My photo
Colombo, Dehiwala, Sri Lanka
සබඳ අපි "අලි" නොවෙමු, උනුන් කාගෙන මැරෙන..... "බුලත්" හපයොත් නොවෙමු, එකම පවුලට වඳින.....// බොල් "සීනුවක්" නොවෙමු, දනන් ගොනුනට අඳින..... සොඳුරු අඬහැරය වෙමු, හෙළය නින්දෙන් මුදන.....//

Thursday, July 14, 2011

රාජ්‍ය කුමන්ත්‍රණයකින් ඝාතනය වූ රාවන අධිරාජ්‍යයේ ඔටුන්න හිමි කුමාරයා

රාජ්‍ය කුමන්ත්‍රණයකින් ඝාතනය වූ රාවන අධිරාජ්‍යයේ ඔටුන්න හිමි කුමාරයා

උපේJද්‍රමිනික හෙවත් මහා මේඝනාද සෙන්පති තුමා රාවන අධිරාජ්‍යයේ කිරුළ හිමි කුමාරයාය. අනෙක්‌ සියලු සෙන්පතියන් අභිබවා වීරත්වයෙන්, ශක්‌තියෙන් හා යුධ ඥනයෙන් ඔහු ඉදිරියෙන් විය. ඔහුගේ අවසානයෙන් පසු රාම - රාවනා යුද්දය පරාජය වූ බව රාමායනයෙන් සඳහන්වේ.

මහා මේඝනාද, ඉJද්‍රජිත් (රාමායනය) උපේJද්‍රමිනික (රාක්‍ෂ භාෂා), මේඝනාත් යන නම් වලින් හඳුන්වන මෙතුමා රාවනා අධිරාජයාගේ පළමු පුත්‍ර රත්නයයි.

මේඝනාද ඉපදීමේදී ප්‍රාතිහාර්ය පෑ බලසම්පන්න කුමාරයෙකි. ඔහු ඉපදෙන විට පිට කළ ශබ්දයෙන් මුලු පොලොවම ගිගිරු බවත් ඔහුට මේඝනාද යෑයි නම් කළ බවත් සඳහන්ය. මේඝනාද කුඩා කල සිටම අති දක්‍ෂ යුද ශිල්පියෙක්‌ විය. මොහුගේ ප්‍රධාන ආචාර්යවරයා වූයේ ශ්‍රක්‍ර ගුරු දේවයන්ය. මොහුගෙන් යුද ඥනය, දේශපාලනය හා ආර්ථික ඥනය ලබාගත් අතර යාග හෝම හා ආගමික පිළිවෙත් උශනා සෘෂිගෙන් ලබාගත්තේය. මේඝනාද කුඩා කල සිටම තම දක්‍ෂතා පිළිsබිඹු කළේය. තම ප්‍රථම සටන වන ඉJද්‍ර රාවන සංග්‍රාමයේදී පිය රජුව පරාජයෙන් බේරාගත්හ. සොල්දාදුවන් 5000 ක්‌ වැනි සුළු පිරිසක්‌ සමග සටන් වැද දෙවියන්ගේ අධිපති ඉJද්‍රව බැඳ යටත් කළ බව රාමායනයේ හා යක්‍ෂාමූලාශ්‍රවල සඳහන් වේ. ඉJද්‍රව නිදහස්‌කර ගැනීමට මහා බ්‍රහ්මයාට මැදිහත්වීමට සිදුවිය. ඉJද්‍රව නාඝපාෂයෙන් ගැටගසා තම රියේ දමා පියානන් හට භාරකළේය. මහා බ්‍රහ්මයා ඉJද්‍ර නිදහස්‌ කිරීමට කන්නලව් කළ විට මේඝනාද "අමුර්ථය" පැතීය. මෙය සම්ප්‍රදායට පටහැනි බැවින් මහා බ්‍රහ්මයා බලගතු වර කිහිපයක්‌ ලබාදුනි. එයට අමතරව මහා වීර්ය ක්‍රියාවක්‌ කළ ලාබාල කුමරාට ඉJද්‍රජිත් (ඉJද්‍ර ජයගත්) යනුවෙන් වීරනාමයක්‌ ලබාදුනි. එතැන් සිට තුන් ලොවම ඉJද්‍රජිත් ගෞරවයට පාත්‍රවිය.

මේඝනාදට මහා බ්‍රහ්මයා දුන් වරයේ සඳහන් වූයේ "අග්නිහෝම" යාගය පවත්වා යුද්ධයට යන හැම විටම ඔහුට "සහස්‌ග්‍රති" නමැති යුද යානයක්‌ පහළ වන බවයි. අග්නිහෝම යාගයට ගිනි දෙවියන් පිදීම හා වර ලබාගැනීම ඇතුළත් බව සඳහන්ය. මෙම යාගය නිම වූ පසු ඔහුට යානය හා ආයුධ ලැබෙන්නේය.

