අමිළ's blog
║▌│█│║▌║││█║▌║▌║║▌ ║▌│█│║▌║││█║▌║▌║║▌ © Original Profile & Official®
- Amila Nushan Wijeratne
- Colombo, Dehiwala, Sri Lanka
- සබඳ අපි "අලි" නොවෙමු, උනුන් කාගෙන මැරෙන..... "බුලත්" හපයොත් නොවෙමු, එකම පවුලට වඳින.....// බොල් "සීනුවක්" නොවෙමු, දනන් ගොනුනට අඳින..... සොඳුරු අඬහැරය වෙමු, හෙළය නින්දෙන් මුදන.....//
Monday, July 16, 2012
වර්ගපූර්ණිකාව...
බොහො දෙනෙකු වර්ගපූර්ණිකාව ගැන අහන නිසාම මේ ගැන ලියන්න හිතුනා..
අපේ ඉන්න පරණ යකුන්නේ රැහේ ඇත්තෝ මම ගැන වැරදියට තේරුම් ගන්න එපා මේක පබ්ලිශ් කලා කියලා..
යක්‌ෂ ගෝත්‍රිකයන් පිළිබඳ අතිශයින් දුර්ලභ තොරතුරු රැගත් මූලාශ්‍ර අතර වැදගත් තැනක් ගන්නේ රවිශෛලාශ (රාජකරුණා)
වංශයට අයත් වරිගපූර්ණිකාව නම් වූ පුස්‌කොල ග්‍රන්ථයයි.
Tuesday, April 24, 2012
දුටුගැමුණු රජුගේ මරණය ඝාතනයක්?
"වීරත්වය" මිනිසුන් ශ්‍රේෂ්ඨත්වයට පත්කරනු ලබයි. ලෝකයේ සෑම රටකටම අයත් ඉතිහාසය තුළ ප්‍රබලත්වයක් හිමිකර දෙන්නේ වීරයන් සඳහාම පමණකි. ඉතිහාසය තුළ ආකර්ෂණීය ඉඩක් වෙන්කරගත් කවර තරාතිරමකම පුද්ගලයකු වුවද ඔහු වීරයෙකි. විශිෂ්ට වූ ලේඛනගත ඉතිහාස මාර්ගයක් ඔස්‌සේ දීර්ඝතම ගමනක් යා හැකි ලෝකයේ එකම ජාතිය ශ්‍රී ලාංකිකයන් වූ අප වන්නෙමු. ඒ පිළිබඳව ආඩම්බර වන්නා සේම ඉන් නොනැවතී තම තම නැණ පමණින් ඉතිහාස මාර්ගයේ යම්තාක් දුරට ගමන් කිරීමේ වගකීම ද අප සතුය. ලාංකේය ඉතිහාස මාර්ගය ඔස්‌සේ පියමන් කිරීමේදී හමුවන ප්‍රබලතම සංධිස්‌ථානයක් ලෙස ක්‍රි.පූ. 161-137 යන කාලපරාසය හැඳින්විය හැකිය. "මහාවංශය" සහ "ථූපවංශය" වැනි ශ්‍රී ලංකාවේ ඉතිහාසය ලියෑවී ඇති ලෝක පූජිත වංශ කතාවන් තුළ මෙම කාලපරාසය පරිච්ඡේද ගණනාවක් පුරා විකාශනය කර ඇත. ලංකා ඉතිහාසයේ ප්‍රබලතම යුද වීරයා වූ දුටුගැමුණු රජුගේ අවුරුදු 24 ක පරිපූර්ණ රාජ්‍ය කාලය මෙය වීම මෙලෙසින් ආකර්ෂණීය ඉතිහාසමය ඉඩකඩක් ක්‍රි.පූ. 161-137 කාලපරාසය සඳහා වෙන්කර තැබීමට මුල් වූ එකම හේතුවයි.
