රාවන රජ අපට සිටි වැදගත්ම රජු හෝ රාවන අපේ පළමු රජු හෝ කියන්නට සාක්ෂි හෝ අතිශයෝක්ති අපට නැත. රාවන වන්දනාව හෝ රාවනට අසාමාන්‍ය ශක්තීන් ආරෝපණය කිරීමද අපි දැඩිව හෙළා දකිමු. ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන රාවන දෙවොල් සාදති. ඒ ඔස්සේ මිෂනාරී ආක‍්‍රමණයන්ට උඩගෙඩි දෙන බුදුදහමට වින කරන අළුත් සංස්කෘතියක් බිහිකරන්නට වෙර දරති. මේ පිරිස මේ වනවිටත් ලංකාවේ රාවන නාමය යොදා ගෞතම බුදුන්ට කැපවූ පන්සල් නාම වෙනස් කිරීම සිදු කොට ඇත. කුරුණෑගල දිසාවේ තවත් පන්සලක හිමි නමක් කීවේ තමන් ළඟදීම රාවන පිළිමයක් ලෙනක අඹන බවය. කොළඹ රාවන දෙවොලක් තනන බවට එක්තරා දේශපාලනික පක්ෂයක හිමිනමක් වරක් ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කොට තිබුණි. මෙය භික්ෂුවකගේ
කාර්යභාරයදැයි අප විමසිය යුතු නැත. එය කාටත් පැහැදිලිය. රාවන වෙනුවෙන් දෙවොල් හෝ දේව පිළිම අපට අවශ්‍ය නැත. එහෙත් රාවන නම් ශ්‍රේෂ්ඨ නරපතියන්ට ලංකා ඉතිහාසයේ සුදුසු නියම තැන ලබාදීමට තරම් මේ සිංහළයන් කෘතගුණ දත් පිරිසක් විය යුතුය. කොතැන බැලූවත් සැබෑ අවශ්‍යතාවය යටපත් කොට වාණිජමය ක‍්‍රියාදාමක් මතුපිටින් පැතිරයාම මහා හානිකර දෙයක් බවට පත්ව ඇත.
වසර 30,000ක් ඉක්මවන අඛණ්ඩවූ ශ්‍රේෂ්ඨ ලංකා ඉතිහාසයක අපට හමුවන වැදගත්ම චරිත අතරින් එකක් රාවනය. වැදගත්ම යුගයක් වන්නේද රාවන යුගයයි. එසේ ඉතිහාසයක් අපට ඇත්නම් ඒ පිළිබඳව නිවැරදිව කරුණු විමසනවා හැර කාගේ හෝ වුවමනාවකට ‘‘රාවන නැතැ’’යි දේශණ පැවැත්වීමෙන් කාගෙන් කුමක් බලාපොරොත්තු වන්නේදැයි අපි නොදනිමු. නමුත් අනුමාන කල හැක්කේ රාවන යුගයක් නැතැයි පවසා පදක්කම් සහ උපාධි ලබාගත් පිරිසගේ මුසාවාද සළුව රාවන යුගයක් ඇතැයි කියද්දී ජනතාව විසින් ගලවා දැමීම නවත්වාගැනීමට ඔවුන් අසාර්ථක උත්සාහයක යෙදීම සාමාන්‍යයෙන් සිදුවිය හැකි බවය. දැන් දැන් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඒ පැත්තෙන් මේ පැත්තට පැනීමද සතුටුවිය යුතු දෙයකි. කවුරු මොනවා කීවත් ලංකාවේ ඉතිහාසවේදීන් සහ පුරාවිද්‍යාඥයන් නැතුව අපට මේ ගමන යා නොහැක. ඔවුන් මේ රටට කෘතගුණ දැක්වියයුත්තේද මේ සැඟවුණු ඉතිහාසය සෙවීමට දායක වීමෙනි.
ජනශ‍්‍රැතික සාධක අතින් රාවන රජුන් දෙවෙනි වන්නේ දෙටුගැමුණු අබාවන්ට පමණි. ලංකාවේ ග‍්‍රාම නාම 200ට වැඩි ගණනක් ඉක්මවා රාවන රජුන්ගේ නාමයට හෝ යුගයට සබඳකම් කියන බව අපේ පොතකින් අපි පෙන්වා දී ඇත්තෙමු. පුරාවිද්‍යාත්මක සාධක අතින් හෝර්ටන්තැන්නේ වී වගාව වසර දසදහස ඉක්මවා ගියත් පාඩම් පොතේ අප තාමත් ශිෂ්ට වූයේ මහින්දාගමනයෙන් බව ඉගෙනගන්නෙමු. මේ පටලැවිල්ල ලිහන්නට හෝ නිවැරදි අවබෝධය සිසුන්ට ලබාදෙන්නට හෝ කිසිදු විද්වතෙක් උත්සුක නොවේ. පාසැල් විෂයමාලාව වෙනස් කිරීමට තරම් පිට කොන්දක් ඇති අයෙකු සොයාගත නොහැකි ඇයිදැයි අපි විමතියෙන් විමසමු. පොතක මොනවා තිබුණත් පුවත්පත්වල මොනවට හඬ නැගුවත් සාමාන්‍යයෙන් පාසැල් ළමුන්ගේ ඔලූවට පාසැලේ ගුරුවරයා දමන්නේ අපගේ සකල කලාවල් බිහිවූයේ මහින්දාගමනයෙන් පසු බවය. ඇතැම් විට එය පෝෂණයවූයේයැයි වචනාර්ථයක් නැගෙයි. එහෙත් ඔලූවට යන්නේ එය නොවේ.