මෙම යානයේ ගොස්‌ සටන් කරන විට ඔහු අමරණීය වන්නේය. මෙම යානයෙන් සටනට පිවිසි ඔහු දහස්‌ ගණනක්‌ හී සැර (උණ්‌ඩ යවා) අහසේ සිට වළාකුළු අතරින් සතුරා මතට යෑවූ බව (Gating type gun) සඳහන් වේ. මෙම යානයෙන් අධික රෂ්මිධාරා (Laser) යෑවූ බව සඳහන්ය. රාමායනය හා යක්‍ෂ මූලාශ්‍ර අධ්‍යයනයෙන් හැඟෙන්නේ මෙම වාහනය රසදිය බලයෙන් ක්‍රියාකරන "විමාන" වර්ගයක්‌ බවය. (Mercury vortex engine) ජෙට්‌ වර්ගයේ යානයක්‌ නම් අභ්‍යාවකාශයට යා නොහැක. මහා බ්‍රහ්මයා දුන් වරයේ සීමාවක්‌ විය. යම් කෙනෙක්‌ මෙම යානයට බාධා පමුණු වන්නේද ඔහු අතින් ඉJද්‍රජිත් මියයන බවයි. තවද මහා බ්‍රහ්මයා ඉJද්‍රජිත් මැරිය යුත්තේ අහසේදී බවත් මොහුගේ ඔලුව පොළවට වැටුන හොත් මුලු පොළවම ගිනි ගන්නා බවත් ප්‍රකාශ කළේය. මෙම නිසා ලක්‍ෂමන ඉන්ද්‍රජිත්ගේ හිස කඳෙන් වෙන්කරන කොට වානර නායක "ongkot" (තායි නම) යවා හිස ,ඡ්බ ආeබ ෙa, නම් පූජා භාජනයකට දමා ගත්හ. (තායිලන්ත Ramekion Tales ඉන්ද්‍රජිත් මෙම සටන් ක්‍රම භාවිතා කොට තමාට වඩා කීප ගුණයකින් විශාල හමුදාවක්‌ සමග වුණත් සටනට යැමට හැකිවිය. අශ්වාරෝහක හමුදාව සාමාන්‍ය හමුදාවට වඩා වෙනස්‌විය. පාබල හමුදාව හා අශ්වාරෝහක හමුදාව, සාමාන්‍ය රාක්‍ෂ හමුදාවට වඩා වෙනස්‌ ඇඳුම් හා ආයුධ රැගෙන ගියේය. මෙම ඇඳුම් තනා තිබුණේ සතුරු හමුදාවේ මානසිකත්වය බිඳ දැමීමටය. සාමාන්‍යයෙන් යුද මානසිකත්වය බිඳදැමීමට වේගවත් ප්‍රහාරයක්‌ නොසිතන දිශාවෙන් එල්ල කළ යුතුය. ඉන්ද්‍රජිත් යුද හමුදා හා යුද ක්‍රමෝපායේ නිපුනයෙකි. ඔහු සාම්ප්‍රදායික යුද ක්‍රමයෙන් වෙන්ව විශේෂ හමුදා ක්‍රම ප්‍රගුණ කළේය. ඉන්ද්‍රජිත්ගේ හමුදාව ------------ හෝ විශේෂ සේවා බලකායක්‌ ලෙස පවත්වාගෙන ගියේය. මෙම හමුදාව යුද පිටියට පැමිණියේ විශේෂ අවස්‌ථාවකදීය. මෙම හමුදාවට චතුරංග සෙනඟ (අස්‌, ඇත්, රිය, පාබල) ඇතුළත් විය. මොහුගේ හමුදාවේ විශේෂත්වය වූයේ අස්‌ හා පාබල හමුදාවයි. අස්‌ හමුදාවේ යුද පිටියේ ඉතාම ජංගම නැතහොත් වේගයෙන් ඔබ මොබ යා හැකි හමුදාවකි. මෙම හමුදාව මගින් වේගයෙන් ප්‍රහාරයක්‌ දියත් කිරීමටත්, නැවත පසුබැසීමටත්, වෙන දිසාවකින් ප්‍රහාරයක්‌ එල්ලකිරීමටත් හැකිය. වේගවත් ප්‍රහාර සඳහා භාවිත කිරීම අශ්වා රෝහක හමුදාවේ ප්‍රධාන අංගයකි. මෙම වේගවත් ප්‍රහාරය හමුවේ ඔරොත්තු දීමට පාබල හමුදාවට නොහැකි තරම් විය. මෙම කාරණය නිසාම අශ්වා රෝහක ප්‍රහාරය ඉතාම සුලභ ලෙස භාවිත විය. මෙවැනි ප්‍රහාරයක්‌ ඔරොත්තුදීමට සන්නද්ධ පාබල හමුදාව හා දුනුවායන් භාවිතා කළ යුතුය. මෙම හමුදාව පෝලින් කිහිපයකට පෙළගස්‌වා ප්‍රහාරයට මුහුණ දිය යුතුය. අශ්ව හමුදාව පළමු පෙළ හමුදාව වෙත ඇදෙන විට පසුපෙළ දුනුවායන් විසින් ප්‍රහාර කොට එම හමුදාවෙහි වේගය හා ශක්‌තිය දුර්වල කරනු ලබයි. ඉතිරි අශ්වාරෝහක හමුදාව ඉදිරිපෙළ හමුදාවට ළං වන විට දිග තෝමර භාවිතා කොට විනාශ කරනු ලබයි. මෙම ක්‍රමය උතුරු යුරෝපයේ (ප්‍රංශ, බ්‍රිතාන්‍ය) සටන්වලදී බහුලව දක්‌නට විය. නමුත් අශ්වාරෝහක ප්‍රහාරය ඉතාම බිහිසුණු හා වැළැක්‌විය නොහැකි ප්‍රහාර ක්‍රමයක්‌ ලෙස මෑතක්‌ වනතුරු භාවිතා කළේය. මෙම අශ්ව රෝහක ප්‍රහාරය ප්‍රමුඛ අරාබි - කුරුස යුද්ධයේදීත්, මොන්ගෝලින් ප්‍රහාර (ගැන්ජිස්‌ කාන් හා කුබ්යි කාන්) හා රෝම හමුදාව භාවිතා කළේය. (සාමේෂන් අශ්වාරෝහක හමුදාව) නමුත් මෙවැනි ප්‍රහාර ක්‍රමවල නිර්මාතෘ ඉන්ද්‍රජිත් වේ. "ඉන්ද්‍රජිත්ගේ හමුදාව" රාවනගේ මරණින් පසු හෙළ රාජධානිය විභීෂණ අතට පත්විය. මෙම රාජධානිය රාමගේ අයෝධ්‍යා මුල්කොටගත් "කොසොල්" රාජධානියට යටපත්විය. නමුත් විභීෂණ ලංකා රාජධානියටම අධිපති වූ බව පිළිගත නොහැක. ඉන්ද්‍රජිත්ගේ පුතුන් දෙදෙනා වන රවිශෛලාෂ හා කේවේසස්‌ථ (තායි රාමායනයට අනුව යමලිවන්, ගන්යුවක්‌) ගෙන් පරපුර දෙකක්‌ බිහිවිය. විභීෂණ තම මූලස්‌ථානය කැලණියට ගෙන ගිය විට කෑගල්ල ආසනයේ මෙම කුමරු දෙදෙනා විභීෂණ පරදවා තම අත්තම්මා වන මන්දෝදරි අග රැජින බේරාගත් බවත් ඇය අලුත්නුවර පත්තිනි දේවිය ලෙස ජනප්‍රිය වූ බවත් ඇයගේ ආරක්‍ෂාවට අලුත්නුවර දැඩිමුන්ඩ දේවි පත් කළ බවත් හෙළ - රාජ්‍ය අටුවාවේ සඳහන් වේ. ඉන්ද්‍රජිත්ගේ පෙළපත මානැවි, අනුරාධපුර, රිටිගල, සබරගමුව, මොනරාගල, දකුණු පෙදෙස්‌වල පදිංචි විය. ඉන්ද්‍රජිත්ගේ මරණයෙන් පසු යුද්ධයේ අවසානය විය. සතුරු හමුදාවේ බලය රාවන හමුදාව අභිබවා ගියේය. ඉන්ද්‍රජිත්ගේ මරණය හෙළ රාවන රාජධානියේ අවසානයට කටයුතු විය. විභීෂණට රාවනා අධිරාජ්‍යයාගේ මරණින් පසු රජකම ගැනීමට බාධාවල් ඉවත් විය. මෙම ඝාතනය ඉතාම සැලසුම් සහගතව කර ඇත. ඉන්ද්‍රජිත්ගේ අවසානය හා හෙළ අධිරාජ්‍යයේ කඩාවැටීම සම්බන්ධයෙන් වර්තමාන සමාජයට උගත යුතු කරුණු ඇත. කොපමණ බලගතු අධිරාජ්‍යයක්‌ වුවත් දුර්වලකම පැන නැගෙන්නේ අභ්‍යන්තරයෙනි. සතුරාට එම දුර්වලකම ප්‍රයෝජනයට ගත හැක. වර්තමාන දේශපාලන වාතාවරණය මෙයට නිදසුනකි. අභ්‍යන්තර සතුරා පිට සතුරා මෙන් කිහිප ගුණයක්‌ බලගතුය. රාවන රාජධානියේ කඩාවැටීමට එය මුල්විය. අනෙක එවැනි රාජධානියක්‌ නැවත ගොඩගැනීමට ධනය, බලය, ඥනය තිබුණු ඉJද්‍රජිත්ගේ පෙළපත පවා දුර්වල විය. මෙම සියලු කතා වස්‌තූන්ගෙන් සඳහන් වනුයේ ඉJද්‍රජිත් සුවිශේෂි චරිතයක්‌ බවයි. ඉJද්‍රජිත්ගේ ක්‍රියාකලාපය රාක්‍ෂ පරපුරට වෙනස්‌ වූයේය. ඔහුගේ චාරිත්‍ර හා ඇදහිලි සාම්ප්‍රදායික රාක්‍ෂ ඇදහිල්ලට වෙනස්‌ වේ. මෙය ගැන රාවනා අධිරාජ්‍යා පවා අවලාද නැගූ බව රාමායනයේ සඳහන් වේ. තම බලය වර්ධනයටත් යුද ශක්‌තීන් දියුණු කිරීමටත් කාලය යොමුකිරීම ඉJද්‍රජිත්ගේ ප්‍රධාන කාර්ය විය. පුරාණ මූලාශ්‍ර විශ්ලේෂණයෙන් පෙනීයන්නේ ඉJද්‍රජිත්ගේ හැකියාවන් හා දක්‍ෂකම් ගැන ආරක්‍ෂක ඇමැති වූ විභීෂණට තර්ජනයක්‌ වූ බවයි. ඔහුගේ රාජ්‍ය ගැනීමේ අදහස මුදුන්පත් කර ගැනීමට ලොකුම තර්ජනය වූයේ ඉJද්‍රජිත්ය. මෙම නිසා පිය පුතු අතර ගට්‌ටන ඇතිකිරීම විභීෂණ කළේය. යුද්ධය පැරදවීමට ප්‍රධාන සාධකය වන්නේත් මොහුය. රාම - රාවනා යුද්ධය සම්බන්ධ මූලාශ්‍ර අධ්‍යයනයේදී යුද්ධයේ දුර්වලකම් මනාව පෙනේ. රාවන රජු විභීෂණ මත්තේ රැඳෙමින් ඔහුගේ උපදෙස්‌ පිළිපැදීම ප්‍රධාන දුර්වලකමයි. විශාල හමුදාවක්‌ හා ඉතාම දියුණු රාජ්‍ය පාලන තන්ත්‍රයක්‌ තිබුණු රාවනා හෙළ අධිරාජ්‍යය යුද්ධය කළ ආකාරය සෑහීමකට පත්විය නොහැක. යුද සම්ප්‍රදායක්‌a විදියට ඉදිරිපෙළ සටන් ක්‍රම භාවිත කළ යුතුව තිබිණි. සතුරාගේ දුර්වලම අවස්‌ථාව වන සේනා සංවිධානය වන ස්‌ථානය හා මුහුදු තරණයේදී ප්‍රහාරය කර සතුරා විනාශයට අවස්‌ථාව තිබිණි. සතුරා සංවිධානය වී තම මාලිගය ඉදිරිපිටට පැමිණෙන තෙක්‌ බලාසිටීම හාස්‍යජනක කාරණයකි. විභීෂණගේ පාවාදීම මෙම කරුණු විශ්ලේෂණයේදී මනාවට පැහැදිලි වේ. තම සතුරාගේ හැකියාවන් නොතැකීම රාවන අධිරාජ්‍යා කළ මහා අනුවණකමකි. මෙය ගැන විවාදයේදි ඉJද්‍රජිත් සේනාධිපතිතුමා අසුනෙන් නැගිට සභාවෙන් නික්‌ම ඇත. තම පියාණන් කළ වැරැදිවලට උපකාර නොකොට ඒ ගැන විවෘතව විවේචනය කිරීමට නිර්භීත වූ එතුමා තම අධිරාජ්‍යයට තර්ජනයක්‌ වූ සතුරු හමුදාව සංහාරයට නොපැකිලිව ඉදිරිපත් විය. ඉතාම තරුණ වියේදී පියාගේ සංග්‍රාමවලට නිර්භීතව ඉදිරිපත්ව සටන් පෙරමුණ ගත් මෙතුමා තම සතුරාගේ පවා ගෞරවයට භාජනය විය. යුද්ධය මැද කටයුතු වී තිබුණු අවස්‌ථාවේ අවතීර්ණ වූ මෙතුමා ඉතාම බැරෑරුම් ලෙස සතුරන් පසුබෑමකට ලක්‌කළේ රාම හා ලක්‍ෂ්මන දෙදෙනා නාග පාෂයෙන් බැඳීමෙනි. (භැමරද - එදංසබ) එතුමාගේ යුද දක්‍ෂකම මනාව දැන සිටි විභීෂණ අනපේක්‍ෂිත ප්‍රහාරයක්‌ එල්ල කොට එතුමා ජීවිතක්‌ෂයට පත්කළේය. රාමායනයේ සඳහන් පරිදි අවසන් සටනේදී ලක්‍ෂමන සමග සටන් කොට ඔහුව සිහිසුන් වන ලෙස ප්‍රහාරයක්‌ එල්ල කළේ තම අතේ වූ පූජා උපකරණවලිනි. ) (Lighting Strike) මහාචාර්ය වික්‍රමතුංග මෙම ලිපිය ශ්‍රී මද්දවාල්මිකි රාමායනය, තායි රාමායනය, අංකෝ මූලාශ්‍රය, යක්‍ෂ මූලාශ්‍ර ගන්ථ, ටිබෙටියන් මූලාශ්‍ර. හා තුල්සිදාස්‌ රාමායනය අධ්‍යයනයෙන් සකසන ලදී. ඉදිරියේදී රාමායනය පුරාවිද්‍යා සාධක හා විද්‍යාත්මක පසුබිම් පිළිබඳ දෙවන ලිපියක්‌ ඉදිරිපත් කිරීමට බලපොරොත්තු වෙමි. ඉන්ද්‍රජිත් කුමරුගේ පෞද්ගලික චරිත සම්බන්ධ සාධක දුර්ලභ අතර දැනට ලැබී ඇති තොරතුරු අනුව ඔහු සතුරන්ගේ ගෞරවයට පාත්‍ර වූ රාක්‍ෂ සෙන්පතියකි. ඔහු රාවන අධිරාජ්‍යයාගේ දුර්වලකම් නොකළ සත්‍යවාදී සෙන්පතියෙකි. එම නිසා පිය පුතු අතර කලහා ඇතිවීමට කරුණු විය. නිර්භීත නායකයෙක්‌ වූ ඔහු තම රාජධානිය වෙනුවෙන්, තම අධිරාජ්‍ය වෙනුවෙන්, කුමන කාරණයක්‌ වුවත් තම සේවය කිරීමට ඉදිරිපත් විය. සුලෝචනා දේවිය තම දරුවන් දෙදෙනා වන රවිශෛලාෂ කේවේසස්‌ථි අත හැර තම සැමියාගේ චිතකයට පැන සති පූජාව පැවැත්වීමට තරම් ඔහුට උතුම් කොට සැලකීහ. ඉන්ද්‍රජිත් සේනාධිනායකයන්ගේ යුද නිපුනත්වය හා ඔහුqqගෙන් රාක්‍ෂ හමුදාවට වුණු සේවය රාමායනයේ සඳහන්ය. ඉJද්‍රජිත්ගේ යුද හැකියාව මනාව අවබෝධ කරගත් රාමා ලක්‍ෂමන වෙත දැන්වූයේ දුෂ්කර කාර්යයක්‌ කළ බවයි. පුතා මැරුණු කල්හි දැන් රාවනාද මැරී ඇතැයි සිතමි. සතුරා මැරීමෙන් අද මම විජයග්‍රාහී ලීලාවෙන් පසුවෙමි. ඔබ ඔහුගේ දකුණත කපා දැම්මෙහිය. එය ඔහුගේ එකම පිළිසරණ විය. රාත්‍රි තුනකින් ඔහුගේ අවසානය සිදුකරන ලදී. අද මම සතුරන් රහිත තැනැත්තෙක්‌ වෙමි. රාවණ තවමත් වෙසෙතත් ගණන් ගතයුතු නැත. පුත්‍රයාගේ ඝාතනය අසා ශෝකජනක වූ නිවසෙන් පිටව යන්නාවූ රාවණ පහසුවෙන් මරා දමන්නෙමි. ලක්‍ෂමන, ඔබ මේ කාර්යය කළ කල්හි සීතාද, පෘථිවියද ලබාගනු ඒකාන්තය. (ශ්‍රී මද්වාල්මිකිගේ රාමායණය - 3 කාණ්‌ඩය - සිංහල අනුවාදය ජී. එස්‌. බී. සේනානායක 8.121) රාමායණය තුළ සතුරන්ගේ ගෞරවයට පාත්‍ර වූ චරිතයක්‌ වූ ඉJද්‍රජිත් ගැන රාමා දැනුවත් වූයේ අග්‍රස්‌ථි මහා සෘෂී ගෙනි. ඔහුට අනුව ඉන්ද්‍රජිත් ලක්‌ රජු වූවානම් රාවන මෙන් කිහිපගුණයක්‌ බලසම්පන්න වන බවයය. ඉන්ද්‍රජිත්ගේ මරණය කන වැකුණු රාවනා තෙමේ සිහිවිසඥ වීමත් ශෝකවීමත් රාමායනයේ සඳහන්ය. එයට අනුව රාවන තම පුත්‍රයා, අනාගත හෙළ - බ්‍රහ්ම/රාක්‍ෂ පෙළපතේ උරුමක්‌කාර හා බලගතු රාක්‍ෂ හමුදාවේ සේනාධිනායක ලෙස හැඳින්වීය. 03. තෙවැනි දිනයේ ඉJද්‍රජිත් රාම හා ලක්‍ෂමන ජීවතුන් අතර බව දැනගෙන "අග්නිහෝමය" පැවැත්වීමට ගියේය. මේ බව විභීෂණ චරපුරුෂයන් මගින් දැනගෙන එම ස්‌ථානය වැටලීය. ලක්‍ෂමන ආයුධ සන්නද්ධව පැමිණි අතර ඉJද්‍රජිත් යාග පවත්වන උපකරණවලින් සටන් කොට ලක්‍ෂමන සිහසුන් නැතිව වැටිනි. එවිට ආයුධ ගැනීමට යන විට ලක්‍ෂමන ඉන්ද්‍රජිත්ගේ හිස කඳෙන් වෙන් කළ බව පවසයි. ලක්‍ෂමන Aසබාර්sඑරු භාවිතා කළ බව පවසයි. (වැලිමිකි රාමායනය ජය 90 ඩැරිe 70 - උත්තර කාණ්‌ඩය) 02. ඉJද්‍රජිත් මේ දෙදෙනා ජීවත්වන බවට දැනගත් පසු එක්‌කෙනෙක්‌ හරි එදින මරණ බවට දිවුරුම් දිනි. මොහු විදුලියක වේගයෙන් ගොස්‌ ලක්‍ෂමනගේ ඉදිරියෙන් හා පසුපසින් ප්‍රහාර එල්ල කළහ. මොහුට බෙහෙත් කිරීමට රාවන වෛද්‍ය සුසේන (රාජකීය වෛද්‍ය) හනුමන් ඵදමබඑ Dය්ආdය්ර හිමාලයේ සිට ගෙන ආ බව කියයි. නමුත් Saබවසඩස්‌බස ඉදදඑයස ලංකාවේ පුලස්‌ථි ආයුර්වේද කැලෑවලින් ලබාගන්නට ඇත. සුසේන පළමුව බෙහෙත් කිරීමට පැකිලුනත් (සතුරාට) පසුව රාමාගේ වදන් අසා (වෛද්‍යවරයා මිතුරන් නෑ සතුරන් නෑ) ලක්‍ෂමන සනීප කළේය. 01. පළමු දිනයේ ඉතාම වේගයෙන් සටන් කළ ඔහු සුශ්‍රිවගේ හමුදාව සමූල ඝාතනය කළේය. ඉන්පසු රාවනා හා ලක්‍ෂමනට හැංගි නොසිට එළියට ඒමට කීවේය. මොවුන් දෙදෙනා නාගපාෂයෙන් බැන්දේය. ඉJද්‍රජිත්ගේ අවවාද අනුශාසනා රාවනා රජතෙමේ ඇසුවේ නැත. සීතා පැහැර ගැනීමට ඔහු විරුද්ධ විය. නමුත් යුද්ධය පැමිණි විට නොපසුබටව සටනට විය. ඔහුගේ යුද හැකියා රාමායනයේ සඳහන්වේ. ඉJද්‍රජිත් සටනට ආවේ ඔහුගේ සහෝදරයන් හා කුම්භකරණ සෙන්පති මැරුණු පසුයි. මොහු රාම සමග දින 3 ක්‌ සටන් කළහ. ඉJද්‍රජිත්ගේ හමුදාව රාවනගේ විශේෂ හමුදාවේ කොටසකි. මෙම හමුදාවේ හැකියාව පැහැදිලි වන්නේ ඉJද්‍රව පරාද කිරීමට 5000 ක සේනාවක්‌ යොදාගැනීමයි. මෙම රාක්‍ෂ හමුදාව ඉතාම දක්‍ෂ පාබල හමුදාවකින් සමන්විතය. මෙම හමුදාව මනාව පුහුණුකර තිබිණි. මෙයට අංගම් පොර කලාව, අවි හරඹ, කඩු සටන්, පොලු හරඹ, අශ්ව රෝහනය, ගුප්ත විද්‍යා ක්‍රම විය. මෙම හමුදාව ඉJද්‍රජිත් යටතේ වූ හමුදාවයි. මෙම හමුදාවේ ආරක්‍ෂක දේවතාවිය වූයේ නීකුම්භිලා දේවතාවියයි. (කාලි මාතාව) ශිව භක්‌තික වූ බ්‍රහ්මන - රාක්‍ෂ රාවනා අධිරාජ්‍ය මෙය අනුමත නොකළහ. මෙම වැඳුම් පිදුම් කරන එක්‌ ස්‌ථානයක්‌ බටහිර වෙරළේ ගල් ගුහාවක වූ බව සඳහන්වේ. මෙම ගුහාව මහා ජල ගැලීම් (රාවනා රජුගෙන් පසු) යට වන්නට ඇත. ඉන්ද්‍රජිත්ගේ සාම්ප්‍රදායික නොවන ක්‍රම හා ගුප්ත විද්‍යා ක්‍රියාකාරකම් නිසා ඔහු තම පියා වන රාවනා අධිරාජයාගේ උදහසට ලක්‌වී සිටියේය. මෙයින් වාසියක්‌ අත්කර ගැනීමට විභීෂණට (ආරක්‍ෂක ඇමැතිට) හැකිවිය. පිය පුතු වෙන්කිරීමෙන් තමන්ට රජකම ලබාගැනීමට විභීෂණ තැත් කරන්නට ඇත. හනුමාන් ලංකාපුරයටත් අශෝක වනයටත් ඇතුල් වී සීතා හමුවී ලංකාපුරය ගිනිතැබීම ආරක්‍ෂක විදි විධානවල දුර්වලකමකි. සියලු සෙන්පතියන්ට නොහැකිවුණු දෙය ඉන්ද්‍රජිත් "බුමස්‌ත්‍රය" යවා හනුමන් අල්ලා ගත්තේය. මෙයින් ඉන්ද්‍රජිත්ගේ යුද දක්‍ෂතාව පැහැදිලිවේ. රාම - රාවනා යුද්ධය තුළ මොහු කීප වර්ගයක විශේෂ ආයුධ භාවිත කළේය. ප්‍රධානතම ආයුධය "නාගපෂයයි". මෙයින් රාමා - ලක්‍ෂමන කිහිප විටක්‌ පරාජය කිරීමට හැකිවිය. මෙම විශේෂ ආයුධය නාග විෂවලින් සාදන ලදදකි. මෙය (වහනය කළ විට අංසභාගය සෑදේ. මෙවැනි ආයුධ බොනියෝවල ගෝත්‍රිකයන් වර්තමානය වනතෙක්‌ භාවිතා කරන්නේය. (කලේමාතාන් - ඉන්දුනීසියා) 05. අසීමිත සංඛ්‍යාවක්‌ සතුරන් නැසිය හැකි අවියක්‌. 04. පරාජය කළ නොහැකි දුන්නක්‌. 03. නොනිමෙන හී ඇති හියෝවුරක්‌. 02. අන්දකාරය මවා පෑමෙන් සටන ජයගත හැකි ක්‍රම. 01. අහසින් යන රථයක්‌ - සහස්‌ග්‍රැති. මහා බ්‍රහ්මයා විසින් ඉන්ද්‍රජිත් වෙත ඉතා බලගතු ආයුධ ලබාදී තිබිණි. ඉJද්‍රජිත් අල්ලා ගැනීමෙන් පසු ඔහුව නිදහස්‌ කර ගැනීමට පැමිණි බ්‍රහ්මයා විසින් මෙම ආයුධ ලබාදී දෙන ලදී. ඉන්ද්‍රජිත් සම්ප්‍රදායික ප්‍රතිපත්තිවලින් බැහැර ක්‍රියා පටිපාටියක්‌ අනුගමනය කළේය. ඔහු වන්දනා මාන කළේ නලන්දා නීලකුම්බල වනයට අධිපති නීලකුම්බිලා දෙවඟනයි. (කාලි මාතාව) වරක්‌ රාවන අධිරාජයා යුද්ධයක්‌ අවසන් කර පුත් කුමරු සොයන විට නීලකුම්බිලා වනයේ සිංහ හමක්‌ පොරවාගෙන යාච්ඥ පවත්වන මේඝනාද දුටුවේය. මෙය ගැන විමසන විට උශාන මහා සෘෂි පැවැසුවේ මේඝනාද මහා බලසම්පන්න සප්තවිධ යාගය කර ඇති බවයි. (අග්නිෂ්ටොම, අශ්ව මේධ, බහු, සුවර්ණක, රාජසුය, ගෝමේය, වෛණාව හා මණේෂ්වර) මෙම යාගයේ ප්‍රතිඵලයක්‌ හැටියට ඔහුට, ඉJද්‍රජිත්ගේ හමුදාව තවත් ශක්‌තිමත් කිරීමට ගුප්ත විද්‍යා ක්‍රම, යොදාගත් බව පුරාණ සංග්‍රාමවල දිගටම සඳහන් වේ. (සුර - අසුර යුද්ධ, විෂ්ණු - මල්‍යවත්ත යුද්ධය, රාම - රාවන යුද්ධය, මහාභාරත යුද්ධය) නමුත් මෙම සංග්‍රාම දිගටම ගුප්ත විද්‍යාවෙන් කළ බව පිළිගත නොහැකිය. මෙයට හේතු කිහිපයක්‌ වේ. පළමුව ගුප්ත බලවලින් යුද්ද ජය ගැනීමට හැකිනම් විශාල හමුදාවක්‌ නඩත්තුවට අවශ්‍ය නැත. උදා( රාවනා රජුගේ අශ්වරථ හමුදාව මිලියන 60 ක්‌ බව සඳහන්වේ. (රාමායනය - උත්තර කාණ්‌ඩය) මෙපමණ විශාල හමුදාවක්‌ අවශ්‍ය වන්නේ නැත. නමුත් විශේෂ ආයුධ හා ගුප්ත ක්‍රම මෙම යුද්ධයේ භාවිතා කර ඇත. රාම - රාවනා යුද්ධය තුළ විශේෂ ආයුධ භාවිතා කළ තැන් සඳහන් වේ. මෙම ආයුධ ප්‍රධාන සේනාධිපතියන් විසින් භාවිතා කර ඇති අතර සාමාන්‍ය භටයන් සම්ප්‍රදායික ආයුධ යොදාගෙන ඇත. Ceකැsඑස්‌ක ආයුද කිහිපයක්‌ ඉන්ද්‍රජිත් විසින් යොදාගෙන ඇත. ඉJද්‍රජිත්ට ත්‍රි - මුර්ති බලය ඇති අවි ආයුධ තිබිණි. මෙයට අධි බලැති විශ්ව ආයුධ Ceකැsඑස්‌ක වන බ්‍රහ්මස්‌ත්‍රය (බ්‍රහ්ම ආයුධය), පසුජප්පට්‌ටස්‌කත්‍රය (ශිව ආයුධය) හා වෛශනවසත්‍රය (විෂ්ණු ආයුධය) අයිති විය. මෙම හේතූන් නිසා ඔහුව සූදානමට පෙර අල්ලාගත යුතුය. රාමායනයේ සඳහන් පරිදි ඉJද්‍රජිත්ව නිකුම්භිලා වනයේදී ප්‍රහාර කොට විනාශ කළේ මේ නිසාය. 02. ඉන්Jද්‍රජිත්ගේ යුද හැකියාව 01. ඔහුගේ හමුදාව යුද්ධයට සූදානම්ව යුද පෙරමුණට ගිය පසු යුද පිටියේදී ආයුධ, සටන් ක්‍රම, පුහුණුකරු අතින් අනූන වීමයි. ඉන්ද්‍රජිත්ගේ විශේෂ හමුදාවට විශේෂ පුහුණුවීම් ලබාදී සියලු ආයුධ සමග සටන් කිරීමටත්, අංගම් පොර සටන් කලාවත් පුහුණුවීම් ලබාතිබිණි. මෙය වර්තමානයේ විශේෂ කමාන්ඩෝ බලකායට සමානය. ඔහුගේ හමුදාවේ හැකියාවන් රාමායනයේම සඳහන් වේ. යුද පසුබෑමකදීම ඉJද්‍රජිත්ගේ රාක්‍ෂ හමුදාවේ රාවන හා ඔහුගේ සේනාධිපතියන් බේරාගැනීමට ඉදිරිපත් වී ඇත. ඔහුගේ හමුදාවට දිවා රාත්‍රි දෙකෙහිම සටන් කිරීමට හැකියාව තිබීම විශේෂත්වයකි. මෙම මනාව සංවිධානය වූ විශේෂ හමුදාව මෙහෙයවීමට ඉJද්‍රජිත් පැමිණියේ "සහස්‌ග්‍රාති" නම් යුද රියෙනි. මෙම රියෙන් යුද පිටියට පැමිණි විට ඔහු පැරදවිය නොහැකි බව සඳහන්ය. මෙයට හේතු කිහිපයක්‌ ඇත. ඉන්ද්‍රජිත් විශේෂ හමුදාවේ ප්‍රධාන ආභරණ හා ඇඳුම් ගැන සැලකූ විට භයානක ප්‍රතිරූපයක්‌ නිරූපණය කරයි. ප්‍රහාරයට ප්‍රථම තම යුද මානසිකත්වය වැඩිකර ගැනීමට සතුරාට බැණවැදීම් හා කෑ කෝ ගැසීම් කරනු ලබයි. අශ්වාරෝහක ප්‍රහාරයට ප්‍රථම යුද පිටියේ දූවිලි අවුස්‌සා සතුරු හමුදාවට නොපෙනෙන්නට සලස්‌වයි. මෙම දූවිලි ඇවිස්‌සීම කොළ අතු ඇදගෙන ගොස්‌ සිදුකරයි. සතුරු හමුදාවට කිසිදෙයක්‌ නෙපෙනෙන අතර විශාල ඝෝෂාවක්‌ හා කන් අඩි පැලෙන සක්‌හඬ පමණක්‌ ඇසේ. එකවර අශ්වයන් පිට උඩ යන විරුපී වෙස්‌ මුහුණු බැඳගත් සත්ව හම් පොරවා ගත් රාක්‍ෂ අසරුවන් කෑගසාගෙන පනිනු ලැබේ. මෙසේ ලොමුදැහැගන්වන සුලු ප්‍රහාරයක්‌ දියත් කිරීමෙන් ඕනෑම සතුරු හමුදාවක්‌ විනාශ කිරීමට හැක. වේගවත් ප්‍රහාරයට මිනිසුන් බියවන්නේ කොතනට වදීද නොදන්නා නිසාය. එලෙසම ප්‍රහාරයක්‌ දියත්කිරීමට අශ්වා රෝහක හමුදාව යොදා ගත හැකිය. මෙම බියවද්දා මානසිකත්ව බිඳදැමීම ඉවහල් වන ඇඳුම් කට්‌ටලයක්‌ ඇඳීමට ඉJද්‍රජිත් විශේෂ හමුදාව යොදාගත්තේය. මෙයට දැනට භාවිතා වන නැටුම් කලාවට සම්බන්ධ වෙස්‌ නැට්‌ටුවාට සමාන වෙස්‌ ඇඳුමක්‌ යොදාගෙන ඇත. දැනට තිබෙන වෙස්‌ නැටුම්වල හා උඩරට නැටුම්වල යොදන ඇඳුම් හා ආභරණ යුද ඇඳුමකට සමානකම් දක්‌වයි. මෙවැනි ඇඳුම් ඇඳ භයන්කාර වෙස්‌ තට්‌ටුවක්‌ ඇඳීමෙන් සතුරු හමුදාවේ මානසිකත්වය බිඳ දමනු ලබයි. පළමුව අශ්වාරෝහක හමුදාව යවා සතුරාගේ යුද මානසිකත්වය බිඳ දමා ඔවුන්ගේ සටන් මෙහෙයුම් බිඳ දමයි. ඉන්පසු සතුරු හමුදාව විසිරෙන විට පාබල හමුදාව යොදා සතුරා විනාශ කරයි. මෙම පාබල හමුදාව කොටස්‌ දෙකකට බෙදිය හැක. එම කොටස්‌ දෙක නම් සැහැල්ලු භටයන් සහ සන්නද්ධ භටයන් පළමු ප්‍රහාරය සන්නද්ධ භටයන් යොදවා සතුරු සටන් භටයන් යොදවා සටන් මෙහෙයුම් විනාශ කරන අතර සතුරු අශ්වා රෝහක හමුදා ප්‍රහාර ව්‍යවර්ථ කිරීමටත් යොදාගනී. ඔවුන්ගේ ප්‍රධාන ආයුධ වන්නේ දිග තෝමරයයි. සැහැල්ලු භටයන් ආත්ම ආරක්‍ෂක ආයුධ ලෙස කඩුව, පලිහ, තෝමරය යගදාව යොදාගනී. මෙම භටයන් සතුරු හමුදාව ලුහුබැඳ කඩු ගැමට යොදාගනී.

