මෙරට බහුතර ජනතාවක් අතර පැතිරි තිබෙන මතයක් වන්නේ අතීතයේ ශ්‍රී ලංකාවේ රත්රන් භාවිතය මහා පරිමාණයෙන් සිදු කළ බවකි. රජවරුන් මෙන්ම එකල මෙරට ප්‍රභූවරුන් හා ඔවුන් ගේ පවුලේ ඇත්තන් රත්රන් භාවිත කළ බවට ජනප්‍රවාද රැසක් අප අතර ඇත. රජතුමන් ගේ ඔටුන්න දඹ රනින් කළා යන්න ද එවන් කතා අතර වෙයි. එසේ නම් දඹ රන් යනු මෙනවා ද? දඹ රනින් කරවූ බුදු පිළිම නිධන් වස්‌තු වශයෙන් හමු වේ ය යන්න ද ප්‍රචලිත දෙයකි. මේ කරුණු සියල්ල ම සත්‍ය කරුණු විය හැකි වුවත් මේ රටේ රත්රන් නිධියක් ලෙස දක්‌නට නැත. එසේ නම් මේ කියන දඹ රන් හෝ රත්රන් මෙරටට ලැබුණේ කෙසේ ද? ශ්‍රී ලංකාවේ රත්රන් නිෂ්පාදනය කෙරී ඇත්තේ ඉතා සුළු වශයෙනි. අප රටේ මූලික සන්දර්භවල රත්රන් හමු වන්නේ එක ම අවස්‌ථාවක දී පමණි. ඒ, ඉබ්බන්කටුව සුසාන භූමියෙන් හමු වූ ඉතා තුනී රන් තහඩුවකි. අනුරාධපුර මුල් කාලයේ දී රන් කරඬු හමු වෙයි. මේවා උණු කර වාත්තු කරන ලද ඒවා නො වන අතර රත්රන් සුළු ප්‍රමාණයක් තලා සකස් කළ ඒවා වෙයි. හමු වන රන් බුදු පිළිම ලෝකඩවලින් නිපදවාගෙන තිබෙන අතර ඒවා රන් ආලේප කර තිබීම රන් බුදුපිළිම ලෙස හැඳින්වීමට හේතුවකි. මෙයින් පැහැදිලි වන්නේ රත්රන් ලංකාවේ මහා පරිමාණයෙන් නො තිබුණු බවකි.
අනුරාධපුර යුගයේ රත්රන් හමු වන්නේ අභයගිරිය කැණීම්වල දී පමණි. මේ යුගයේ දී රටේ ප්‍රභූවරුන් අතර රත්රන් භාවිත වූ නමුත් පොදු ජනයා අතර රත්රන් බහුලව භාවිත වුණු බවක් දක්‌නට නැත. මේ හා සම්බන්ධව පුරාවිද්‍යා ගවේෂක ඉන්දික විතානගේ මහතා දරන්නේ මේ වැනි අදහසකි.
ශ්‍රී ලංකාවේ රන් නිෂ්පාදනය සිදු වන්නේ ඉතා සුළු පරිමාණයෙන්. බොහෝ දෙනා අතර තිබෙන මතයක් තමයි ශ්‍රී ලංකාවේ තිබෙන්නේ දඹරන් පිළිම කියල. මෙයින් අදහස් කරන්නේ තනිකර රත්රන් කියන එක නො වෙයි. දඹ රන් කියන්නේ ජම්බු නදී රත්රන් කියන එකයි. එහෙම කියන්නේ ඉන්දියාවේ ජම්බු නදිය ආශ්‍රිත ප්‍රදේශයෙන් හමු වන රත්රන් නිසයි. ශ්‍රී ලංකාවේ වලවේ ගඟ ආශ්‍රිත වේලිඔය ප්‍රදේශයෙන්, කළුගඟ ආශ්‍රිත රත්නපුර හා ගිලීමලේ, මහවැලි ගඟ ආශ්‍රිත කන්තලේ සූරියපුර ප්‍රදේශයෙන් හා මාඔය ආශ්‍රිත ප්‍රදේශවලින් රත්රන් හමු වෙනවා. මේවා නිධි වශයෙන් නො වෙයි හමු වෙන්නේ. කුඩා වැලි කැට වැනි කැබැලි වශයෙන්. ඉන්දියාවේ ජම්බු නදිය ආශ්‍රිත වත් රත්රන් හමු වන්නේ මේ කුඩා කැබැලි ආකාරයටයි. මේවා ඉංග්‍රීසියෙන් Stream bold කියලයි හඳුන්වන්නේ. දඹ රන් කියල හඳුන්වන්නේ අතීතයේ දී ඉන්දියාවේ ජම්බු නදී ආශ්‍රිත ප්‍රදේශයෙන් ශ්‍රී ලංකාවට ගෙන ආ නිසා වෙන්න ඇති. ශ්‍රී ලංකාවේ රන් කාසි තැනීම සඳහා ශ්‍රී ලංකාවෙන් සුළු ප්‍රමාණයක් රන් ලබා ගත්තාට අමතරව විදේශවලින් ගෙන එන්නට ඇති. ශ්‍රී ලංකාවේ රන් කාසි අඩුවෙන් තමයි නිෂ්පාදනය කරල තිබෙන්නේ. තඹ කාසි තමයි වැඩිපුර හමු වන්නේ. එයට හේතුව සේරුවිල තඹ නිධිය.
