනය ලෙසින් දකින්නේ එයයි.