මහාචාර්ය වික්‍රමතුංග(උපුටා ගැනීමකි-www.divaina.com)


Thursday, July 7, 2011

රාවනා සහ වීරකාව්‍ය ඉතිහාසය.





ඉන්දීය ඉතිහාසය තුළත් වර්තමානය තුළත් මහාභාරතය සහ රාමායණය යන වීරකතා දෙකට අද්විතීය තැනක්‌ හිsමිව ඇත. එය කොතෙක්‌ද යත් තනි පුද්ගලයකුගේ රචනා වූවත් නැතත් ඒවාට හිමි වටිනාකම අනුව ජාතියේම හවුල්වීමකින් සකස්‌ කළා වැනිය.


රාමායනය ලේඛනගත කළ යුගය පිළිබඳ බොහෝ මතවාද ඇත. නමුත් ක්‍රි.පු. 6 වන සියවස බුද්ධ කාලය වන විට සම්පූර්ණයෙන් නිමාවූ පාටලීපුත්‍ර නගරය ගැන හෝ සොළොස්‌ මහා ජනපද ගැන හෝ සටහනක්‌ වීරකාව්‍යවල නැත. එම නිසා පාටලීපුත්‍ර නගරය ඉදිකළ යුගයට පෙර රාමායනය ලියවී ඇති බව පිළිගනී. එසේම එහි ආරම්භය බ්‍රාහ්මණ ග්‍රන්ථවල යුගයට සීමා කළ හැක. මේ නිසා සැකයකින් තොරව බ්‍රාහ්මණ ග්‍රන්ථ ලියූ ක්‍රි.පූ. 900 ත් බුද්ධ කාලය වූ ක්‍රි.ව. 600 ත් අතර වීරකාව්‍ය දෙකම ලියවී ඇති බව සැලකෙයි.


මහාභාරතය සහ රාමායණය යන වීරකතා දෙක ප්‍රබන්ධකර ඇත්තේ සෘග් වෛදික දේව පුරාණය පදනම් කරගෙන බවට ප්‍රබල මතයක්‌ ඇත. එය සත්‍ය වුවහොත් එම වීරකතා ඉතිහාසය වටිනාකමට කුමක්‌වෙයිද? අර්ජුන සහ රාම වැනි සද්ධර්මය වෙනුවෙන් යුද වදින මහා වීරයන් සෘග් යුගයට ද අයත්ය. මේ පිළිබඳ ඇති විද්වත් මත කීපයක්‌ මෙසේය. මහාභාරතයේ “අර්ජුන” රාමායණයේ රාම බැව් ආර්. සී. දත්ත ප්‍රකාශ කරයි. සෘග් වේදයේ මනු ද රාම ම බැව් ජැකොබ් පවසයි. (නුවණ, 1998 දෙසැම්බර් 1 වෙළුම 9 කලාපය, 248 පිටුව) ප්‍රාග් වෛදික යුගයේ ආගමික වශයෙන් බලපෑ අදහස්‌ පසුකාලීනව වෙනත් මුහුණුවරකින් කාව්‍යාලංකාර ලෙස ඉදිරිපත් කිරීමෙන් වීරකාව්‍ය නිර්මාණය වූවාද යන්න සෙවිය යුතුය. මහා භාරතය පුරාණ ඉන්දීයන්ගේ කුඩා ජතකතාවකින් සකස්‌ කරගත් බවට හොප්කින්ස්‌ගෙන්ද තවත් ප්‍රබල මතයකි. හොප්කින්ස්‌ගේ මේ මතය අනුව මහා භාරතයට මුල් වූයේ භාරතී කතා නම් කුඩා කතාවකි. (W. Hopmins great epic of india 397) මේ නිසා ආර්යයන් ඉන්දියාවට ඇතුළු වෙත්දී ගෙනා ජනකතා වලින් මහා කාව්‍යය සකස්‌ කළ බවට පැහැදිලි ඉඟියක්‌ සපයයි. මහා භාරතයේ ඓතිහාසික අගය ප්‍රතික්‍ෂේප කරන බෂාම්, අමතරව අවධාරණය කර ඇත්තේ මහා භාරතයෙන් තමා ඉදිරිපත් කරන යුගයට වඩා බෙහෙවින් වෙනස්‌ යුගයක තොරතුරු පවතින නිසා එය ඉතිහාසයට අදාළ කිරීම අසීරුව පවතින බවයි. මහාභාරතය තුළ රාමායන කතාව ඇතුළත්ව ඇති නිසා මහාභාරතය ලියූ පුද්ගලයන් රාමායනය දැන සිටින බව බෂාම් වැඩිදුරටත් පැහැදිලි කරයි. (අසිරිමත් ඉන්දියාව 517) ක්‍රි.පු. 1500 ට ආසන්න යුගයක ආර්යයන් ඉන්දියාවට ඇතුළු වෙත්දීම වීරකාව්‍ය දෙක දැනගෙන සිටියේද එසේ වනවානම් ලෝකය පුරා සිටින වෙනත් ආර්ය ජනතාවන්ටද මහාභාරතය සහ රාමායන වැනි වීරකාව්‍ය නැද්ද?


හෝමර් නමැති ශ්‍රික ජාතික කවියා ප්‍රබන්ධ කළ “ඉලියඩ්” සහ ඔඩිසි” යන වීර කාව්‍ය දෙකක්‌ ඉංග්‍රීසියේ ඇත. ඉලියඩ් හා ඔඩිසි වීරකාව්‍ය දෙක “රාමායනය” සහ “මහා භාරතය” යන ඉන්දිය වීරකාව්‍යවලට කතා සාරය අතින් ඉතා සමානය. මෙම සමානකමට හේතුව කුමක්‌ද? මෙයට පිළිතුරු සොයාගැනීම තුළින් මුළු මහත් වීරකාව්‍යවලට පදනම සහ ඉතිහාසය වෙනතක යවන බව නිසැකවම කිව හැකිය.


ග්‍රීසීයේත් ඉන්දියාවේත්, අතරමැද පර්සියාවේත් ජනයා ශරීර ප්‍රමාණයෙන් හා බාහිර පෙනුමෙන් සමරූපීය. ඔවුන්ගේ භාෂාවේ මූලික වචන ද සමානය. මෙයට අමතරව සංස්‌කෘතිය, ග්‍රීක, ලතින්, ජර්මන්, ඉංග්‍රීසි, පර්සියන්, සිංහල ආදි භාෂා කතා කරන ජනයාගේ පුරාණ ඇදහිලි සහ ඥති සබදතා සහ සංස්‌කෘතික කටයුතුවලට මූලිකවූත් පදනම් වූත් බොහෝ මූල වචනවල වාග්විද්‍යාත්මක සමානකම්ද හෙළිවිය. මෙයට හේතුව, යුරෝපයේ සහ ආසියාවේ ග්‍රීක්‌, ලතින්, ජර්මන්, පර්සියා, සංස්‌කෘත භාෂා කතාකරන්නන්ගේ මුතුන් මිත්තන් කිසියම් දුරාතීතයක එකම ප්‍රදේශයක එකම ගෝත්‍රයක්‌ ලෙස ජීවත්වීමයි. යුරෝපයේ සහ ආසියාවේ ආර්යයන් යම් අවධියක එකම ප්‍රදේශයක වාසය කළේද එතැන “මාතෘ ආර්ය භූමිය” ලෙස හැඳින්විය. එය කැස්‌පියන් මුහුද අසල ප්‍රදේශයකි. පසුව එම ගෝත්‍රය දෙකට බෙදී යුරෝපයට සහ ආසියාවට සංක්‍රමණය වී ඇත. ආර්යයන් මුලින්ම (බෙදීයාමට පෙර) කතා කළ භාෂාව ප්‍රාග් ඉන්දු යුරෝපීය භාෂාව” (Photo Indo – European Langugde) ලෙස හඳුන්වයි මේ ඇසුරින් ප්‍රාග් ඉංදු- යුරෝපීය භාෂාව සංවර්ධනය වී ලතින්, ජර්මාන්, පර්සියා, ග්‍රීක්‌ සහ සංස්‌කෘතික භාෂා ඇති විය. මෙලෙස භාෂාවේ මෙන්ම නූතන ඉංදු යුරෝපීය ආර්යයන් බෙදීයැමට පෙර පොදුවේ භාවිත කළ වීරකාව්‍ය සාහිත්‍යය තිබුණේද? තිබුණේ නම් එය “ප්‍රාග් ඉන්දු යුරෝපීය වීරකාව්‍ය සාහිත්‍යයක්‌ ලෙස හැඳින්විය හැකිය. ග්‍රීක ආර්යයන් (ඉලියඩ් සහ ඔඩිසි) ග්‍රීසියේදීත් ඉන්දු ආර්යයන් (රාමායනය සහ මහා භාරතය) ඉන්දියාවේදීත් රචනා කර වීරකාව්‍ය සාහිත්‍යයක්‌ ගොඩනැගුවේ ප්‍රාග් ඉංදු යුරෝපීය වීරකාව්‍ය සාහිත්‍යයක්‌ ඇසුරින් බව සිතීමට ප්‍රමාණවත් සාධක සහ සමානතා මෙම වීරකාව්‍ය යුගල දෙකේ තිබේද? යම් ලෙසකින් එය සනාත වුවහොත් වීරකාව්‍ය යුගල දෙකටම පදනම් වූ සත්‍ය ඉතිහාස සිදුවීමක්‌ තිබුණත් ඒවා අදාළ වන්නේ කැස්‌පියන් මුහුqදු අසල ප්‍රදේශයකටයි. ඒ අනුව රාමායනයේ සහ මහාභාරතයේ සිදුවීම සහ චරිත කිසිසේත් ඉංදිය භූගෝලීය සීමාවට අයත් නැත. එම වීරකාව්‍ය සාහිත්‍යයේ සිදුවීම් සහ චරිත ඉන්දියාවට සැතපුම් දහස්‌ ගණනක්‌ ඈත කැස්‌පියන් මුහුද අවට භූගෝලීය සීමාවට අයත් විය යුතුය. මේ සඳහා වීරකාව්‍ය යුගල දෙක සමානද යන්න තුලනාත්මකව විග්‍රහ කර බලමු.