Saturday, January 21, 2012
රාවන රජ
රාවන රජ අපට සිටි වැදගත්ම රජු හෝ රාවන අපේ පළමු රජු හෝ කියන්නට සාක්ෂි හෝ අතිශයෝක්ති අපට නැත. රාවන වන්දනාව හෝ රාවනට අසාමාන්‍ය ශක්තීන් ආරෝපණය කිරීමද අපි දැඩිව හෙළා දකිමු. ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන රාවන දෙවොල් සාදති. ඒ ඔස්සේ මිෂනාරී ආක‍්‍රමණයන්ට උඩගෙඩි දෙන බුදුදහමට වින කරන අළුත් සංස්කෘතියක් බිහිකරන්නට වෙර දරති. මේ පිරිස මේ වනවිටත් ලංකාවේ රාවන නාමය යොදා ගෞතම බුදුන්ට කැපවූ පන්සල් නාම වෙනස් කිරීම සිදු කොට ඇත. කුරුණෑගල දිසාවේ තවත් පන්සලක හිමි නමක් කීවේ තමන් ළඟදීම රාවන පිළිමයක් ලෙනක අඹන බවය. කොළඹ රාවන දෙවොලක් තනන බවට එක්තරා දේශපාලනික පක්ෂයක හිමිනමක් වරක් ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කොට තිබුණි. මෙය භික්ෂුවකගේ
Friday, January 20, 2012
මහාසෙන් තාණ්ඩවය
තාණ්ඩවය
තාණ්ඩවයක් යනු පුද්ගලයෙකුගේ වීරත්වය සහ ශ්‍රේෂ්ඨත්වය වනමින් ලියැවුණු ගීත විශේෂයකි. මෙයම නර්තනයේදී වේගවත් නර්තනාවස්ථාවක් වන්නේය. මෙම තාණ්ඩව ලියැවෙන ශෛලියක් ඇත. ලොව පළමු තාණ්ඩවය ලියැවී ඇත්තේ රවුළන් අතිනි. ඒ සිව වෙනුවෙනි. වසර 10000කට පමණ පෙර කතරගම විසූ සිව වෙනුවෙන් වසර 5000කට පමණ පෙර විසූ රාවන රජු ලියා ඇති තාණ්ඩවය ලියා ඇත්තේ සකු බසිනි. මා, මෙතෙක් ලොව ලියැවී ඇති වඩාත් රිද්මයානුකූල, සංගීතවත්ම පදරචනය ලෙසින් දකින්නේ එයයි.

Thursday, September 29, 2011
The Buried Kingdom of Kotte
Past the junction of Rajagiriya, now the gate-way to the administrative hub of our island, namely the Sri Jayawardene Parliament Complex, one enters a strange terrain. Externally no evidence of any extraordinary or spectacular aspect is visible since the suburban aspects of Colombo s fringe territory marked by the thick asphalt and concrete jungle continues here too with a regular monotony. But what makes the terrain special is that underneath all these modern concrete structures and the network of roads on which a seething populace walk and ribbons of vehicles ply back and forth in mad frenzy, sleeps a mighty city.
The Map
It was the capital of our island from 1415-1565 AD predominated by the long reign of Parakrama Bahu VI, the last Sinhala king who ruled a unified Lanka. The attacks on the kingdom
Thursday, September 22, 2011
රාවණ ගැන කියවෙන කවි...
රාවණ ගැන කියවෙන කවි...
සමනල රුව කෙටූ ගල සමනල කන්ද
හක්ගෙඩි රුව ඇති ගල හක්ගල කන්ද
තලමල කොටා ඇත උස තලගල කන්ද
බඹර රුව ගලේ ඇති බඹරා කන්ද
නුගපොළ කිරිකටිය සහ එක්ගස් කන්ද
යක්කුන් සතු නිධන් ඇති මහ කන්ද
කොටපොළ කන්ද මහදිග බට දඞු කන්ද
නිධන් වස්තු තවඇත සීගිරි කන්ද
කිකිළිගේ රූපයක් ඇත කිකිළිය මානේ
රාවණ සිරුර ඇත මහකුඩුගල මුදුනේ
ඇටි කුකුලෙකුගෙ රුව ඇටිපොළ කඳු මුදුනේ
ඊතලයක ලකුණ ඇත ලග්ගල මුදුනේ
නිල්ගල කඳුවැටිය විභිසනගේ පෙදෙස
කිරිගල්පොත්ත නියඳගොඩ රවුලුගේ පෙදෙස
රම්බොඩ වැදිමලේ සූරිය පිදු පෙදෙස
මේසැම පෙදෙස විය යක්කුන්ගේ පෙදෙස
ඔමරාගොල්ල මහ ආයුධ ගබඩාව
නමුණුකුලය සගවා ඇත යගදාව
රක්වානේ කඳුමුදුනේ සිරියාව
මහවෙද නිධානය ගනු නොපමාව
කබරගේ රුව කොටා ඇති කබරාගලය
රක්වන කඳුමුදුනේ රාවණ කිරීටය
මොරොන් කන්දමුදුනේ මහ නිධානය
අක්ෂර කෙටූගල පණ්හිඳ නිධානය
දෝස්ත්‍ර මොහන්දිරම් වර්ණසූරිය ගුරුන්වහන්සේගේ පෞද්ගලික පුස්තකාලයෙන්
Wednesday, August 31, 2011
යහපත් ස්වාමි, භාර්යා සබඳතාවකට... -
ස්වකීය ස්වාමියා නිවෙසට පැමිණි විට බොහෝ කලකින් හමුවූ යහළුවකු මෙන් මුව පුරා සිනාසී ඔහු යම් ආකාරයෙකින් සුහදව පිළිගනී ද, කුලය රකින්නා වූ ඇය පතිවත ඇත්තීද, ඇය සඛි භරියා යැයි දත යුතුය. යම් විටෙක කිපුණු ස්වාමියා විසින් දඬු ගෙන භාර්යාවට තලනු ලබන විට තම ස්වාමියා කෙරෙහි දුෂ්ඨ චිත්ත නැතිව ඔහුට කමා කරන යම් භාර්යාවක ඇත්ද, ඇය දාස භාර්යාව යැයි හඳුන්වනු ලැබේ.