කාසි නිෂ්පාදනයට රත්රන් පිටතින් ගෙනත් තිබෙන්නේ රෝමය හරහා වෙන්නත් පුළුවන්. ක්‍රිස්‌තු වර්ෂ 77 දී ප්‍රිනී නම් ගවේෂකයා කියනවා රෝම අධිරාජ්‍යයෙන් රත්රන් විශාල ප්‍රමාණයෙන් දකුණු ආසියාවට ඇදිල යනවා. මේ තත්ත්වය රෝම අධිරාජ්‍යයට විශාල ගැටලුවක් වෙන්න පුළුවන් කියල. දකුණු ආසියාවට ආපු රත්රන්වලින් යම් ප්‍රමාණයක් ලංකාවටත් ලැබෙන්න ඇතැයි සිතන්න පුළුවන්. රෝමවරුන් දකුණු ආසියාවේ ගනුදෙනු කළ ප්‍රධාන වෙළෙඳ පොළ තිබුණේ අරිකමේඩු ප්‍රදේශයේයි. අරිකමේඩු ප්‍රදේශයත් ශ්‍රී ලංකාවත් අතර අතීතයේ දී වෙළෙඳ ගනුදෙනු කරල තිබෙනවා. අදත් ඉඳහිට හෝ ශ්‍රී ලංකාවෙන් හමු වන රෝම කාසි අරිකමේඩු හරහා මේ රටට ලැබෙන්න ඇති.
අභයගිරිය කැණීම්වලින් තමයි රත්රන් යම් ප්‍රමාණයක් හමු වෙන්නේ. ඉතා තුනී රන් තහඩු තලල අවශ්‍ය හැඩයට අනුව නවල එතුළ ම සඳුන් කූඩු වැනි ද්‍රව්‍ය පුරවල වළලු වැනි අබරණ හදල තිබුණා. සිංහාසන, වටිනා දැව වර්ගයකින් හදල තුනී රන් තහඩුවලින් ආවරණය කරන්නට ඇති. ලංකාවේ නිෂ්පාදනය කළ බොහෝ රන් ආභරණ රත්රන් නූල්වලින් වියා සකස් කළ බවක් දක්‌නට ලැබෙනවා. මෙයට හේතුව අඩු රත්රන් ප්‍රමාණයක් මෙරටින් හමු වීම හා රත්රන් භාවිතය අවම කිරීම විය හැකියි. රන් කාසි විදේශයෙන් ගෙන ආ රත්රන්වලින් සාදන්න ඇති. ශ්‍රී ලංකාවේ පිඟන් නිපදවීමට තරම් ප්‍රමාණවත් රත්රන් ප්‍රමාණයක් නො තිබුණ ද විදේශයෙන් ගෙන්වා ගත් රත්රන්වලින් පිඟන් නිපදවා තිබුණේ ද නැත. එසේ නම් රජ මැඳුරුවලත් ප්‍රභූ පවුල්වලත් රන් පිඟන් භාවිත කළා ය කියන කථාවේ සත්‍යයක් තිබේ ද? මේ සම්බන්ධව අදහස් දක්‌වන පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රන්ජිත් බණ්‌ඩාර දිසානායක විද්වතුන්ට අනුව රත්රන්වලින් භාජන මෙරට නිපදවා නැතත් ඒ හා සමාන වූ ද්‍රව්‍ය විශේෂයකින් පිඟන් වැනි භාණ්‌ඩ නිපදවා ඇති බැව් පෙනේ. පිඟන් නිපදවීමට තරම් සුවිශේෂී වූ මැටි වර්ගයකින් සාදන ලද භාණ්‌ඩවල රන් පැහැයක් ගත් ඛනිජ විශේෂයක් වන මයිකා (gold mica)වලින් සාදන ලද ද්‍රව්‍යයක් ආලේප කර ඇත. මෙය ඉතා වටිනා ඛනිජ විශේෂයක් බැවින් රත්රන්වලට ආදේශකයක් ලෙස භාවිත කර ඇත.