ග්‍රිSක මහා කවි හෝමර්ගේ ඉලියඩ් වීරකාව්‍යයේ කතා සාරය මෙසේය.


ස්‌පාර්ටාවේ මෙනෙල්අස්‌ කුමරුගේ ආගන්තුකයෙකු ලෙස, ට්‍රොaයි පුරයේ ප්‍රියම් අග රජුගේ පුත් පැරිස්‌ පැමිණෙයි. නමුත් මෙනෙලෙස්‌ට හදිසි මුහුදු ගමනක්‌ යැමට සිදුවෙයි. අතරතුරදී පැරිස්‌ කුමරා හෙලන් කුමරිය පැහැරගෙන ට්‍රොaයිවලට යාත්‍රා කරයි. හෙලන් යනු මෙනෙලෙස්‌ගේ බිරිඳයි. ආපසු පැමිණි මෙනෙලෙස්‌ කුමරා හෙලන් ආපසු ලබා ගැනීමට යුද්ධ කරයි. මෙනෙලෙස්‌ගේ ග්‍රීක පාර්ශ්වය මෙහෙයවන්නේ මෙනෙලෙස්‌ගේ සොයුරු ඇගමෙම්නොන්ය මුළු ග්‍රීසියේම මිතුරන් වූ අසල්වැසි රටවල් විශාල ගණනාවක ඒකාබද්ධ හමුදාවක්‌ ග්‍රීකයන් එකතුකර ගනී. එහි නායකත්වය සත්කීර්තිමතෙකු වූ යුලීසස්‌ ය. මහාවීරයෙකු වූ ඇවිලිස්‌ යෝධ බලැති ඇජැක්‌ස්‌ දෛවෝපගත දීයෝමෙඩීස්‌ ඥණවෘද්ධ නෙස්‌ටල් යන ප්‍රධානීන් පස්‌ දෙනාය.


පැරිස්‌ගේ ට්‍රොaයි පාර්ශ්වයට හෙක්‌ටර් නමැති ප්‍රියම් රජුගේ පුත්‍රයකු නායකත්වය දෙයි. මෙම මහා සෙනගට ට්‍රොaයි අවට සුවිශාල රාජධානි ගණනාවක්‌ම ආධාර සේනා එවයි. දෙවියෝද දෙපැත්තෙන් එක්‌ පැත්තක්‌ ගනී. යුද්ධය දේවයා ට්‍රොaයි පාර්ශ්වයටද සමුද්‍ර දේවයා යවන පාර්ශ්වයටද උපකාර කරයි. වසර ගණනක්‌ යුද්ධය ඇදීයයි. පරම අහිංසක පූජකයෙකු වූ ක්‍රයිසියිගේ දුවට ග්‍රීක පාර්ශ්වයේ ඇගමෙම්තෙන්ගෙන් අසාධාරණයක්‌ වෙයි. මේ නිසා මහා රණ ශූර ඇචිලිස්‌ ඔහු සමග මත ගැටුමකින් ග්‍රිSක පිරිස හැරයයි. නමවන වසර අවසානයේ දී පැරිස්‌ හා මෙනලෙස්‌ අතර ද්වන්ධව සටනකි. ජයග්‍රාහකයාට හෙලන් අයිතිවිය යුතු බව සටනේ කොන්දේසියයි. සටනින් පැරිස්‌ පරාජය වෙයි. නමුත් ගිවිසුම කඩ කරයි. යළිත් දෙපක්‌ෂය යුදවදී ග්‍රීකයන් බලවත් පරාජයකට ළඟාවෙයි. ග්‍රීක පාක්‌ෂික දෙවිවරුන්ගේ මැදිහත් වීමෙන් ඇවිලිස්‌ ආපසු සටහන එකතු වෙයි. දහඅට වසරක්‌ අවසානයේදී ට්‍රොaයි පාර්ශ්වයේ මහ සෙන්පති වූ හෙක්‌ටර්, ආචිලීස්‌ අතින් මිය යයි. ග්‍රීකයන් ජයගත් බැවින් හෙලන් කුමරිය මෙනෙලෙස්‌ කුමරාට ආපසු බාර දෙයි. නැව්වලින් ජයග්‍රාහක පිරවර ආපසු ග්‍රීසියට ළඟා වෙයි.


ඉලියඩ් කාව්‍යයේ සහ මහාභාරතයේ සමානතා


මහාභාරතය තුළ රාමායණය ඇති සේම ඉලියඩ් කතාව තුළ ඔඩිසි කතාව දැකිය හැකිය. මහාභාරතයේ ප්‍රධාන වීරයන් පස්‌දෙනෙකි. ඔවුන් වන්නේ යුධීස්‌වර අර්ජුන, නකුල, සහ හීම, දේව යන පස්‌දෙනයි. ඉලියඩ්හි වීරයන් වන්නේ යුලීසස්‌, ඇජැක්‌ස්‌, නෙස්‌ටර්, ඩියෝමෙඩෙස්‌, ඇචිලීස්‌ යන අය ගේ නම් පවා යුගල වශයෙන් ගත් කළ මහා භාරතවීරයන්ට සමාන වේ. මහා භාරතයේ දෞපදී කුමරිය මෙන්ම හෙලන් කුමරිය ද පිටුවහල්ව සටනකට මැදිවී කල් ගත කරයි. දෞපදී කුමරිය සහෝදරයන් සියලු දෙනාම බලාපොරොත්තු වීම නිසා සොහොයුරන් අතර සටනක්‌ ඇතිවීම වැළැක්‌වීම සඳහා ඔවුන් සියල්ලන්ටම පොදු භාර්යාව විය. මෙලෙස ඉලියඩ්හි Agememnon හා Achiles වීරයන් එකම යුවතියක්‌ නිසා අරගලයක්‌ කරයි. අර්ජුන ඇතුළු පිරිස වසර 13 ක්‌ පිටුවහල්ව සිට ඊළඟ වසරේ රාජ්‍යය දීමට දුර්යෝධන පොරොන්දු වී එම පොරොන්දුව කඩ කිරීම නිසා මහා සටනක්‌ ඇති වෙයි. ඉලියඩ් හිද පැරිස්‌ හා මෙනෙල්ස්‌ අතර ද්වන්ධව සටනෙන් ගැටලුව විසඳුවද පැරීස්‌ගේ පාර්ශ්වය ගිවිසුම කඩකර මහා සටහන් පටන් ගනී. මහා භාරතයේද, ඉලියඩ්කාව්‍යයේද ජයග්‍රාහක වූ වීරයන් පස්‌දෙනාගේ පාර්ශ්වය සමාන වේ. ඔඩිසිහි දේව වර්ගයා (Corons) කොරොන්ස්‌ පුත්‍ර ලෙස හැඳින්වීම හා මහා භාරතයේ කුරු වංශය අතර ද විශාල සමානකමකි.


හෝමර්ගේ ඔඩිසි (වීර චාරිකාව) වීරකාව්‍යයේ කතා සාරය මෙසේය.


මෙය ඉලියඩ් කාව්‍යයටම බද්ධ වූවකි. ට්‍රොaයි සටහන ඉතාකා දේශයෙන් පැමිණි ඔඩිසියස්‌ නම් වීරයා ආපසු යද්දී කැලිප්සෝ නම් මුහුqදු කින්නරාවියක විසින් දූපතක සිරකර ගනී. ඔඩිසියස්‌ ගේ පෙන්ලොප් (ඡැබැකදචැ) නම් රූපසුන්දරියක වූ බිරිඳ පරම පතිවෘතාවයෙන් ඔඩිසියස්‌ එනතුරු වසර ගණනාවක්‌ බලාහිඳියි. ග්‍රීක පිරිස ඔහුගේ (ඔඩිසියස්‌) සිරගත කිරීම නොදනී. එකැස්‌ යක්‌ෂයන්ගේ දූපතකදී පොලිප්හෙමිස්‌ නම් නායකයාගේ එකම ඇස ඔඩිසියස්‌ අන්ධ කිරීම නිසා මේ සිරගත කිරීමට ඔවුන්ට පක්‌ෂ දෙවිවරු ද උපකාර කරයි.


දේව සභාව රැස්‌වී කාලිප්සියෝට පණිවිඩයක්‌ යවමින් ඔවිසියස්‌ නිදහස්‌ කරන ලෙස ඉල්ලයි. පණිවිඩකරු හාමර් ඔහු පණිවිඩය ගෙන යන්නේ කඳු පර්වත දෙදරවා අහසට පැන අහසේ යන අතරතුරදී විශාල සිරුරු සහිත යක්‌ෂණියක්‌ බාධා කරයි. හාමර් ඔවුන් විනාශ කර කාලිප්සියෝට පණිවිඩය කයයි. නිදහස ලැබූ ඔඩිසියස්‌ අතර මැද ෆිනිසියන් රජවරු හා නොයෙක්‌ දෙවිවරුන්ගේ උපකාර ලබමින් සිය රටට එයි. මේ අතරතුර පවතින රකින ඔහුගේ දේවිය වසර ගණනාවක්‌ පුරා සරණාපේක්‍ෂක අසල්වැසි කුමරුන්ගෙන් පීඩා විඳී. තෙලිමැවස්‌ නම් ඇගේ පුත්‍රයා ඔවුන්ට විරුද්ධව කටයුතු කර පෙන්ලොප් රැකගනියි.


ඔඩියස්‌ට උපකාර කරන දෙවිවරු කොරොනොස්‌ පුත්‍රයන් ලෙසින් හඳුන්වයි. මහ දෙවිගේ උපකාරයෙන් ඔඩිසි වෙස්‌වලාගෙන තම රාජධානියට ඇතුල් වෙයි. මේ අතරතුරදී සරණාපේක්‌ෂක අනතන්යුස්‌, යුරිමාවස්‌ වැන්නවුන් ස්‌වයං වරයකින් ඔවුන් අතරින් කෙනෙකු තෝරා ගැනීමට බල කරයි. අවසානයේදී ඔඩිසියස්‌ගේ පුත්‍ර තෙලිමාවස්‌ තරුණයා වෙස්‌මාරු කරවාගෙන ඔඩිසියස්‌ද ස්‌වයංවර පැවැත්වෙන තැනට ගෙන එයි. මෙම සරණපේක්‌ෂක තරුණයන්ගෙන් ගැලවීමට සිතු පැතිලෝපා ලෝකයේ කිසිදු රණශූරයකුට විදිය නොහැකි දුන්නක්‌ පෙන්වා එයින් විදින තැනැත්තා සමග විවාහ වන බව කියයි. තරුණයන් මෙයට අසමර්ථ වනමුත් මහල්ලකුගේ වේශයෙන් සිටි ඔඩිසියස්‌ දුන්නෙන් විදී. එයින් විදිය හැක්‌කෙ ඔහුට පමණි. තරුණයන් මරා දමා ඔඩිසියස්‌ කුමරිය හා රාජ්‍යය අත්පත් කරගනී.


ඉලියඩ් කාව්‍යයේ සහ රාමායනයේ සමානතා


රාමායනයේ සීතා පැහැර ගැනීම හා ඉලියඩ් කාව්‍යයේ හෙලන් පැහැර ගැනීම සමානය. රාමායනයේ සීතාගේ අති පිවිතුරු පතිවෘතාවය හා ඔඩිසිකාව්‍යයේ පැනිපෙලෝප්ගේ පතිවෘතාවය එකසේ සමානය. රාමගෙන් යක්‌ෂ ගෝත්‍රිකයන්ට අසාධාරණයක්‌ වීම නිසා සීතා සිර කිරීම හා ඔඩිසියස්‌ එකැස්‌ යකුන්ට අසාධාරණයක්‌ කිරීම නිසා දූපතක සිරකිරීම සමාන වේ. අහසින් ගොස්‌ දූපතකට පණිවිඩ ගෙනගිය හනුමාගේ ගමන් විස්‌තරය හා දූපතකට පණිවිඩය ගෙන යන ඔඩිසි කාව්‍යයේ හාමගේ ගමන් විස්‌තරය හා නම් දෙක පවා සමානය. මීට අමතරව දරුවකු සමග පැනිලොපාගේ පතිභක්‌තිය හා ඔඩිසියස්‌ ගේ අප්‍රමාණ දුක්‌ කරදර විඳිමින් බිසව සොයා ඒම මහාභාරතයේ අතුරු කතාවක්‌ වූ නල දමයන්ති කතාවේ නල කුමරාගේ ගමනට සහ දමයන්තිය ගේ ඉරණමට සමානය.


සීතාගේ පතිවෘතාව වෙනුවෙන් සටන් කරන විභීෂණ හා ඔඩිසියස්‌ හි ඔඩිසිගේ පුත්‍ර තිලිමාවස්‌ගේ කාර්ය සපුරා සමානය. සීතා සොයා මුහුදු ගමනකින් එන රාම හා පැතිලෝපා සොයා එන ඔඩිසිගේ ගමන සමානය. එනම් ස්‌ව පක්‌ෂයේ සේනාවක සහාය නැත. දෙවිවරු හා අදෘෂ්‍යමාන බලවේගවල බාධා හා උපකාර ඇත. එසේම රාමායනයේ රාම සේද, ඔඩිසියස්‌ ද ස්‌යංවරයකදී තම බිරිඳ දිනාගනි. මෙම ස්‌යංවරයේ මහා දනුද්ධර යුධයකදී අසාමාන්‍ය දුන්නකින් රාම මෙන්ම ඔඩිසියස්‌ද විදියි. රාමායනයේදී රාමාද ඔඩිසියස්‌ ද තම බිරිඳ අවසානයේදී දිනාගනී. වීරකාව්‍ය යුගල දෙකේම යුරෝපීය සහ ඉන්දු වෙනස පුද්ගල නාම කීපයක්‌ සහ භූගෝලීය විස්‌තරවල පමණි. කතා සාරය එකක්‌මය. එක කතාවක්‌ ප්‍රධාන කතාවක දෙවන කොටසකි. මේ කතා දෙකටම පොදු වූ කුඩා මුල් වීරකතා දෙකක්‌ තිබෙන්නට ඇත. මූලික සමානකම් අනුව එම (Photo Indo – European epies) දෙකෙන් ප්‍රාග් ඉන්දු යුරෝපීය ජනකතා දෙකක්‌ ප්‍රතිනිර්මාණය කළ හැකිය.


1. ස්‌වකීය උරුමයන් නොලැබීම මුල් කරගත් වීරයන් පස්‌දෙනකු උරුමය ලබාගැනීමට එකාබද්ධ හමුදාවක්‌ මෙහෙයවයි. ප්‍රතිපක්‌ෂයද පුළුල් ඒකාබද්ධ හමුදාවක්‌ මෙහෙවයි. මෙලෙස එකම ගෝත්‍රය යටතේ රාජධානි ගණනාවක්‌ මහා යුද්ධයක්‌ කරයි. දේව උපකාර ලබන යුක්‌තිය වෙනුවෙන් සටන් වදින වීරයන් පස්‌ දෙනාත් ඔවුන්ට සම්බන්ධ කාන්තාවත් අවසානයේදී ජයගනී. සෘග්වේදයේ පුරු- භරත ගෝත්‍ර දෙක අතර සටන මෙනි. එම සටන පසුකාලයේදී මහාභාරතය ලෙස ප්‍රසාරණය කර ඇති බව පෙනෙයි.