ක්‍රි. පූ. 6 වන සියවස පිළිබඳ සලකා බලන කල්හි එකල කාන්තාවට සමාජයේ පැවැති තත්ත්වය සතුටුදායක නොවන බව පැහැදිලිය. එයට මූලික හේතු වශයෙන් සැලකිය හැක්කේ එකල සමාජ බලය අල්ලාගෙන සිටි බ්‍රාහ්මණ ආධිපත්‍ය බව සඳහන් කළ හැකිය.
බුදුරජාණන් වහන්සේගේ පහළ වීමත් සමඟ මෙම තත්ත්වය ක්‍රමයෙන් වෙනස් වන්නට විය. මාතෘත්වය වැනි කාරණා මුල් කොටගෙන තථාගතයන් වහන්සේ විසින් සකසන ලද සමාජ අඩිතාලම විශාල සමාජ පෙරැළියකට හේතු වන්නට විය.
එමනිසා බුදු සමයේ කාන්තාවට ගැරැහීම හෝ ඇය අවඥාවට ලක් කිරීම හෝ කිසිවිටක අනුමත කොට නොමැත.
තථාගතයන් වහන්සේ නිතර උත්සාහ කොට ඇත්තේ කාන්තාවට සමාජයේ නිසි තැන ලබා දී ඇය තම සැමියා ඉදිරියේ හා සමාජය ඉදිරියේ ගෞරවාන්විත චරිතයක් බවට පත් කිරීමටය.
අංගුත්තර නිකායේ ඡක්ක නිපාතයේ සඳහන් සප්ත භරියා සූත්‍ර දේශනයෙන් උන්වහන්සේ පැහැදිලි කොට ඇත්තේ උසස් කාන්තාවක ලෙස තම සැමියා ඉදිරියේ පැවැතිය යුතු උතුම් ගුණාංග කෙසේ විය යුතුද යන්න හා යහපත් ස්වාමියකුට යහපත් බිරියක් වශයෙන් කටයුතු කොට යහපත් පවුල් සංස්ථාවක් ගොඩනඟා ගන්නා ආකාරය වන්නේ ය.
දිනක් සුජාතා සිටු දියණිය අරභයා මෙම සප්ත භරියා සූත්‍රය තථාගතයන් වහන්සේ විසින් දේශනා කරනු ලැබූ අතර එහිදී උන්වහන්සේ සුජාතාව අමතා ප්‍රකාශ කොට සිටියේ භාර්යාවන් සත් දෙනකු ඇති බවය. ඒ වධකසමා, චෝරිසමා, අරියසමා, මාතුසමා, භගිනිසමා, සඛිසමා, දාසිසමා වශයෙනි. මෙම භාර්යාවන් සත් දෙනාගෙන් තිදෙනකු ස්වකීය ස්වාමියාට මහත් හිරහැර සහගත අතර සිව් දෙනකු යහපත් ගති ඇත්තියන් ලෙස දක්වා ඇත.
යම් බිරියක් වනාහි දුෂ්ඨ වූ සිත් සහිතව, පුරුෂයාට හිතානුකම්පා රහිතව කටයුතු කරයි ද පරපුරුෂයන් පිළිබඳ නිතර සිතමින් ඔවුන් පසුපස යන්නීද, සිය සැමියා ඉක්ම සිතයි ද, හැසිරෙයි ද, නිතර නිතර ස්වකීය සැමියාගේ ධනය විනාශය පිණිසම කටයුතු කරයි ද, ඇය වධක භාර්යාව යැයි දත යුතුය.
මෙවැනි භාර්යාවක් ලද යම් ස්වාමි පුරුෂයකු ඇත් ද ඔහුගේ මෙලොව දිවිය පමණක් නොව පරලොව දිවිය ද පිරිහී යන බව දත යුතුය.