කිසිදු පුරාවිද්‍යාත්මක හෝ ඓතිහාසික සාධකයක් මගින් මිහිඳු හිමි හෝ උන්වහන්සේ පසුපසින් ඉන්දියාවෙන් ආ පිරිස උඩරට, පහතරට, සපරගමු නැටුම් ශෛලීන් නටන්නට දැන සිටියේයැයි නොකියවේ. ඒවායේ උපත් කතා මොන හේතුවකින් ඉන්දියාවට ඈඳන්නට ගියත් ගලපන්නට ගියත් ඒවායේ උපත මේ සිරිලකේය. රවුළන්ගේ කදිම යුද ඇඳුම් කට්ටලයේ ලෝහ අලංකාර වෙනුවට පබලූ යොදා අද පහතරට රයිගම නැට්ටුවෝ තෙල්මේ නටති. නටන නැට්ටුවාද තමන් අංශක විසිතුනහමාරක් ඇලවී නිරූපණය කරන්නේ එදා රවුළන් කියාදුන් පරිදි පෘථිවිය සූර්යයා වටේ යාම යැයි දන්නේ නැත. මේ නැට්ටුවන්ද සෞන්දර්යය විශ්වවිද්‍යාලයේ උගත්තේනම් ඔවුන්ටද තිස්ස කාරියවසම් මහතාගේ පොත් පරිශිලනය කිරීමට සිදුවේ. එතැනින් එහාට කිවයුතු නැත.
වෙදකම ඉගෙනුම වෛද්‍ය ශිෂ්‍යයාගේ කාර්යයභාරයකි. රසායන විද්‍යාව ඉගෙනුම රසායන විද්‍යා සිසුවාගේ වැඩකි. එහෙත් ඉතිහාසය ගැන කිව යුත්තේ එය නොවේ. මේ රටේ ඉතිහාසය ඉගැනීමේ අයිතිය මෙරට සිටින සෑම පුරවැසියෙකුගේම අයිතිවාසිකමකි. ඉතිහාසයේ යුග බෙදා එහි එක් එක් යුගයට හෝ අයිතිවාසිකම් කීමට කාටවත් නොහැකිය. සැබෑ ඉතිහාසයට විරුද්ධ යමක් සිදුවේනම් එයට විරුද්ධව හඬ නැගීමට මෙරට සියල්ලන්ට අයිතියක් ඇත. එනමුදු එය එසේ නොවන්නට පාලකයන් වග බලා ගත්තේ ඉතිහාසය විෂයමාලාවෙන් ඉවත් කිරීමෙනි. ඉවත්කල ඉතිහාසය යලි එක්කිරීමේදී සිදුවියයුතුව තිබුණේ එය නිවැරදිව එකතු කිරීමය. අපේ ඉතිහාසයේ යුග ගණනක් මෑතකදී ඉතා පැහැදිලි දෙයක් දැකිය හැකිය. ඒ රටේ ව්‍යසන දුරලන්නට ලංකාවේ මහාජාතිය උපරිමයෙන් කැපවුවත් අවසන් ප‍්‍රතිඵල බුක්ති විඳීමේදී මහජාතිය අතැර දැමීමයි. එදා කලාවැව තනන්නට යකුන්ගේ තාක්ෂණය ලබාගත් මහරජාණෝ අවසානයේ යකුන්ට කලාවැවෙන් වතුර ලබාගැනීමද තහනම් කළහ. අදටත් එවැනි අකටයුතු ප‍්‍රමුඛ වී ඇති බව පෙනේ. අඩුම තරමින් ඊට එදිරිව හඬ නොනැගීමෙන්ද සිවුහෙළ ස්වදේශිකයන්ගේ දුක්බර යුගයක් ලෙසින් මෙකල ඉතිහාසයට එකතුවේ.
මේ වනවිට පාඩම්පොතට යලිත් එකතු කරන ලද්දේ විජය අපේ පළමු රජු සහ මීමුත්තා බවය. එය පුරාවිද්‍යාත්මකව හෝ ඓතිහාසිකව ඔප්පු කල නොහැකි දෙයකි.
මොලේ කලඳක් ඇති ඕනෑම අයෙකු විමසිල්ලෙන් බලන්නේ නම් විජයාගමනය වැදගත් සිදුවීමක් නොවන බව පැහැදිලි වේ. අන් අයගේ වුවමනාවන් පිරිමසන්නට ලියැවුණු මහාවිහාරික වංශකතාව වූ මහාවංශයම කියන පරිද්දෙන් විජයගේ ළමයින් පුලින්දයන්ය. එසේ වී නම් අප කාගේ කවුද? කාගේ කවුරු වුවත් විජයගේ නොවන බව අඩුම තරමින් පැහැදිලි නොවන්නේද? එසේනම් එය පාඩම් පොතින් මකා දැමියයුතු නොවේද???