2. යුක්‌තිධර්මය ශක්‌තිය කරගත් වීරයෙකු විසින් ධනුද්ධර යුද්ධයක්‌ සහිත ස්‌යංවරයකදී රූප සුන්දරියක්‌ දිනා ගනී. පරම පිරිසිදු පතිවත රකින ඇය සැමියා කළ වරදකට පළිගැනීමක්‌ සඳහා පැහැර ගනී. දෙවිවරුන් ඔහුට උපකාර කරයි. සැමියා ඇය සොයා අති දුෂ්කර ගමනක්‌ එයි. අහසින් ගමන් කරන පණිවිඩකරුවන්, දෙවිවරුන්, යක්‌ෂයන් කුමරිය බේරා ගැනීමට යන ගමනට සම්බන්ධ වෙති. පතිවත රකින ස්‌ත්‍රිය වීරයා විසින් බේරාගෙන තම රටට ගෙනයයි. මොහු (රූප සුන්දරියගේ සැමියා) යුක්‌ති ධර්මයේ දෙවියා හා සමාන ධර්ම නීතිය වෙනුවෙන් දඬුවම් කරන්නෙකි.


අදට වසර හාරදහස්‌ පන්සීයට පෙර නූතන ඉන්දියානුවන් සහ ගී්‍රක ජාතිකයන් ගේ මුතුන් මිත්තන් ද පර්සියානුවන් සහ ජර්මන් මුතුන් මිත්තන් ද එකම ප්‍රදේශයක, එක ගෝත්‍රයක්‌ ලෙස ජීවත් විය. ඔවුනොවුන්ගේ භාෂාවලත් ආගම්වලත් ජනකතාවලත් මේ සමානකමේ සෙවනැල්ල වැටී ඇත. මෙලෙස එක ගෝත්‍රයක්‌ ලෙස වාසය කළ ප්‍රදේශය (මාතෘආර්ය භූමිය) නැතහොත් දකුණු කැස්‌පීයන් ප්‍රදේශයත්, ස්‌ටෙප් භූමියත් අතර ප්‍රදේශකදීය.


මහා භාරතය හා ඉලියඩ් යුගලයත් රාමායනය හා ඔඩිසි යුගලයත් එකම ප්‍රාග් ඉන්දු යුරෝපීය ජනකතා දෙකක්‌ පදනම්ව ප්‍රබන්ධකර ඇති බව පෙනෙයි. ඉන්දු ආර්යෝ මෙය ඉන්දියාවට අදාළව නොයෙක්‌ වෙනස්‌කම් කළහ. එහිදී ඉන්දිය භූගෝලීය විස්‌තර හා සමකාලීන පුද්ගල නාම හා දේව නාම, සෘෂිවරු එයට සම්බන්ධ කරන්නට ඇත. ග්‍රීකයන්ද සමකාලීන ග්‍රීක භූගෝලීය විස්‌තර හා සමකාලීන පුද්ගල නාම හා දේව නාම, සෘෂිවරු එයට සම්බන්ධ කරන්නට ඇත.


ආගමික සංස්‌කෘතික වචන භාවිතයේදී ඉන්දු යුරෝපීය ආර්යයන් දක්‌වන සමාන්තර ව්‍යවහාරයන් ඔවුන්ගේ දේව පුරාණයටද සමානය. ඉලියඩ්, ඔඩිසි සහ මහා භාරතයේ – රාමායනය සමාන වූයේ ඒවාට මුල්වූ ප්‍රාග් ඉංදු, යුරෝපීය වීරකතා දෙකක්‌ පදනම් කරගෙනය. ඒවා පිළියෙල කර ඇත්තේ මාතෘආර්ය භූමිය තුළදීය. නැතහොත් දකුණු කැස්‌පියන් ප්‍රදේශයත්, ස්‌ටෙප් භූමියත් අතර ප්‍රදේශයකදීය. එම ප්‍රදේශවලින් දකුණට ගමන් කළ ආර්යයන් දෙකට බෙදී ඉංදියාවට හා ග්‍රීසියට පැමිණ වසර දහස්‌ ගණනක්‌ ප්‍රාග් ඉංදු යුරෝපීය ජනතකා පවත්වාගෙන විත් ඇත. ඉංන්දියාවේ දී හා ග්‍රීසියේදී ඒවාට අමතර කරුණු එකතුකර මහාකාව්‍ය ලෙස ප්‍රසාරණ කර ඇත. මේ නිසා මතුපිටින් අසමානකම් ඇති වුවද කතාසාරය අතින් ඉංදු ග්‍රීක වීරකාව්‍ය යුගල දෙකම ඉදුරා එක සමානය. ඉලියඩ් හි ට්‍රොaයි පුරය සේම, මහා භාරතයේ හස්‌තිනා පුරය ලෙස නගර දෙකක්‌ පවා හඳුනාගෙන ඇත. එහෙත් ඒවා වීරකාව්‍ය යුගල දෙකට ඉංදිය අගයක්‌ හෝ ග්‍රීක අගයක්‌ ලබාදීමට අදාළ රටවල භූගෝලීය විස්‌තර ආදේශ කිරීමකි. නැතිව, එකී සටන්වලට ඇත්ත වශයෙන් සම්බන්ධ නගර විය නොහැක. ඊට හේතුව වීරකාව්‍ය දෙකට පදනම් වූ කතාව ඉන්දියාවේදී හා ග්‍රීසියේදී සිදුවී නැති නිසාය. මේ නිසා රාමායනයට අදාළ භූගෝලීය විස්‌තර සොයා ගැනීම කතාවේ ඓතිහාසික බව සනාත නොවීමකි. එයට අදාළ කතාවල යම් සත්‍ය තාවක්‌ තිබුණේ වූ නමුදු ඒවා කැස්‌පියන් මුහුද අසල පිහිටි මාතෘආර්ය භූමියට අදාළ වෙයි. මේ නිසා ආර්යයන් ඉන්දියාවට ඇතුල් වෙත්දීම වීරකාව්‍ය දෙක භාවිත කර ඇත.


ග්‍රීක වීරකාව්‍ය යුගල දෙකේ නැති එහෙත් ඉන්දීය වීරකාව්‍ය දෙකේ ඇති සුවිශේෂ ලක්‌ෂණය වන්නේ ගුවනින් ගමන් කරන යානා පිළිබඳ ඇති විස්‌තරයි. මේ කොටස ඉන්දිය වීරකාව්‍ය දෙකට ඇතුල් වයේ කැප්පියන් ප්‍රදේශයත්, ඉන්දියාවත් අතර පිහිටි පර්සියාවේ සුමේරියානු ශිෂ්ටාචාරයේ බලපෑම නිසාය. ඉන්දිය වීරකාව්‍ය දෙකටම වඩා වසර සියගණනක්‌ පැරණි ගුවනින් ගමන් පිළිබඳ විස්‌තර හා කැටයම් ඵලක ඇත්තේ සුමේරියානු ශිෂ්ටාචාරයේය. සුමේරියාව පසුකර ඉන්දියාවට එද්දී මෙම ගුවනින් යානා පිළිබඳ සංකල්පය ඉන්දු ආර්යයන්ද එකතු කරගන්න ඇත. ඉන්දියාවට එද්දී මෙම ගුවනින් යානා පිළිබඳ සංකල්පය ඉන්දු ආර්යයන්ද එකතු කරගන්න ඇත. ඉන්දියාව හා ලංකාව අතර රාමායනයේ ඇති. රාම රාවණා සටනක්‌ ඉතිහාසයේ මොනම යුගයකවත් සිදුව නැති බව මෙයින් පැහැදිලිය. මේ අනුව කතාවේ රාවණා රාම හා ඔවුන්ගේ ඥතීන් කිසිවකු හෝ ඓතිහාසික චරිත නොවේ. රාවණා ලංකාවේ සිටි පාලකයෙකු විය නොහැක. මොහු තෙදවත් රජකෙනෙකු ලෙස සකස්‌ කර ඇත්තේ හුදෙක්‌ රාමගේ පූජනීය අගය වැඩිකර ගැනීමේ උපක්‍රමයක්‌ ලෙසය. රාමායණයෙන් ලංකා ඉතිහාසය ගොඩනැගීමට තැත්කිරීම කෙසෙල් ගසක පතුරු ගලවා අරටුව සෙවීම වැනි නිස්‌සාර දෙයකි.

Tuesday, July 5, 2011

රාවණ රජු කවුද?







රාවණා කියන්නෙ කව්ද? ඉතිහාසය තුල රාවණා හට ඉතිරි වී ඇති හිඩැස, ඔහුට සත්‍ය වශයෙන් ම හිස් 10 [ඔලු 10ක්] සහිතව සිටියේද? දඬුමොණරය යනු කුමක්ද? මේ හැම දේම හා කස්සප අතර ඇති සම්බන්ධය කුමක්ද?... ඔය ආදී අති විශාල ගැටලු ගණනාවක් ඉතිහාසය තුල අපට විසඳා ගන්නට බැරිව තිබෙනවා.. සමහරවිට රාවණා යනු අතීත මනු ගති පිළිබඳ අපට ඉතිරි වී ඇති එකම මොඩලය වන්නටත් පුළුවන්.
මේ ලියමන, රාවණා හා කස්සප පිළිබඳ නිරීක්ෂන පත්‍රිකාවක් ලෙස යොදා ගන්නටත් බ්ලොග් හිතකාමී ඔබට මගෙන් කිසීම තහනමක් නෑ..

ඇත්තට ම රාවණා කියන්නේ කව්ද?

මනු රාජවංශය අවසාන වූවායින් පසුව, තවත් රාජ වංශ තුනක් ගැන ඉතිහාසයේ සඳහන් වෙනවා, ඒ පිළිවෙලින් තාරක [වසර 10,000 කට පෙර] මහාබාලි [වසර 7,500කට පෙර] රාවණා [වසර 5,000- කට පෙර] ආදී වශයෙනුයි. මේ තිදෙනා අතුරින් රාවණා පිළිබඳව පවතින තොරතුරු ඉස්මතුවන්නේ ඉන්දියානු සාහිත්‍යයේ සඳහන් වන රාවණා තුල පවතින තාක්ෂණික හා යුධ බලය නිසාවෙන්මයි. සාහිත්‍යයේ සඳහන් වන පරිදි, රාවණා හට හිස් දහයක් සහ අත් ගණනාවක් පවතිනවා යැය් කීමෙන් පෙනීයන්නේ, ඔහුතුල තිබූ විවිධාකාර දේ කිරීමට තුබූ නිපුණ තාවය වියහැකියි. එනමුදු අවසානයේ දී මේ තරම් දක්ෂතා තිබූ රාවණා රාමා ගේ [ ඔහු පිළිබඳව මම වෙනම තොරතුරු ගෙන එන්නම්] යටතට පත්වනවා... ඉන්දියානු ජනතාව "දීපාවලී" ලෙස සමරන්නේ අර ඉහත කියූ රාවණාව රාම ගේ යටතට ගැනීමයි.
[රාවණා රාම පිලිබඳව පවතින අරුමැසිවාදී සංස්කරණ අතුරින් වාල්මිකී ගේ රාමායනය ග්‍රන්ථය ප්‍රධාන තැනක් ගන්නවා.]

ආචාරිය ලාල් සිරිනිවාස් හා මිරැන්ඩෝ ඔබේසේකර යන මහත්වරුන් පවසන පරිදිරාවණා පිලිබඳ වූ ඉතිහාස හා භූගෝලීය තොරතුරු එක් රැස් කර බලන කල පශ්චාත් ඓතිහාසික පුරාවිදු සංධිස්ථානයක් වන සීගිරිය යනු.., මීට ශත වර්ශ 50 කට ඉහත දී සාදන ලද රාමායනයේ එන රාවණා ගේ පියරජතුමා වූ කුවේරයා විසූ ආලකමන්දාව ද? යන ගැටළුව මතු කරනවා.

ධූරාවලිය
පොළොන්නරුවේ සිටියා යැයි කියන මහාරිශි පුලස්ති ගේ මුනුපුරා වූ කුවේර ගේ පියා වෙසමුණි යනු මහාරිශි පුලස්ති ගේ වැඩිමහලු දරුවා විය. කුවේර යනු වෙසමුණිගේ පළමු විවාහය වූ බ්‍රාහ්මීන් ගේ රූමත් දියණියක වූ ඉල්ලාවිලා දේවිය ගේ දරුවා විය. පසුව වෙසමුණි ගේ දෙවැනි විවාහය ලෙස කේශිණී පත්විය. කේශිණීට වෙසමුණි ට දාව දරුවන් පස් දෙනෙකු ලැබිණි. ඔවුන් රාවණ, විභීශණ, කුම්භකර්ණ, හේම සහ පුෂ්පික නම් විය.
කාලය ගත වෙත්ම කුවේර, තම පියරජතුමා වූ වෙසමුණි ගේ අභාවයෙන් පසුව සාමකාමීව රට පාලනය කලේ ය. මේ අතර කුවේරගේ දෙටුසහෝදරයා වූ රාවණා තම බලවත් කම ඉහළ යත්ම, ලංකා රාජ්‍යය පිළිබඳ ව සිත් පහළ විය. පසුව, රාවණා ලංකා රාජ්‍යයත්, එහි පිහිටි "ආලකමන්දාවත්", කුවේරගේ අහස්යානය වූ "පුෂ්පිකයත්" තමාට අවැසි බව දැන්වීය. මින් ඉතා කෝපයට පත් වූ කුවේර, රාවණාව ඉහත යෝජනාව ද ප්‍රතික්ෂේප කර පලවා හැරීය. එනමුදු ලෙහෙසියෙන් පරාජයට පත් වන්නට තරම් ලාමක නොවූ රාවණා ස්වකීය ඥාතීන් වූ ‍යක්ෂ ගෝත්‍රිකයන්ව කුවේරට විරුද්ධව මෙහෙයවා ලංකා රාජ්‍යය සියතට ගැනීමට සමත් විය.තවද කුවේරගේ ධනය, මාළිගය සහ අද දඬුමොණරය ලෙස හැඳින්වෙන " පුෂ්පිකය" ද සියතට ගන්නට සමත් විය.

සිවු හෙළය
සමහර ප්‍රකෘතිමත් අතීත වාර්තා පවසන පරිදි., සිංහල ජාතියෙහි උපත සිදුවී ඇත්තේ ප්‍රධාන පෙළපත් හතරක් මුල් කරගෙනයි., ඒ යක්ඛ, නාග, දේව සහ ගන්ධබ්බ යන සිවු පෙළපතයි. තවද ඉහත කී සිවු පෙළපත පැවත එන්නේ මහාරිෂි පුලස්තිට ස්ගෝත්‍රීයව යි. එනයින් ගත්කල සිවුහෙළය යනු හිරු දෙවියන්ට වැදුම් පිදුම් කල එකම රටක එක කොඩියක් යටතේ පාලනය වූ රාජ්‍යයක් බව නොරහසක්. තවද., හිරු සඳු සහිත රාවණ කොඩිය ලංකාවේ පැරණිත ම කොඩිය වනවා. දැනට පවතින සිංහ කොඩි සංකල්පය මෙරටට ආවේ මෙයට ශතවර්ශ 25 කට පෙර පැමිණි විජය කුමරුන් සමඟිනුයි.

රාවණා බලයට පැමිණි වහාම, ඉදිකලා යැයි කියන තම මවුපියන් [වෙසමුණි හා කේෂිණී] සිහිකර තැනූ දෙවොල, අතීතයේ මලවුන් වන්දනාව යක්ඛ ගෝත්‍රය තුල තිබූ බවට සලකුණක් ලෙස හඳුනා ගන්නට පිළිවන්.මේ දෙවොල පන්ඩුකාභය රජ දවස බොදු ආගමික ස්ථානයක් බවට පත් කල බවට සැළකෙනවා. පන්ඩුකාභය රජු යනු, යක්ඛ ගෝත්‍රය පිළිබඳ විශේෂ සැලකිල්ලක් දැක්වූ රජ කෙනෙක් බව ඉතිහාසයේ සඳහන් වෙනවා. මෙම ස්ථානය අද වන විට “ඉසුරුමුණිය” ලෙස හඳුන්වන බව සඳහන්..