කිසියම් බිරියක් ස්වකීය ස්වාමියා විසින් ගොවිකම් හෝ වෙළෙදාම් කොට උපයනු ලබන යම් ධනයක් ඇත් ද, එම ධනයෙන් ස්වල්පයක් හෝ සොරකම් කිරීමේ සිත පහළ කරගන්නීද, එසේ කරයි ද, ඇය චෝර භාර්යාව යැයි තථාගතයන් වහන්සේ මෙහිදී පැහැදිලි කළ සේක. බිරිඳ විසින් තම ස්වාමියා දුක් මහන්සියෙන් උපයන ධනය සොරාගනු ලබන්නී ද ඇය තම සැමියාගේ විශ්වාසනීයත්වය බිඳ දමන ලද සෙරක බැව් මෙහි දත යුතු කරුණකි.
ඇතැම් ස්ත්‍රියක තම ස්වාමියාගේ කටයුතු නොරුස්සන්නීය. එසේම නිතර නිතර ආහාරයෙහි ගිජුව කටයුතු කරන්නීය. රළු චණ්ඩ ගති ඇති ඇතැම් ස්ත්‍රීහු ස්වාමියා වචංනිකව රවටනු සඳහා ඔහු ඉදිරියේ දත් පෙන්නමින් සිනාසුන ද නිතර කෝපයෙන් හා ඊර්ෂ්‍යාවෙන් කටයුතු කරති. ඇය අරිය භාර්යාව යැයි පෙන්වා දී ඇත.
යම් බිරිඳක් ස්වාමියාට හිතානුකම්පා ඇතිව මවක තම පුතුට සත්කාර කරන්නා සේ හිමියා රකින්නීද, සැමියා උපයන ධනය ආරක්ෂා කරන්නීද, මෙබඳු බිරියක ලද්දේ නම් ඇය මාතෘ භරියා නම් යැයි දත යුතුය. එසේම ජ්‍යෙෂ්ඨ සොහොයුරියක තම කනිටු සොහොයුරා යම් ආකාරයෙන් රකී ද ඒ ආකාරයෙන්ම තම ස්වාමියා කෙරෙහි ගෞරව සහිත වේ ද, ලජ්ජා සහිත වේ ද, ඇය භගිනි භාර්යාවක යැයි දත යුතුය.

මේ ආකාරයට මෙම භාර්යාවන් සත් දෙනා අතරින් පළමු තිදෙනා එනම්, මෙලොව යම් බිරියක වධකා යැයි කියනු ලැබේ ද, චෝරී යැයි කියනු ලැබේ ද, අරියා යැයි කියයි ද මේ තිදෙනා මරණින් මතු නිරයෙහි උපදින බවත්, එසේම මාතු භරියා, භගිනි භරියා, සඛි භරියා, දාසි භරියා යන සිව් දෙනා මරණින් මතු සුගතියේ උපදින බවත් තථාගතයන් වහන්සේ පැහැදිලි කළ සේක.
ස්වාමී, භාර්යා සබැඳියාව පිළිබඳ බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ සඳහන් පඨම සංවාස සූත්‍රයේ දී තවදුරටත් පැහැදිලි කළ සේක. එහි දී ඡවෝ ඡවාය සද්ධිං සංවසති, ඡවෝ දේවියා සද්ධිං සංවසති, දේවෝ ඡවාය සද්ධිං සංවසති, දේවෝ දේවියා සද්ධිං සංවසති යනුවෙන් පැහැදිලි කොට ඇත.
එහි දී ‘ ඡවෝ ඡවාය සද්ධිං සංවසති’ යනුවෙන් දක්වා ඇත්තේ ගුණ නැති පුරුෂයකු ඒ හා සමාන ගති ඇත්තියක සමඟ එකට විසීම වශයෙනි. එහි දී ස්වාමියා පස් පව් කරන අයකු වන අතර භාර්යාව ද ඒ අනුව යමින් නිතර පංච දුෂ්චරිතයෙහි ඇලී වාසය කරන බව දත යුතුය. එය මළ කඳක් මළ කඳක් සමඟ විසීම හා සමාන යැයි උපමා කොට ඇත. දුශ්ශීල පුරුෂයකු යම් ආකාරයෙකින් සිල්වත් බිරියක ලදහොත් එය මළ කඳක් සමඟ දේවතාවියක විසීම හා සමාන යැයි උපමා කොට ඇත. ස්වාමියා දුශ්ශීලකම් කළ ද බිරිය සිල්වත්ව කටයුතු කරන බවමහි පැහැදිලි කිරීම වී ඇත. එය ‘ඡවෝ දේවියා සද්ධිං සංවසති’ යනුවෙන් දේශනා කෛාට ඇත.