මෙයින් පැහැදිලි වන කරුණක් වන්නේ එකල රත්රන්වලත් රන් මයිකාවලත් අතර තිබෙන ආර්ථික වටිනාකම ඇගයීමට ලක් වී නො තිබීම විය හැකි ය. රන් වෙනුවට මේ මයිකා විශේෂය භාවිත කිරීමට හේතුව එහි රන් පැහැයක් තිබීම හා මේවා දුර්ලභ ඛනිජයක් වීම විය හැකි ය.
රන්ජිත් බණ්‌ඩාර දිසානායකයන් ගේ පර්යේෂණවලට අනුව මාගම රාජධානියට අයත් තිත්සමහාරාමය අවට ප්‍රදේශයේ කළ කැණීම්වලින් රත්රන් මයිකාවලින් සාදන ලද පිඟන් හා වළං කැබැලි හමු වී ඇත. මෙයින් හම්බන්තොට ප්‍රදේශයේ රන් මයිකා ඇති බවත් ඒවා නිස්‌සාරණය කිරීමෙන් ආලේප සකස් කරගන්නට ඇති බවත් සිතිය හැකි ය. අනුරාධපුර රාජධානියේ භාවිත කළ රන් මයිකා හොරොව්පතාන ප්‍රදේශයෙන් සොයාගෙන ඇත. කන්තලේ වැවට ඉහළින් වෙන්ඩ්‍රාසන් වැව අසලින් මයිකා තිබෙන ප්‍රදේශයක ද මේවා හඳුනාගෙන ඇත. පුරාවිද්‍යා ගවේෂක ඉන්දික විතානගේ පවසන අන්දමට නිස්‌සංකමල්ල රජතුමන් විසින් පිහිටුවන ලද නිශ්ශංකමල්ල ගල්පොත ලිපියේ දඹුලු විහාරයේ හිටි පිළිම, හිඳි පිළිම, ඔත් පිළිම යන සියල්ලේ ම රත්රන් ආලේප කර ඇති බැව් සඳහන් වෙයි. දඹුලු විහාරයට රංගිරි දඹුලු යන නාමය ලැබීමට ද හේතුව පිළිම රන් ආලේප කර තිබීම ය. එසේ නම් මේ පිළිමවල ආලේප කළේ සැබෑ රත්රන් ද නොඑසේ නම් රත්රන් මයිකා (gold mica) ද යන්න විමසිය යුතු වෙයි. මේ බැව් සනාථ කිරීමට පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ හිටපු අධ්‍යක්‍ෂ ආචාර්ය නිමල් පෙරේරා විසින් මේ පිළිම කුඩා සිදුරු කිරීමකට ලක් කර එහි අභ්‍යන්තරයේ හරස්‌කඩ විවිධ ස්‌ථර පරීක්‍ෂාවට ලක් කර ඇත. මේ ස්‌ථර පරීක්‍ෂාවෙන් දැවවලින් කළ පිළිමවලට බදාම ගෑ ස්‌වරූපයක් හඳුනාගෙන ඇත. කලින් කලට වර්ණ ආලේප කළ බවක් ද හෙළි වී ඇත. එහෙත් කිසි ම ස්‌ථරයක රන් ආලේප කළ බවක් හෝ වෙන ලෝහයක් ආලේප කළ බවක් හෝ හෙළිදරව් වී නැත. මේ අනුව නිශ්ශංකමල්ල යුගයේ දී දඹලු ලෙන්වල රත්රන් වෙනුවට ආදේශකයක් ලෙස රත්රන් මයිකා ආලේප කළා විය හැකි ය.