චිත්‍රකූටද? ආලකමන්දාවද? සීගිරියද?
රාවණා වත නැමති පුස්කොළපොතට අනුව සීගිරියේ සැකසුම් ශිල්පියා වන්නේ "මායා දන්නාව" නමැත්තායි. හෙතෙම සීගිරිය තනන්නට යෙදුනේ රාවණා ගේ පියා වූ විස්තවාස රජු [වෙසමුණි] ගේ නියෝග පෙරදැරි කරගෙනයි. එකල සීගිරිය, ආලකමන්දාව නමින් හැඳින්වූ අතර කුවේර රජ සමය එය හැඳින්වූයේ චිත්‍රකූට නමිනුයි. පසුව, රාවණාගේ අභාවයෙන් පසුව "විභීශණ" රජකමට පත් වූ අතර හෙතෙම තම රාජධානිය කැළණියට ගෙන ගිය අතර ආලකමන්දාව ට විභීශණගේ ඥාතියෙකු වූ යක්ඛ වංශාධිපතියෙකු වූ චිත්තරාජ තම වාස භවන ලෙස යොදා ගත් බව එහි සඳහන්. තවද, චිත්තරාජ යනු පණ්ඩුකාභය කුමරු [ක්‍රි.පූ.437-367] හට රජකම ලබාදෙන්නට උපකාර කල අයගෙන් කෙනෙක්, ඒ පණ්ඩුකාභය කුමරු ගේ දෙමාපියන් යනු චිත්තරාජ ගේ වංශයෙන් පැවතෙන්නන් වූ බැවින්.
තවද, රාවණා වතෙහි කියැවෙන ලෙසට,පණ්ඩුකාභය රජ දවසින් පසුව ධාතුසේන රජුගේ පුත්‍රයා වූ කස්සප කුමරු තම වාසභවන ලෙස චිත්‍රකූටය ලෙස තෝරාගත්තේ ඔහු ගේ මව යක්ඛ ඇදහිලි විශ්වාස කරන්නියක් වූ බැවින් හා ඇය ද ඉන් පැවතෙන්නියක් නිසාවෙන්. කස්සප රජු යනු චිත්තකූටය රාවණා කල අයුරින්ම ප්‍රතිසංස්කෘත කල හා පවත්වාගෙන ගිය එකම රජතුමා ද වෙනවා.චිත්තකූටයේ [පසුව සීගිරියේ] ඇති ලෝපසිඳු බිතුසිතුවම් වලින් දැක්වෙන්නේ සිවුහෙළයත් එහි ඇති නිල්පැහැති කාන්තාරූපයෙන් පෙන්වන්නේ යක්ඛ ගෝත්‍රය බවත් අනෙක් කාන්තා රූ වලින් දැක්වෙන්නේ නාග, දේව සහ ගන්ධබ්බ යන ගෝත්‍ර වල නියෝජනය බවත්, අලංකෘත මල් වලින් දේශයේ එකමුතු බව පෙන්වන බවත් රාවණා වතෙහි සඳහන්.

සෝපානය හා පුෂ්පිකය [දඬුමොණරය]

තවත් එක් විශේෂ කාරණාවක් වන්නේ චිත්තකූටය යනු දැවයෙන් නිර්මිත සෝපානයක් ඉහල සිට පහලට ක්‍රියාකර වූ සිරිලක එකම බලකොටුව ද වෙනවා.සිංහ කට අසල සිට ඉහලට විද නිර්මිත කුහරය තුල මේ දැවයෙන් නිර්මිත සෝපානය දිනපතා සේවයේ යොදවාගත් බව සඳහන්.

පුරාවිද්වතුන්, ඉතිහාසඥයින් උපකල්පනය කරන ආකාරයට දඬුමොණරය, හිමාලයෙන් ගෙන එනලද සැහැල්ලු දැවයෙන් නිර්මාණය කරන්නට ඇතිබව සඳහන්. තවද, සීගිරිය වටා එහි රූප පන්සියයක ට අධික ප්‍රමානයක් චිත්‍රණය කරත් ස්වාභාවික හේතූන් මත කාලයත් සමඟ ඒවා මැකීගොස් ඇතිබව කියැවෙනවා. තව ද රාවණා යනු වෙදකමෙහි මෙන්ම කලාවේ ද කෙල පැමිණියෙකු වන නිසා ඔහුට හිස් දහයක් හා අත් විස්සක් ඇතැයි කීමට හේතුවක් කරගත්තා ද වන්නට පුළුවන්.

කුමක් උවත් රාවණා හෝ කස්සප නිසා හෝ චිත්තකූට හා ආලකමන්දාවෙන් හැඳින්වෙන සීගිරිය ලොව පැරණිතම බලකොටු මාලිගාව වීම වලකන්නට නම් බැහැ

රාවණ රජු මිත්යා්වක් ද?

රාවණ රජු මිත්යාවක් ?

දැනට ඉගැන්වෙන පාසල් අධ්‍යාපනයේ දී රාවණයන නාමය දැක්වෙන රජවරයකු ගැන නොදැක් වේ. නමුත් සංස්කෘතික ග්‍රන්ථ විමසා බලන විට ලංකාවේ රාවණ යන නාමයෙන් රජවරයකු සිටිය බව සොයා ගැනීමට පුළුවන. රාමායණය, මහාභාරතය, රඝුවංසය, ජානකීහරණය, ශිශුපාලවධ, රාවණ රාජාවලිය, මන්දාරම්පුර පුවත, රාජාවලිය, මහාවංශය දෙවන භාගය, රාවණ රාජධානිය යනාදියේ ඒ බව දැකගත හැකි ය. මෙයට අමතරව ලංකාවේ ඉතිහාස ග්‍රන්ථයක් ලෙස දැනට භාවිත නොවන මන්දාරම්පුර පුවත නමැති දුර්ලභ කෘතියේ සහ රාවණ රාජාවලිය, රාවණ පුවත, රාවණ හටන, රාවණ විස්තරය, රාවණ රජුගේ ගුවන් විස්තර කවි, කුරුණෑගල විස්තර නමැති පුස්කොළ පොත්වලද ද රාවණ රජතුමා පිළිබඳව කරුණු එමට ය.


මෙම පොත් සියල්ල ම ක්‍රි.ව. 1886 දී කෑගල්ල දිසාපතිව සිටි හියුනෙවිල් නම් ඉංග්‍රීසි ජාතිකයා විසින් එංගලන්තයට රැගෙන යන ලදී. දැනට එම පොත් එංගලන්තයේ බැලැක්ෆයර් වීදියේ පුස්තකාලයේ හියුනෙවිල් පුස්කොළ පොත් එකතුවේ ඇත. මෙයින් එක් එක් කවිය යොදා ගනිමින් ක්‍රි.ව. 1955 දී පී.ඊ.පී. දැරණියගල මහතා කෘතියක් සම්පාදනය කරන ලදී.


මන්දාරම්පුර පුවත අනුව එකල මෙරට රජවරු රාවණ රජතුමාට අයත් වූ රාවණ කොඩිය පෙරටු කර ගෙන යුද්ධයට ගිය අයුරු එහි දැක්වේ. එහි දැක්වෙන කවි කිහිපයක් පහත සඳහන් වේ.


යළි දෙනුවර සිවුසිය පත්තු මහ ද න
මහ කොඩි පෙරමුණට ගෙන ඊළඟ ගම න
රාවණ කොඩියසිහසුන් කොඩිය ද රැගෙ න
හේවාහැට දුම්බර සෙන් විය ගම න


සිහසුන් රාවණ දජගෙන අසු පිටි න
දෙසියක් සෙබළු මර කළ සිට තුන්පෙළි න
පුවක්ගොල්ල, පුස්සල මැතිවරු දෙදෙ න
මාවත් දෙකේ වාසල මුර ගත එමෙ න


දෙසීයක් බළ සෙනඟ පෙළ පෙළ යොදවමි න
පුවක්ගොල්ල - පුස්සල මැතිවරු දෙදෙ න
සිහසුන රාවණ දජපෙරටු කරමි න
අස්වාහන නැග ඊළඟ වියගම න


එකල මෙලක පසදු වීරසූරිය සහ පුස්සල මැ ති
විමල යසැති දිවාරත්න - හළුවඩනා මැතිදු බලැ ති
පබල මැතිදු රත්නායක - අඹගහතැන්නේ විකුමැ ති
රවුළු දදයනගා ගියහ - පන්සැන්ත බලසෙන්යු ති


අපේ සමහර උගතුන් විසින් මිත්‍යා කථාවක් ලෙස ඉවත් කිරීමට තැත දරන එසේම මනස්ගාත යැයි කියනු ලබන රාවණ රජු ගැන මහාවංශයේ ද දැකිය හැකි ය. පහත සඳහන් වන්නේ මහාවංශයේ ඒ ගැන ලියා ඇති ආකාරය යි.


රාමායනභරතාදි ලෝකියාසු කථ සුපි
රාමස්ස වික්ක්‍රමඤ්ච වතස්ස රාවණ ඝාතිනෝ
(මහාවය-පි.64-පරි 42)


නූතන සමහර සිංහල බෞද්ධ භික්ෂූන් වහන්සේලා විසින් ඉවත් කරනු ලැබ ඇති මහායාන ග්‍රන්ථයක් වන ලංකාවකතාර සූත්‍රයේ ද සඳහන් වන්නේ රාවණ රජු කාශ්‍යප බුදුරදුන්ව ලංකාවේ සමන්ත කූඨයට ගුවන් රථයෙන් (පුෂ්පකයානය) රැගෙන ආ බව ය. කාශ්‍යප බුදුරදුන් රාවණ රජතුමාට සමණල කන්ද මුදුනේ දී ලංකාවතාර සූත්‍රය දෙසූහ. (ලංකාවතාර සූත්‍රය පරි. 1 - ගාථා 23, 24, 25, 26, 27, 28, 29, 30 ගාථා බලන්න) මෙම පුෂ්පකයානය රාම රාවණ යුද්ධයෙන් අනතුරුව ඉන්දීය රාම කුමරු විසින් පැහැර ගනු ලැබ සීතා දේවියත් සමග ඉන්දියාවේ අයෝධ්‍යාවට ගියේ ය. මහා භාරතයේ ඒ බව මෙසේ සඳහන් වේ.


හත්වා තත්‍ර රිපුං සංඛ්‍යො භාර්යයා සහ සංගත:
ලංකේෂ්වරං ච චක්‍රේ ස ධර්මාත්මානං විභීෂණම්
භාර්යයා සහ සංයුක්තස් තතෝ වානර සේනයා
අයෝධ්‍යාමාගතෝ වීර: පුෂ්පකේන විරාජිතා
(මහාභාරතය 56 අධ්‍යාය, දෝණපර්වය, 6, 7 ශ්ලෝක)


රාවණ රජුට අයත් ගුවන් රථයට නැඟී රාම කුමරු රියදුරු වූ බාලි සමග උපදේශක රාගිරාගේ විධානය අනුව අහසෙහි ඈතට පියාසර කර ඇත. ලංකාවේ දැනට භාවිත කරන රාජාවලිය අනුව රාවණා රජු ලක්දිව රජය කරවා ඇත්තේ ගෞතම බුදුරදුන් ඉපදීමට අවුරුදු 1884කට (ක්‍රි.පූ. 2428) ඉහතදී ය. (රාජාවලිය ඒ.වී. සුරවීර සංස්කරණය - දෙවන මුද්‍රණය 1997 -168 පිට)


රාවණ රජුගේ පුත් ඉන්ද්‍රජිත් ය. මෙම කුමරු කරවූ ගල්ලෙන් විහාරය රහලගල පාමුල ඇති අතර, රහලගල රාවණ රජුගේ මාලිගාවක් තිබු එක් ස්ථානයකි. මෙහි නටඹුන් අද ද රහලගල පර්තවතය මුදුණේ ඇත. දකුණු බුදු සිරි පතුල පිහිටි මක්කම සහ රාවණ රජුගේ සෙල් ලිපිනමැති ග්‍රන්ථයේ 57, 58 පිටුවල ඒ බව සඳහන් වේ. ඉන්ද්‍රජිත්ගේ පුත්‍රයා වූ අගිය කරවූ ලෙන් විහාරය කෑගල්ල කරඬුපොත අසල ඇති අළුලෙනයි තිබේ. මෙහි ඇති සෙල් ලිපිය පුර විද්‍යා අංශ මෙතෙක් කාබන් පිටපත් කර රටට ඉදිරිපත් කර නැත. එනමුත් මෙම ලිපිය ඡායාරූප ගත කර කෑගල්ලේ සරත් යටවර මහතා කෘතියක ඉදිරිපත් කර ඇත.


මෙයට අමතරව රාවණ රජුගේ යුද දක්ෂ මකර ඇමැතිතුමාගේ පුත් වූ ශෝණකරවූ ලෙන් ලිපියක් අරනායක අම්බලකන්දේ නාරංගොල්ල වතුයායේ ගුරුළු ලෙන හි ඇත. (එච්.සී.පී. බෙල්ගේ R.K.D. - කෑගලු වාර්තාව - 69 පිට සහ සුනන්දා ප්‍රේමසිරිගේ කෑගලු කැටපත - 3 පිට බලන්න) රාවණ රජු ක්‍රි.පූ. 6000 දී පමණ කරවූ වැව් අතරින් එකක් අද ද රූගම වැව ලෙස අප විසින් හඳුනාගෙන ඇත. (රාවණ රජු බුදුරදුන් ඉපදීමට අවුරුදු 1884ට පෙර එනම් ක්‍රි.පූ.2428 රජ කර ඇති බව කලින් සඳහන් කළේ රාජාවලියට අනුව ය. රාජාවලියේ එසේ සඳහන් වුවත්, මාදුරු ඔය සොරොව්ව වසර 6000ක් පැරැණි බව පසුව සොයා ගැනීම නිසාත්, වෙනත් පුරා විද්‍යා සාක්ෂිත් ගෙන බලන විට රාවණ රජු ක්‍රි.පූ. 6000 දී රජ කර ඇති බව පෙනී යයි) මෙම වැව රූගම වැව ලෙස නම් කර ඇත්තේ විදේශික සුදු මහත්වරු ය. මහඔය (මුන්දෙනආරු) හරස් කර බැඳි වේල්ලක් මගින් එම වැවට ජලය රැගෙන යන ඇළ අදත් රාවණ ඇළ ලෙස ම දැකගත හැකි ය. ලංකාවේ අඟලේ සිතියමේ MAHAOYA SHEET 50 සහ බෝහියර් මහතාගේ වාරිමාර්ග කෘතියේ දී ද මෙය දැක ගැනීමට පුළුවන. රාවණ රජුගේ නාමයෙන් පුරාණයේ ග්‍රාම නාම 60ක් පමණ නම් වී තිබුණු අතර, මෙම නාම 1950න් පසුව වෙනස් කර තිබේ. නූතන හපුතලේ පෙර රාවණගමවිය. මේ ගැන වත්මන් කතානායක වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතාද හොඳින් දනී. රාවණ රජතුමා දක්ෂ වෛද්‍යවරයෙක් බව ඌව දනව්වපොතේ 43 පිට කියවීමෙන් දැන ගත හැකි ය.


ක්‍රි.ව. 1940 දී සඳහන් වූ රාවණ ගමක් දැන් රම්මුන්ගොඩ ලෙස ද, උඩුරාවණගම දැන් උඩුහාවර ලෙස ද, යටිරාවණ ගම දැන් යටිහාවර ලෙස ද වෙනස් වූයේ අප බලා සිටිය 20 වැනි සියවසේ දී ම ය. රාජකීය පණ්ඩිත නාමලේඛනයක් අප රටේ ඇත. එම නාමලේඛනයේ 716 වැනි රාජකීය පඬිවරයා වූයේ රාවණාගොඩපියරතන හිමියන් වන අතර, 746 වැන්නා වූයේ උඩුරාවණඤාණරතන හිමියන් ය. 749 වැන්නා ලෙස යටිරාවණධම්මාරාම හිමියන්ගේ නාමය දැකිය හැකි ය. (ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ ශාස්ත්‍රීය සංග්‍රහය 1986 මුද්‍රණය 76, 77 පිටු) එම නාමයන් එදා එම ගම් තිබූ බවට හොඳ සාක්ෂි වේ. නුවරඑළිය ද පෙර රාවණ නගරය වූ අතර, එහි වැව ද රාවණ වැවයි. මෙම වැවේ කොටසක් ග්‍රෙගරි ආණ්ඩුකාරයා විසින් ගොඩකරනු ලැබ රේස් පිටිය සාදා ඉතිරිය වැව ලෙසට තබා ඊට ග්‍රෙගරිස් ලේක්යැයි නම් කර තිබේ.