එසේම ‘දේවෝ ඡවාය සද්ධිං සංවසති’ යනුවෙන් දක්වන ලද්දේ සිල්වත් ස්වාමි පුරුෂයකුට දුශ්ශීල බිරියක ලැබීමය. මෙහි දී ස්වාමියා පස් පව්වලින් වැළැකී සිටිය ද බිරිය නිතර පංච දුෂ්චරිතයෙහිම ඇලී වාසය කරන බව දත යුතුය. එය දේවතාවකු මළ කඳක් සමඟ විසීම හා සමාන යැයි උපමා කොට ඇත.
යම් ආකාරයකින් ස්වාමියා සහ බිරිඳ යන දෙදෙනාම සිල්වන්ත නම් එය දේවතාවකු සමඟ දේවතාවියක එකට විසීම හා සමාන යැයි උපමා කොට ඇත. එය ‘දේවෝ දේවියා සද්ධිං සංවසති’ යනුවෙන් දේශනා කොට ඇත. මෙහි ඇති තවත් වැදගත් කරුණක් නම්, මෙවැනි සිල්වන්ත මවුපියන්ට යම් දරුවකු ඉපදුණ ද එම දරුවා මනා හික්මීමෙන් හා ගුණ නැණ දෙකින් අංග සම්පූර්ණ වීමය.
මේ ආකාරයට බුදුරජාණන් වහන්සේ සප්ත භරියා සූත්‍රයෙන් හා පඨම සංවාස සූත්‍රයෙන් පෙන්වා දී ඇත්තේ ස්වාමි, භාර්යා යන දෙදෙනාගේම යහපත් පැවැත්මෙන් හොඳ පවුල් සංස්ථාවක් ගොඩනඟා ගතහැකි බවය. එසේම දෙදෙනාගේ අයහපත් පැවැතුම් මුල්කොට අසාර්ථක දිවියකට මග පෑදෙන බවය

Saturday, August 20, 2011
ඉක්මන් කොටයි
[ලබු වැලක් සහ කිතුල් ගහක් අතර දෙබසක්]
ලබු වැල:වැඩුණු මහ ලොකුවට
කීයද වයස තමුසෙට
කිතුල් ගස:අහන එක පුදුමයි
දැන් මට වයස පනහයි
ලබු වැල:මට මාස හයකුත්
දවස් හතරකි තවමත්
කිතුල් ගස:ඔබ බාල බව මම
දැනගෙන සිටිමි හොදටම
ලබු වැල:නැතත් වයසක් මට
උස වෙමි ඔබේ තරමට
මට මෙන් ඉක්මනට
හැදෙන්නට බැරි මොකද තමුසෙට
කිතුල් ගස:ඉක්මනට හැදුණොත්
ඒ ඉක්මනින් නැතිවෙත්
මගෙ ඇගෙ වෙලීලා
මාසෙන් දෙකෙන් හැදිලා
ඔබ මෙන් මැළවිලා
දහස් ගණනක් ගියා මැරිලා
[ටිබෙට් ජාතික එස් මහින්ද හිමි]
Sunday, July 17, 2011
රාවණ යුගය මිථ්‍යාවක් නො වේ
රාවණ යුගය මිථ්‍යාවක් නො වේ
2011 මැයි මස 11 වැනි දින විදුසර පුවත් පතේ පළ වූ ඉන්දික විතානගේ මහතා විසින් යොමු කරන ලද "රාවණා සොයා යන්නෙනි.." යන ලිපියට පිළිතුරු වශයෙන් ලියමි.

එම ලිපිය කියවීම සදහා මෙතනින් පිවිසෙන්න...
ඔහු සිය ලිපිය මගින් රාමායණය තුළින් රාවණා ඔප්පු කළ හැකි නම් මහා භාරතය තුළින් ක්‍රිෂ්ණ ද ඔප්පු කළ හැකි බවට අභියෝග කරමින් මේ ග්‍රන්ථයෙහි එන සාහිත්‍යමය වර්ණනා මත පමණක් පිහිටා එහි ඇති සැඟවුණු ඵෙතිහාසික පුවත් ද බැහැර කරයි. මේ කෘතීන් දෙක ම වීර කාව්‍යයන් වන අතර ඒවා ඵෙතිහාසික කරුණු පෙළගැස්‌වීමට වඩා සාහිත්‍යමය පදනමක පිහිටා ලියන ලද බැවින් අතිශයෝක්‌ති, අලංකාර, මිථ්‍යා කථා බහුල වේ. එසේ වුව ද වීර කාව්‍යයක් ලියවෙන්නේ මිථ්‍යා පුද්ගලයකු කේන්ද්‍ර කරගෙන නො ව ඵෙතිහාසික වූ වීර පුරුෂයකු මුල් කරගෙන ය. ඒ අනුව රාවණා රජු ඵෙතිහාසික චරිතයක් වන අතර රාමායණය යනු මේ රජු හා රාම කුමරු මුල් කරගෙන ලිsයවුණු වීර කාව්‍යයකි. මහා භාරතයේ සඳහන් ක්‍රිෂ්ණා ද පුරාතන ඉන්දියානුවන් අතර සිටි වීරවරයකු වන අතර අටළොස් පුරාණ ග්‍රන්ථයන් මඟින් ද ඒවායේ ඇති අද්භූතමය කථා බැහැර කළ විට සැබෑ ඵෙතිහාසික තොරතුරු උකහාගත හැකි ය.