කැප්පෙටිපොළ යන ග්‍රාමය නම් කිරීමට පෙර මෙම ග්‍රාමය පාලුගමවූයේ රාම - රාවණ යුද්ධය නිසා ය. රාවණ රජු රාමාට පැරදුණු තැන අදත් රාමලංකාවයනුවෙන් නුගතලාව අසල කුඩා ගමක් ඇත. සීතා දේවිය දිවුරුම් දුන්, කාශ්‍යප බුදුරදුන් පිටදුන්, නිග්‍රෝධ බෝධිය ක්‍රි.ව. 1832 වන තුරු ම දිවුරුම්වෙල > දිව්රුම් පොළ (නුගතලාව) තිබිණි. මේ බව පෝබස් මහතාගේ වාර්තාවක දැක්වේ. මෙම වාර්තාව අප අත අද නැත. විස්තර අවශ්‍ය අයට Discovering Ceylon කෘතියෙන් ද, බෝහියර් හඳුනාගත් ලංකාව කෘතියේ 343 පිටුවේ සිට ඉදිරියට ද දැක ගත හැකි ය. රාවණ මහ රජුට අයත් ගුවන් තොටුපොළක් මේ අසල විය. එය නමින් බිමණ පව්වයි. පසුව මෙය විමන් පව්ව ලෙස වෙනස් වි ඇත. අද තොටුපොළ කන්ද යනුවෙන් හැඳින් වෙන්නේ ද එකල ගුවන් තොටුපොළකි.


රාවණ රජුගේ තොප්පියක්, රන්සළුවක්, ඔටුන්නක් සහ ක්‍රි.ව. 1153දී සිටි ලක් රජු පරාක්‍රමබාහු රජුගේ ඔටුණු 32ක් සඟවා ඇති බව ලේඛන ගත ය. (මන්දාරම්පුර පුවත 16, 142, 278, 291, 325, 412, 413, 486, 541, 542, 551, 687) රහස්මිගොල්ල ලෙස අද ද වහරන එම ග්‍රාමය පෙර රාවණ රජුගේ රහස් ගුහාවක් ය. මෙම උමග 2006 අගොස්තු 30 දින මහරගම ජාතික අධ්‍යාපන ආයතනය අනුග්‍රහයෙන් ස්වර්ණවාහිණිය ඔස්සේ විකාශය කළ වැඩසටහනකින් ජනතාව හමුවේ තැබී ය. එම වැඩසටහන සඳහා මා ඇතුළු පිරිසක් සහභාගි විය. රාවණ රජුගේ නමින් ම කරවූ රාවණ විහාරය අද අකුරු හරඹයකට හසු වී වාරණ නම් වී ඇති අතර වාරණට හැරෙන හංදිය අදත් යක්කුන්ගේ කැලේ > යක්කැලේ > යක්කල ලෙස ව්‍යවහාර වේ.


රාවණ රජුගේ ඇමැති වූ මකරගේ පුත් වූ ශෝණ සහ රාවණ රජුගේ මුණුපුරු වූ අගියගේ සොහොයුරු වූ අශ්වාරෝහක තැන කරවූ ගල්ලෙන් 100ක් ඇති විහාරය පිළිකුත්තුවයි. (ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පුරා විද්‍යා ගවේෂණ වාර්තාව-2005) ඒ අසල ඇති මාලිගාතැන්න රාවණ රජුගේ මාලිගා සංකීරණයකි. මෙහි කඩුව සහිත සෙල්ලිපිය ඇති අතර, දැන් කොටස් දෙකට කැඩී වෙන් වී ඇති පිළිකුත්තුව හා මාලිගාතැන්න පෙර එක විහාර බිමකි.


විශ්ව සාහිත්‍යයේ කිසිදු කෘතියක දැකීමට නොමැති රාවණ රජුගේ දියණියක් පිළිබඳව සෙල්ලිපියක් අපට හමු විය. යාල බඹරගස්තලාව නාගපබ්බත රාජමහා විහාරයට අයත් ලෙන් 60 ගණනින් එක ලෙනක දැකීමට ඇති එම සෙල්ලිපිය මෙසේ ය.


පරුමික රවණ ඣිති ශොහිලි ලෙණෙ ශගශ
(‘සෙල්ලිපි කියවීමට නොදන්නා අයට පහසු ක්‍රමයක්ග්‍රන්ථයේ - 25 පිට)


පරුමික (ප්‍රධාන හෝ පූර්ව මුකය) රවණ (රාවණ) ඣිති (දියණිය) ශොහිලි (ශොහිලි නම් නාමයකි) ලෙණෙ (ලෙන) ශගශ (සංඝයාට).


මේ අනුව රාවණ රජු, ඉන්ද්‍රජිත්, මකර, ශොහිලි යන රාවණට බැ‍ඳෙන සියල්ලෝ ම බෞද්ධයෝ ය. මෙම කතාව ලෝක ඉතිහාසයෙන් ඉවත් කිරීම කෙසේ සිදුවුණි ද යන්නත් අප නොදනී. විමසීම නූතන බුද්ධිමතුන්ට අපි බාර කරමු.


රාවණ රජු සොයා ගැනීමට සහ එය රට තුළ ස්ථාපිත කිරීමට මෙය අප කරන සටනකි. මෙය රාවණ හටනයි. පෙර ද රාවණ හටන යන නමින් ලියැවුණු පුස්කොල පොතක් ඇත. එහි සඳහන් හතර පදයක් පහත සඳහන් වේ.


බිසවුන් මාලිගෙ ඇතුළට යන් නේ
එතකොට දෙවියෝ සාදු කියන් නේ
මාලිගෙ ඇතුලේ ගොසින් සිටින් නේ
හනුමන්තා දෙනු මොකද අසන් නේ
(Hugh Nevill – Sinhalese Verse-97)


නූතන කාව්‍ය සාහිත්‍යයේ සඳහන් වන්නේ වලවේ ගඟ සමනළ කන්දේ සිට ගලා බස්නා බවකි. එහෙත් එය වැරැදි ය. වලවේ ගඟ ගලා බසින්නේ සමනළ කන්දෙන් නොව රාවණ රජුගේ මාළිගය තිබූ රාවණ කන්දෙනි.



Thursday, June 30, 2011

Answer this if you can...!!!

Hey this is a good question. try to answer this...


You are driving along in your car on a
wild, stormy night, it's raining heavily,
when suddenly you pass by a
bus stop, and you see three people waiting for a
bus:

1. An old
lady who looks as if she is about to die.

2. An old friend who once
saved your life.

3. The perfect partner you have been dreaming
about.


Which one would you choose to offer a ride to, knowing very
well that

there could only be one passenger in your car?

Think
before you continue reading...


............

.




This is a moral/ethical dilemma that was once actually
used as part of a job
application.

* You could pick up the old
lady, because she is going to die, and thus you
should save her first;


* or you could take the old friend because he once saved your life,
and this
would be the perfect chance to ! pay him back.

* However,
you may never be able to find your perfect mate again.


The
candidate who was hired (out of 200 applicants) had no trouble coming
up
with his answer. Guess what was his answer?

.........


........

............

....


.....




.......





.....



He simply answered:

"I would
give the car keys to my Old friend and let him take the lady to
the
hospital. I would stay behind and wait for the bus with the partner of
my
dreams."

Sometimes, we gain more if we are able to give up our
stubborn thought limitations.
Never forget to "Think Outside of the Box."

Wednesday, June 29, 2011

ඇත්තටම ලොව හා අනන්ත විශ්වය, අපිට මේ පෙනෙන තරම්ම සංකීර්ණද?

මෙය බෞද්ධ ආගමිකව සොයා බැලීමට පෙර විද්‍යාව ලෙස අපි හඳුන්වන දෙය තුලින් යම් විග්‍රහයක් කර බලමු.

පරමාණුක වාදය සොයා ගැනීම්ට පදනම් වූයේ ලෝකය නිර්මාණය වී ඇති කුඩාම දෙය කුමක්ද යන මිනිසාගේ ස්වභාවික කුතුහලයයි. ඒ ඔස්සේ ක්‍රියාත්මක වූ භෞතික වාදියො පරීක්ෂණ, නිරීක්ෂණ හා නිගමන හරහා නොයෙකුත් මතවාද ගොඩ නගා ගත්හ. මෙසේ විද්‍යාව හරහා සොයා ගත් සියල්ල හුදෙක් වාදයන්ම ලෙස පමණක් පිළිගැනීමට හේතුව කිසිවෙකුටත් එවා එසේම පමණයි යන්න ප්‍රත්‍යක්ෂ ලෙස කීමට ඇති නොහැකියාවයි. උදාහරණයක් ලෙස, පරමාණුක වාදය, අදටත් වාදයක්ම මිස පරමාණුක සත්‍ය ලෙස පිළිනොගනී. එය හෙට කරනා විප්ලවීය විද්‍යාත්මක සොයා ගැනීමකින් සම්පූර්ණයෙන්ම කණපිට හැරවීයාමට පවා ඉඩ කඩ ඇති එක්තරා පිළිගැනීමක් පමණි.

අද ලෝකය භෞතික වාදීන්ගෙන් ගහන තැනක් නිසා, අපි මොහොතකට ඔවුන්ගේ ඇසින් ලොව දෙස බලමු. පරමාණුක වාදයට අනුව යමක් ගොඩ නැගී ඇති කුඩාම ඒකකය පරමාණුව ලෙස පිළිගැනේ. එහි න්‍යෂ්ඨියේ නියුට්‍රෝන හා ප්‍රෝටෝන ඇති අතර, වලාවන් ලෙස පවතින කක්ෂ වල ඉලෙක්ට්‍රෝන චලනය වෙමින් පවතී. පරමාණු විවිධ රටා වලට එක්වීමෙන් අණු උපදී, අණු වලින් නොයෙකුත් සංයෝග ගොඩ නැගේ. නොයෙකුත් සංයෝග මිශ්‍ර වෙමින් භෞතික වස්තු ගොඩ නැගේ. මේ අනුව ඕනෑම පණ නැති ද්‍රව්‍යයක් සැලකූ විට එය පරමාණු සමූහයකින් ගොඩ නැගී ඇති බව පැහැදිළි වේ.

ඕනෑම පණ ඇති සත්වයෙක්ගේ ශරීරය සලකා බැලූවද එම සත්වයාගේ ගොඩ නැගීම කැල්සියම්, ප්‍රෝටීන් ආදී රසායනික සංයෝග රාශියක එකතුවක් බව පැහැදිළිය. එනම් එම සංයෝග නොයෙකුත් අණු බවත්, කුඩාම ඒකක ලෙස පරමාණු දක්වා යා හැකි බවත් තේරුම් ගත හැක. මේ අනුව ව්ද්‍යාව හිස මුදුනේ තබා පුදන්නාටත් එකඟ විය හැකි සත්‍ය වන්නේ, මේ ලෝකයේ පණ ඇති, පණ නැති සියළු භෞතික දේවල් හුදෙක් පරමාණු සමූහයක් පමණයි යන්නයි. එවිට ලොව පමණක් නොව මුළු විශ්වයම ඉතාම සරල ඒකකයක් මත ගොඩ නැගුනු මායාවක් බව මොනවට පැහැදිළි වේ. මුළු විශ්වයේම සංකීර්ණත්වය, පරමාණුවේ ඇති යම් සංකීර්ණත්වයක්ද?… එයම පමණි.

විද්‍යාව කොතරම් දියුණු වුවත්, කොතරම් බාහිර උපකරණ උපකාරයට ගත්තත්. අපට පෙනීම ලබා දෙන ඇස මගින් කරන නිරීක්ෂණ මත පමණක් ඊනියා ව්ද්‍යාත්මක නිගමන වලට එළඹේ. සත්ව වර්ගයාටම පොදු යම් දුර්වලතාවක් ඇසේ ඇත්නම් එය කෙලින්ම නිගමන වලට බලපාන බව අමුතුවෙන් කිව යුතු නොවේ. විද්‍යාව කෙතරම් දියුණු වුවත්, හිත යන දෙය මෙසේ ඇසට හසුවීමෙන් වළකින එක් ධර්මතාවක් පමණි. අඳුරේ අතගාන අන්ධයෙක් මෙන්, උඩු හිත,යටි හිත ආදී අතිශය බොළඳ, කිසි සේත් අපගේ අත්දැකීම් හා එකඟ නොවන විකාර මතවාද හැරුනු කොට හිත ගැන කිසිම පිළිගත හැකි විග්‍රහයක් කිරීමට අදටත් විද්‍යාව අපොහොසත් වීමට හේතුවත් මෙයම පමණි.

මිනිස් අපට උපතින් හිමි වන්නේ ඉහත පැහැදිළි කල ආකාර ඉතා පටු සීමාවන්ගෙන් යුත් මෙම රූප දකින ඇස් 2 පමණක් නොවේ. කලාතුරකින් අයෙක් හැරුණ විට නියම බලය කුමක්දැයි සිතා ගැනීමටවත් නොහැකි. දෘෂ්ඨි පරාසයේ නිම් හිම් නැති තම තමා විසින් කඩ තුරා ඉවත් කර ගැනීමෙන් පමණක් ප්‍රයෝජනයට ගත හැකි අති බල සම්පන්න තවත් ඇසක් සහිතවයි. එම ඇසට මන+ඇස හෙවත් මනස යන කෙටි නම භාවිත කරයි. ලොවේ මෙතෙක් විසූ කිසිදු විද්‍යාඥයෙක් මෙම රූප දකින ඇස් 2 හි පරාසය ඉක්මවන සේ එම ඇස භාවිත කල බවට කිසිම සාධකයක් නැත. භෞතික සොයා ගැනීම්ම පමණක් මිස කිසිදු අධ්‍යාත්මික සොයා ගැනීමක් විද්‍යාඥයන්ට කරගත නොහැකි වී ඇත්තේ මේ නිසාය. මරණය නම් කිසිවෙකුටත් වැළකිය නොහැකි සේ මුහුණදිය යුතු ලෙඩට බෙහෙත කුමක්දැයි කිසිවෙකුටත් සොයා ගත නොහැක්කේ මේ නිසාය. කොහොම නමුත් විද්‍යාව නම් හරිම දියුණු බව කාගෙ කාගෙත් පිළි ගැනීමයි.

හිත දැක ගැනීමට යමෙක්ට අවැසි නම් එයට ඇති ඇසත් හිතම පමණි. එය තමාට තේරුම් ගැනීමට පමණක් නොව අන් අයෙක්ටත් කිසිදු අඩු පාඩුවක්, නොගැලපීමක් නොමැතිව පැහැදිළි කර දීමට අවැසි නම් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පමණ වත් සමතිස් පෙරුම් පුරමින් මනස තියුණු කල යුතුය. කොටින් කියන්නේ නම් සම්මා සම්බුද්ධත්වයට පත් විය යුතුය. පිරිසිඳු ගෞතම බුදු සසුනේ පහස ලබන බෞද්ධ අපි, එම ලොව්තුරා බුදු පියාණන්ගේ ශ්‍රාවකයන් වීමේ ආනුභාවය නිසා, එතරම් කලක් භවයෙන් භවය දුක් විඳිමින් එම අති බලගතු ඇස අවදි කරගැනීමට වෙහෙස විය යුතු නොවේ. මහා කාරුණිකයාණන් වහන්සේ විසින් කිසිදු අඩු පාඩුවක් නැතිව, ලොවේ මෙතෙක් පහල වූ කිසිදු විද්‍යාඥයෙක්ට යන්තමින් හෝ හෙළි කර ගත නොහැකි වූ එම සිත පිළිබඳ සියළු රහසුත්, පරමාණුක වාදය මෙන් අවිනිශ්චිත නොවී, පරම සත්‍ය ලෙස මේ මුළු භෞතික විශ්වයත් කිසිදු අඩු පාඩුවක් නොමැතිව සිය අනන්ත ඥාණ බල මහිමයන්ගේන් ප්‍රත්‍යක්ෂ ලෙස දැක දැන වදාරා තිබේ.