කෙසේ හෝ රාමායණයෙන් ගත හැකි ඵෙතිහාසික කරුණ නම් රාවණා රජු ලංකාව කේන්ද්‍ර කරගෙන ලංකාපුරය නම් රාජධානියක් ඉදි කොට පාලනය කළ අතර එයට යටත් රාජ්‍ය ගණනාවක් ම පැවැති බවයි. එබැවින් එතුමා අධිරාජ්‍යයෙක් ද විය. එසේ වුව ද නිරතුරුව ම දේශසීමා අරගල හා සතුරු බලවේග පැවැති අතර ඒවා උත්සන්න වීමෙන් අවසානයේ දී යුදමය වාතාවරණයක් ඇති විය. එමඟින් මේ අධිරාජ්‍යය විනාශ වූවා පමණක් නො ව ලංකාවේ විශාල කොටසක් මුහුදුබත් වීමෙන් ලංකාපුර රාජධානිය ද විනාශ විය. ශ්‍රී ලංකාව අනාදිමත් කාලයක සිට මුහුදුබත් වීම්වලට හා මුහුද ගොඩගැලීම්වලට ලක් වී ඇති බවට සාධක හමු වී ඇත.
මෙහි දී අතිශයෝක්‌තිය හා මිථ්‍යා කථා බහුල වූ ග්‍රීක වීර කාව්‍ය දෙකක් ඇසුරින් පර්යේෂණ කටයුතු පුළුල් කිරීමෙන් බටහිර පුරාවිද්‍යාඥයන් විසින් පැරැණි ශිෂ්ටාචාරයක් සොයාගනු ලැබීම නිදසුන් වශයෙන් දැක්‌විය යුතු ම ය. එනම් හෝමර් ගේ "ඉලියඩ් සහ ඔඩිසි" මඟින් ට්‍රොaජන් පුරය සොයා ගැනීමත් ඇරිස්‌ටෝටල් ගේ අත්ලන්තිස් පුරාවෘත්තයට" අනුව අත්ලාන්තික් සාගර පතුලේ පර්යේෂණ කිරීමෙන් අත්ලන්තිස් දිවයින සම්බන්ධව යම්කිසි ආකාරයකට කරුණු අනාවරණය කර ගැනීමට දැනට හැකි වී තිබීමත් ය. මේ අනුව රාමායණය, මහාභාරතය වැනි ග්‍රන්ථයන් ද සම්පූර්ණ මිථ්‍යාවක් වශයෙන් බැහැර නො කර තවදුරටත් පර්යේෂණ කිරීමෙන් එහි ඇති සත්‍යතාව සොයාගැනීම මෙහි දී වැදගත් වේ.
තව ද රාවණා රජු පිළිබඳව ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අයත් කුමාර තන්ත්‍රය උඩ්ඩීෂ තන්ත්‍රය අර්ක ප්‍රකාශය වැනි ග්‍රන්ථ මගින් ද කරුණු අනාවරණය වේ. ඒවායේ සඳහන් වන පරිදි මේ කෘතීන් ලංකේශ්වර රාවණයන් විසින් රචනා කරන ලද ඒවා වන අතර එබැවින් එතුමා දක්‌ෂ වෛද්‍යවරයකු වශයෙන් ද සලකනු ලැබේ. මේ කෘතීන්හි දැක්‌වෙන කාලනිර්ණයන්ට අනුව රාවණා රජු ජීවත් වූයේ කලියුග වර්ෂය ආරම්භ වූ සමයේ හෙවත් ක්‍රිස්‌තු පූර්ව දෙවැනි සහස්‍රකයේ ය. එනම් අදින් වසර හාර දහස් ගණනකට ප්‍රථමයෙනි.