එබැවින් අන්ධයා ඇතා අත පත ගා කුමක්දැයි සිතාගත් සේ මේ භෞතික ලෝකය වත්, සිත වත් කුමක්දැයි තවත් අපි වැනිම අන්ධයන්ගෙන් අසා මුළා නොවිය යුතුය. අති ඝාම්භීර වූ අභිධර්මය ඔස්සේ මේ සියල්ල බුදු පියාණන් දෙසූ ලෙසම අවබෝධ කර ගැනීමට උත්සාහ කල යුතුය.

ඉතා සරලව පටන් ගන්නේ නම්. මේ ලොවෙහි පමණක් නොව අනන්ත විශ්වයේම පරමාර්ථ ධර්ම හෙවත් සත්‍ය ලෙසම පවතින දේවල් ඇත්තෙ තුනක් පමණි. එය මෙම පළමු වර්ග කිරීම යටතේ නම් කිසිසේත් සංකීර්ණ නොවේ.
1. නාම (සිත හා එයට අදාල සියළු දේ)
2. රූප (පණ ඇති පණ නැති සියළු භෞතික දේ)
3. නිර්වාණය

විද්‍යාවෙන් කිසිදු හසරක් නැති ඉහත පළමුවැන්න ක්‍රමයෙන් ඇතුලට සොයා ගිය විට චිත්ත, චෛතසික ලෙස තවත් විස්තරාත්මක බෙදීම් 2ක් ලැබේ එවිට සියල්ල 4 කි
1. චිත්ත (සිත 1)
2. චෛතසික ( සිත හා ඇමිණෙන විවිධ චෛතසික 52 කි ))
3. රූප (පණ ඇති පණ නැති සියළු භෞතික දේ)
4. නිබ්බාන (1)

විද්‍යාවේදී එකම පරමාණුවකට ලඝු කරන ලද රූප ලෙස මෙහි ඇති අංක 3. සත්‍ය ලෙසම එකිනෙකට ඉතා පැහැදිළිව වෙන්කොට දැක්විය හැකි වෙනස් රූප 28 කි.එය අපි කවුරුත් අසා ඇති භූත රූප 4 වන පඨවි, ආපෝ, තේජෝ, වායෝ හා අමතරව උපදා රූප ලෙස හැන්දින්වෙන තවත් රූප 24 කි. එවිට වර්ග කිරීම් 4 එහි සියළු අනු කොටස් සමඟ පහත දැක්වේ.
1. චිත්ත (සිත 1)
2. චෛතසික ( සිත හා ඇමිණෙන විවිධ චෛතසික 52 කි = දෙපනස් චෛතසික )
3. රූප (පැහැදිළිව වෙන්කොට දැක්විය හැකි වෙනස් රූප 28 කි = විසිඅට රූපය.)
4. නිබ්බාන (1)

දැන් ඉහත සියළු සංඛ්‍යා එකතු කර බලන්න (1+52+28+1 = 82). ලොවේ පරමාර්ථ ධර්ම ලෙස සත්‍ය ලෙසම ඇති දේවල් සංඛ්‍යාව 82 ක් බව ඔබට පෙනී යනු ඇත. හොඳින් සිහි තබා ගන්න, මුළු විද්‍යාවම පදනම් වී ඇති අපි මේ රූප දකින ඇස් දෙකට ඝෝචර වන්නේ මෙම මුළු පරමාර්ථ ධර්ම 82 න්ම එකම එක රූපයක් පමණි. එයට විසිඅට රූපය යටතේ ඇති වර්ණ රූපය කියා කියනු ලැබේ. බලන්න අපි රූප දකින ඇසේ දුර්වලතාවය හා නවීන විද්‍යාවේ පදනමේ සිමා මායිම. එය එසේ වුවද, අප ඔබට පෙන්වා දුන් ඔබ තුලමත් අඩුපාඩුවක් නොමැතිව ඇති අති බලසම්පන්න අමතර ඇස හෙවත් මනස ට මෙම ධර්ම 82 දෙකම අඩු නැතිව අරමුණු වන බව ඔබ දන්නවාද?. එය එසේම බව නොවරදින, සර්වඥ වූ බුදු වදනයි.

අති ඝාම්භීර අභිධර්මයේ පළමු පාඩම මෙයයි. නැවත නැවත සිහි කරමින්, මෙම පරමාර්ථ ධර්ම 82 කිනම් වර්ග කිරීම යටතේ ඇතිදැයි ලෙහෙසියෙන් සිහි කරගැනීමට හැකි වනසේ පුහුණු වන්න. එය අප දක්වා ඇති පිළිවෙලටම ඔබගේ මනස හෙවත් අපි පෙන්වාදුන් බල සම්පන්න ඇසින් බලමින් ක්‍රමයෙන් වර්ධනය වූ අයුරු මෙනෙහි කරන්නේ නම් ඔබට මේ සියල්ල මතක තබා ගැනීමට කිසිදු අපහසුවක් නොමැති වනු ඇත....


Thursday, June 2, 2011

බොක්සිං හා බුද්ධාගම

බොක්සිං හා බුද්ධාගම


මාතෘකාව අහසට පොලව වගෙය. එකකට එකක් ගැලපෙන්නේ නැතුවා වගෙය. ඒත් එහෙම පේන දේවලුත් සමහර වෙලාවට රන් රස වගේ ගැලපෙනවාය.
බුදු හාමුදුරුවෝ , තම ගෝලයින්ට කිව්වේ චරත භික්කවේ චාරිකං, බහුජන හිතාය, බහුජන සුඛාය කියලාය. අපේ රටේ හාමුදුවන් නොකරන්නේ ඒ ටික විතරය. අනිත් හැම දෙයක්ම කරති. යන්ත්‍ර මන්තර නක්ෂශ්ත්‍ර, හදි හූනියම් දේශපාලනය , වෙළඳාම, ගොවි තැන , ධර්මය පැකට් කර විකීනීම ආදී වශයෙන් නොකරන දෙයක් නැත.
මේ ලැයිස්තුවට අලුතින්ම එක්ව ඇත්තේ බොක්සින් ක්‍රීඩාවයි.


ශ්‍රී ලංකා පාසල් බොක්සිං සංගමයේ සභාපති ධුරයට ඕපල්ලේ ඥානසිරි අති පූජනීය බුද්ධ පුත්‍රයන් වහන්සේ පත්ව ඇති අද ලංකාදීපය වාර්තා කර තිබුණි.
බුද්ධාගම කියන්නේ අහිංසාවාදී ආගමකි. කුරා කුහුඹුවෙකුටවත් පීඩාවක් හානියක් නොකළ යුතු යැයි අපි කුඩා කාලයේ ඉගෙන ගත් බුද්දාගමේ තිබුනේය. සමහර විට දැන් තියෙන්නේ ඒ බුද්දාගම නොවෙන්නට ඇතිය.
මේ දිනවල හැම දෙයම අපිට ලැබෙන්නේ චීනයෙන් නිසා ෂවොලින් පන්නයේ බුද්දාගමක් ලඟදි චීනයෙන් ගෙනවුත් ලංකාවේ පිහිටෙව්වා දැයි අපි නොදනිමු. එසේ නැත්නම් බුද්ධ පුත්‍රයාන කෙනෙක් බොක්සිං සංගමයක ලොක්කෙක් වෙන්නේ කෙසේ දැයි අපිට නොතේරේ.
ඇත්තටම කිවහොත් මේ රටේ සිද්ද වෙන දේවලින් වැඩි හරියක් අපිට තේරෙන්නේ නැත. අපිට තවමත් හරි හමන් දේශප්‍රේමියෙක් වීමට බැරිව ඇත්තේ ඒ නිසා විය යුතුය. මේ නොදන්නා දේවල් ගැන වැඩි මනත් කතා කර දේශද්‍රෝහී අවජාතක නාමය දමා ගන්නට අපි කැමති නැත.
ශ්‍රී ලංකා පාසල් බොක්සිං සංගමයේ නව සභාපති ඕපල්ලේ ඥානසිරි හිමියන්ට අපේ සුභ පැතුම්,!

බුදුන්ගේ මනරම් සිතුවිලි

බුදුන්ගේ මනරම් සිතුවිලි

දිනක් තතාගතයන් වහන්සේ තම අනුගාමිකයින් පිරිසක් සමගින් වැඩම කරමින් උන් සේක.
ගමන අතර තුර වැවක් පසුකරනවාත් සමගම තතාගතයන් වහන්සේ තම අනුගාමිකයෙක් අමතා මෙසේ වදාල සේක,

“මට ඉමහත් පිපාසාවක් දැනේ. කරුණාකර මට අර අසල පෙනෙන වැවෙන් දිය බිඳක් බීමට ගෙනවිත් දෙනුමැනව”



අනුගාමිකයා වැවටට ලංවනවාත් සමගම
ගොන් කරත්තයක් වැව හරහා යෑමට පටත් ගෙන වැවේ දිය මඩවී බොරවිය.
එහෙයින් ඔහු මෙසේ සිතන්නට විය,



“මම කෙසේ මෙම මඩ දිය තතාගතයන් වහන්සේට බීමට පිලිගන්වන්නේද?”

එබැවින් ඔහු නැවත පැමිණ බුදුන් අමතා මේසේ පැවසීය,

“තතාගතයන් වහන්ස වැව්දිය මඩින් කැලතී ඇත. එය බීමට සුදුසු තත්වයක නොපවතී.”

අනතුරුව අඩහෝරාවක පමණ කාළයකට පසුව
නැවතත් තතාගතයන් වහන්ස එම අනුගාමිකයාගෙන්ම දිය විමසීය.
ඔහු නැවතත් වැව කරා ගොස් ආපසු පැමිණ
තතාගතයන් හට දන්වා සිටියේ තවමත් දිය බොරවී ඇති බවයි.
ස්වල්ප වේලාවක් ගතවීමෙන් අනතුරුව
නැවතත් එම අනුගාමිකයාම අමතා බුදුන් දිය විමසන සේක.
මෙම අවස්ථවේදී අනුගාමිකයා පැමිණෙන විට දියෙහි බොර ස්වභාවය පහව ගොස්
දිය පිරිසිදුව හා පැහැදිළිව තිබුනි.
ඔහු බුදුරදුන් උදෙසා දිය රැගෙන ගියේය.



තතාගතයන් වහන්සේ දිය දෙස බලා තම අනුගාමිකයා අමතා මෙසේ වදාල සේක,



“ඔබ දිය පිරිසිදු කිරීම සඳහා කුමක් කලේද?

කිසිවක් නැත.
කලේ බලාසිටීම පමණි. දිය තමන් විසින්ම ඉබ් යතාතත්වයට පත්විය.
එවිට ඔබට පැහැදිලි පිරිසිදු දිය ලැබුනි.”

“ඔබේ මනසද මෙසේමය.
එයට බධාවන් පැමිණි අවස්ථාවන්හිදි එයට ඉඩ දෙන්න.
එයට කුඩා කාලයක් ලබා දෙන්න.
එය තමන් විසින්ම යතාතත්වයට පත්වනු ඇත.
එය සංසුන් කිරීම සඳහා ඔබ බලපෑම් නොකරන්න.
එය සන්සුන්වේවි. නිරුත්සහවත්ලෙස සන්සුන්වේවි.”

මනස සංසුන් කරවීම මහත් පරිශ්‍රමයක් දරා කළයුතුතක් නොවෙති.
එය නිරුත්සාහි ක්‍රියාවළියකි.....!!!

සියල්ලන් හට අචාරසම්පන්නව සලකන්න
කිසිවකු තමන්ට අශෝභන ලෙස සැලකුවත් ඔවුන් අප්‍රියයන් ලෙස නොදකින්න
මන්ද යත් සැමවිටම ඔබ ප්‍රියජණක අයකු වන නිසාය.

aththa

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් මනුරංග විජේසේකර රචනා කළ,ළහිරු පෙරේරා ගායනා කරන“එන්න දිනවන්න” මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබු ගීතය පිලිබදව ප්‍රවීණ ගීත රචකයන් දැක්වූ අදහස් පහත වේ.

රස්තියාදුකාර භාෂාවක් - සමුද්‍ර වෙත්තසිංහ
මහා ග්‍රාම්‍ය අව්‍යක්ත ප්‍රකාශනයක් විදිහටයි මම මේ ගීතය දකින්නේ. ගීතමය භාෂාව පිළිබඳවවත් මූලික අවබෝධයක් නොමැතිව මේ ගීතය රචනා කර ඇති බවයි මට පෙනෙන්නේ.

අපිට සුලභව අහන්න ලැබෙන නොගැඹුරු රස්තියාදුකාර භාෂා විලාසයක් මේ ගීතයේ අන්තර්ගතයි. ඇත්තටම ගීතයකට අවශ්‍ය භාෂාත්මක සාධනීයතාව මේ වචන තුළ නැහැ.

පද රචනය දැකලා මට ලැජ්ජා හිතුණා - නිලාර් එන්. කාසිම්
මම තවම මේ ගීතය ඇහුවෙ නැහැ. නමුත් මේ ගීතයේ පද රචනය පුවත්පතකින් දැක්කා. ඇත්තටම ඒ ගීතයේ පද රචනය දැක්කහම මට ලැජ්ජා හිතුණා.

මම දන්නෙ නැහැ මේ ගීතය කවුද ලිව්වේ කියලා.මෙහි දකින්නට තිබෙන්නේ වෙන රටවල්වලට ජාතීන්ට කරපු පහත් පෙළේ අපහාසයක් පමණයි.මට හරිම පුදුමයි මේ වගේ ගීතයක් මේ අයුරින් නිල ජයඝෝෂා ගීතයක් ලෙස යොදා ගත්තේ ඇයි කියලා.


අවබෝධයක් නැතිව ලියපු ගීයක් - බුද්ධදාස ගලප්පත්ති
මම මේ සින්දුව ඇහුවෙ නැහැ. ඇත්තටම මට මේ සින්දුව අහන්නවත් දකින්නවත් ඕන නැහැ. මොකද මේ ගැන පත්තරවල පළවෙලා තිබුණු දේ මම කියෙව්වා. ඒ වගේම මේ සින්දුව රචනා කරපු කෙනා කියපු දේත් පත්තරවල මම දැක්කා. මට ඒක කියවන විට තේරුණේ එයා මහා උජාරුවට මහා ලොකු සින්දුවක් කළා වගේ කතා කරල තියෙන බවයි.

‘වඩේ බදින්න එන්න, චට්නි හදන්න එන්න’ මේ ගීතය ලියපු කෙනාට ඔළුවෙ අමාරුවක් තියෙනවද දන්නෙ නැහැ. ඇත්තම කියනවානම් ක්‍රිකට් පටලවාගෙන තමයි මේ ගීතය රචනා කර තිබෙන්නේ.මෙය අන්තිම බාල අවර ගණයේ නිර්මාණයක් විදිහටයි මට පෙනෙන්නේ.

අනිත් රටවල් හෙළා දැකලා - කැළුම් ශ්‍රීමාල්

මේ ගීතයේ අන්තර්ගතයේ ඇති දෙයක් නැහැ.මේ ගීතය ඇත්තටම අනෙක් රටවල් පහත් කොට සැලකීමක්. පරුෂ වචනවලට බෙහෙවින් සමාන වචන මාලාවක් මෙයට යොදාගෙන තිබෙන බව පෙනෙනවා.

ශ්‍රී ලංකා ටෙලිකොම් වැනි ජාතික ආයතනයක් මෙවැනි අවර ගණයේ ගීතයකට අනුග්‍රහය දක්වපු එක ගැන සදාචාරාත්මක ප්‍රශ්නයක් තිබෙනවා. ඇත්තටම මෙවැනි ගීත හැදෙන රටක ගීත රචකයෙක් විදිහට කටයුතු කරන්න සිදුවීම තුළ මට මං ගැනම දුක හිතෙනවා.

මට නම් රසයක් විඳින්න පුළුවන් - ආචාර්ය අජන්තා රණසිංහ

මේ ගීතය විනෝදාත්මක ගීතයක් ලෙස හඳුන්වන්න මම කැමැතියි. නමුත් මෙහි ප්‍රතිවාදීන් අවඥාවට ලක්කරලා තිබෙනවා. එයට නම් මම කිසිසේත්ම කැමැති නැහැ.අනෙක මේ ගීතය නිල වශයෙන් පිළිගත යුතු ගීතයකුත් නොවෙයි.

ලහිරුගේ එන්න දිනවන්න ගීතය

http://www.gossip9.com/2011/02/blog-post_5799.html