තව ද ඉන්දික විතානගේ මහතා ප්‍රකාශ කරන පරිදි ලංකාවතාර සූත්‍රයේ සඳහන් වන්නේ රාමායණයෙහි එන රාවණා රජු බව කීමට සාධක නොමැත. විද්වත් මතයට අනුව "රාවණා" යන වචනය "සූර්යයා ගෙන් උපන්" යන තේරුම ද ගෙන දෙන බැවින් මෙමගින් සූර්ය වංශය නියෝජනය වන බවත් හෙළදිව පාලක පෙළපතේ නාමය "රාවණ" නම් වූ අතර බුද්ධ කාලීනව විසූ මෙරට රාජ්‍ය නායකයා "රාවණා" නම් වූ බවත් තහවුරු කර තිබේ.
තව ද උක්‌ත ලේඛකයා පවසන පරිදි මහායාන වූ පමණින් ලංකාවතාර සූත්‍රය මිථ්‍යාවක් ලෙස බැහැර කළ නොහැකි ය. එනම් බුදුන් වහන්සේට ථෙරවාදය හා මහායාන වශයෙන් භේදයක් නො තිබූ බැවින්, එය පශ්චාත් කාලීනව බිහි වූවක් බව සැලකිය හැකි ය. ලංකාවතාර සූත්‍රය යෝගාචාර විඥනවාදී බෞද්ධ දර්ශන සම්ප්‍රදායට අයත් ග්‍රන්ථයක් වේ. මේ සූත්‍රය පුරා විග්‍රහ වන කරුණුවල සංක්‌ෂිප්ත අර්ථය නම් "අපට ඉන්ද්‍රිය ගෝචර ව පවතින ලෝකය සත්‍ය පැවැත්මක් නො ව විඥානය මගින් නිර්මාණය කරගනු ලැබූ මායාවකට හා සිහිනයකට සමාන වන බවයි". පෙළ බුදු දහමට අයත් ඇතැම් සූත්‍ර දේශනාවන් මඟින් ද මේ කරුණු අනාවරණය වේ. ඒ අනුව විඥානවාදී ඉගැන්වීම් ථෙරවාදී ආර්ථකථනයන්ට වඩා පෙළ බුදු දහමට සමීප වේ. මේ සමීපතාවට අනුව බුදු රජුන් ලක්‌දිවට වැඩම කොට එවකට විසූ "රාවණා" නමැති මෙරට පාලකයා ඇතුළු පිරිසට දේශනා කළ ධර්ම කරුණු පසු කාලීනව අභයගිරිවාසී භික්‌ෂූන් විසින් ලංකාවතාර සූත්‍රය නමින් සකස් කොට ඉදිරිපත් කරන ලද බවට තර්ක කළ නොහැකි ද?
මීට අමතරව ඉන්දික විතානගේ මහතා පවසන්නේ රාවණා යුගය ඔප්පු කිරීමට නම් දඬුමොණර ස්‌ථර ලැබේ වා යි ප්‍රර්ථනා කරමින් අනුරාධපුර තිස්‌සමහාරාමය වැනි ස්‌ථානවල කැණීම් කළ යුතු බවයි. තවත් විටෙක, අප ගේ ස්‌වදේශාභිමානය සඳහා යුරෝපීයයන්ට පෙර අප ගේ මුතුන් මිත්තන් ගුවනින් ගිය බව පෙන්වීමට මේ පුවත වැදගත් වන බව දක්‌වයි. අප ගේ අනාගත කැණිම්වල දී දඬුමොණර ස්‌ථර ලැබීමට මෙන්ම නො ලැබීමට පුළුවන. අනෙක බටහිර ශිෂ්ටාචාරයට වඩා හෙළ ශිෂ්ටාචාරයේ ශේ්‍රෂ්ඨ බවක් දැක්‌වීමට අප ගේ අතීත මුතුන් මිත්තන් යුරෝපීයයන්ට පෙර ගුවන්ගත කරවීම අත්‍යවශ්‍ය දෙයක් නො වේ. ඒ සඳහා මෙහි පැවැති පැරැණි වාරි තාක්‌ෂණය මෙන්ම ගොඩනැඟිsලි වාස්‌තු විද්‍යාව හා සීගිරිය වැනි නිර්මාණයන් ද ප්‍රමාණවත් වේ. ඉන්දික විතානගේ මහතා නො දන්නවා යෑයි සිතෙන යමක් මෙහි දී සඳහන් කළ යුතු ය. අතිපුරාණ කාලවල දී දකුණු ආසියාව තුළ "ගගන තාක්‌ෂණය දියුණු ව පැවැති බවට ප්‍රකට නිදසුනක් වශයෙන් භාරද්වාජ සෘෂීන් ගේ "වෛමානික ශාස්‌ත්‍රය" නම් කෘතිය දක්‌වාලිය හැකි ය. එහි විවිධ හැඩතලවලින් යුත් විමාන නමැති ආකාශ යානා වර්ග ගණනාවක් පිළිබඳ වත් ඒවායේ නිෂ්පාදන තාක්‌ෂණය ගැන පමණක් නො ව ගුවන් නියමුවා ගේ ඇවතුම් පැවතුම් පිළිබඳව පවා අගනා තොරතුරු අන්තර්ගත ව ඇත.
මේ කෘතියේ ඉංග්‍රීසි පරිවර්තන ගණනාවක් ම 19 වැනි සියවසේ අගභාගයේ දී පටන් 1970 දශකය දක්‌වා ම යුරෝපීය උගතුන් විසින් ඉදිරිපත් කරනු ලැබ තිබේ. අන්තර්ජාලය ඔස්‌සේ වුව ද මේ පිළිබඳව තොරතුරු ඔබට ලබාගත හැකි ය. මේ අනුව රාවණා රජු ගේ දඬුමොණර යන්ත්‍රයේ හෙවත් පුෂ්පක විමානයේ අවශේෂ පුරාවිද්‍යා කැණීමක් මගින් හමු වන තුරු බලා සිටීම අනවශ්‍ය වන අතර දඬුමොණරය මිථ්‍යාවක් නො ව සත්‍යයක් බවත් යුරෝපීයයන්ට පෙර අප ගේ මුතුන් මිත්තත් ගුවනින් ගියා පමණක් නො ව මෑත කාලීනව බටහිර රටවල දියුණු වූ අභ්‍යවකාශ තාක්‌ෂණය සඳහා පූර්වාදර්ශයන් ද ලබා දුන් බවත්, මතක තබා ගත යුතු ව ඇත.
ශ්‍රී ලංකාව තුළ මෑතකාලීනව සිදු කරනු ලැබූ පුරාවිද්‍යා පර්යේෂණයන් තුළින් හෙළි කොට ඇති පරිදි අදින් වසර 13000කට එපිට දී මෙහි දියුණු කෘෂිකර්මාන්තයක් පැවැති බවටත්, මීට වසර 3500-4000 අතර සමයේ දියුණු ගොඩනැඟිලි තාක්‌ෂණයක් තිබූ බවටත් කරුණු අනාවරණය වෙමින් පවතී, මේ පර්යේෂණ තවදුරටත් පුළුල් කිරීමෙන් රාවණා අවධිය සම්බන්ධ තොරතුරු ද ලබාගත හැකි ව ඇත. එපමණක් නො ව සයුරේ ගිලී ගියේ යෑයි සැලකෙන ලංකාපුර රාජධානිය පිළිබඳව පර්යේෂණ කිරීමට තරම් මෙරට සමුද්‍රික පුරාවිද්‍යා ක්‌ෂේත්‍රය තවම දියුණු වී නොමැත. එබැවින් ඉහත කී කථා පුවත් ඉඳුරා ම මිථ්‍යාවකැයි බැහැර කළ නොහැකි ය.
එබැවින් අප කළ යුත්තේ සාහිත්‍යමය මූලාශ්‍රයන් ගෙන් ලැබෙන ඵෙතිහාසික තොරතුරු මෙන්ම "වෛමානික ශාස්‌ත්‍ර" වැනි ග්‍රන්ථයන් ද තුලනාත්මකව අධ්‍යයනය කිරීමත් පුරාවිද්‍යා පර්යේෂණයන් පාදක කරගෙන මහාවංශයෙහි දැක්‌වෙන විජයාගමනයට සියවස් ගණනාවකට පෙර අප රට තුළ පැවතුණේ යෑයි කියවෙන අති දියුණු සභ්‍යත්වයත් කරා අවතීර්ණ වීමයි.
එච්. ඒ. කේ. නයනා කුමාරි ආරියරත්න,
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව,
කොළඹ 7.

Saturday, July 16, 2011
ල0කාවතාර සූත්‍රය
ල0කාවතාර සූත්‍රය ගැන මීට කලින් අපි කතා කරල තිබුණා.
රාවණ රජ්ජුරුවන් ගැන අපිට හොයගන්න තියෙන එකම සූත්‍රය ල0කාවතාර සූත්‍රය උනත් අපේ හුගක් අය අවධානය යොමු නොකරන මේ මහායාන සූත්‍රය ගැන අපිට වඩා විදේශිකයෝ ගොඩක් උනන්දු බව මේ clip එක බලද්දි තේරේවි...
මේකේ කොටස් 7ක් තියෙනවා.. සේරම බලන්න...
Subscribe to:
Posts (Atom)