උත්තර අට්ඨකතා ගිනිලා අන්දක, සංඛේප වනසා අරපරෙස්සම්කල මහාවිහාර වංශකතා පොතේ අපූරු දේවල් ඇත. මේ රට ආක‍්‍රමණය කල පිරිස මෙරට රජවරු වී ඇත. එළාර රජෙක් කර ඇත. කාලිංග මාඝලා, වටුක, නීලියලාද රජවරුය. එසේනම් ප‍්‍රභාකරන්ද අනාගතයේ රාජාවලියට එනු ඇත. නිකම් නොවේ. දැහැමි රජෙකු කියාය. මේ වගේ පල් හොර පල්ලර, මුක්කර, කාලිංග පිරිස් රජවරු ලෙසින් ලිවූ වංශකතාවේ රාවන, ඊරණී කසුබු, කතරගම මහසෙන්, බලි, තාරක වැනි අමු සිංහළයන්ට ඉඩක් නැත්තේ ඉතිහාස සාධක නොමැති නිසාමදැයි සිතන්නට ඔබට බුද්ධියක් ඇතැයි අපි සිතමු.
අන්‍ය රටවල ජනශ‍්‍රැතියේ සඳහන් දේ සොයා බලා ඉනික්බිති බොරු නම් බොරු කියති. චීන මකරා සොයන්නට මුදල් වැය කර ගවේෂණය සඳහා ඉතිහාසය හදාරණ විද්‍යාර්ථීන්ට අවස්ථාව ලාබදුනි. අවසානයේ මකරා හිමාලය අඩවියෙන් සොයාගන්නා ලදි.
දඹගස්ආරේ කඩු (දමස්කස් කඩු) සොයා අපේ රටට අවුත් පොළව හාරා එය පිළිගෙන පිටරට උන් ගියත්, තිස්සමහාරාමයේ පුරාවස්තු ජර්මන් කාවුන් කෑවත් අපේ රටේ සැබෑ ඉතිහාසය ගවේෂණය කරන්නට අපේ විද්වතුන් කිසිදු අවස්ථාවක් උදාකර නැත. එක් අතෙකින් ප‍්‍රතිපාදන ලබා නොදීමෙන්ද අනෙක් අතින් පවතින සම්මතය ඔස්සේ යාමටම පෙළඹවීමෙන්ද මෙය සිදු කරනු ලබයි.
එය එසේ කරනන්ට පුරාවිදු කැණීම්, ජනශ‍්‍රැතික අධ්‍යන, සෙල්ලිපි නිවැරදි කියැවීම් අත්‍යාවශ්‍ය වන්නේය. ඒ අභියෝගය බාරනොගෙන සැබෑ ඉතිහාසය ගැන සොයන්නට දිවි කැප කොට සිටින කොන්ද පන ඇති සිංහළයා මුල්ලේරියාවට යැවියයුතු බව කියන, බි‍්‍රතාන්‍යයට වඩා පසුකාලීනව අප ශිෂ්ටවූ බව කියන්නට සියල්ල වෙනස් කල විද්වතුන්ට උඩගෙඩිදීමද පාපයකි. මුල්ලේරියාව සිංහළයාගේ අබිමන රැක්කාවූද පරයන්ට එදිරිව සටන් කලාවූද තැනකි. එතැන මානසික රෝග සඳහා සුද්දා වෙන්කලේද අපට පහර දෙන්නටය.
නිවැරදි ඉතිහාසය එළියට ආ දාට සැබෑ සිංහළයන් උන්මත්තකයන්යැයි කියා ඒ ඉතිහාසය නිවැරදිව කියන්නට වෙර දැරූ භික්ෂූන්ගේ සිවුරු ගලවා ගල්ගැසියයුතුයි කී ගණින්නාන්සේලාටද යන්නට අළුත් තැනක් සැදිය යුතුය. නැතහොත් තවත් හුරුළු වැවක් බැන්දවිය යුතුය.
අවසානයේ දෑහිතකාමී ඔබට උඩරට කැරැල්ල පොතේ ඇති අපූරු සටහනක් මතකයට කැඳවමි.
තෙන්නකෝන් විමලානන්ද බිළින්දා කුඩා කල තම ලොකු අත්තාගේත් පියාගේත් තුරුල්ලේ හිඳිමින් අසාගත් කතාවල කියැවුණේ සිංහළයා එකාවන්ව වෙල්ලස්ස නිදහස් අරගලයට සටන් කල හැටිය. එහෙත් ඉනික්බිති හේ සිසුවෙකු ලෙසින් පාසැලෙනුත් විශ්වවිද්‍යාලයෙනුත් ඉගෙනගත්තේ සුද්දාගේ කෙරුම්ය. (ඩොනමෝර්, කෝල්බෘක් ආදි ක‍්‍රම සුද්දා අපව පාලනය කරන්නට හදාගත් දේවල්ය.) ඉනික්බිති විමලානන්දයන් එංගලන්තයට ගොස් ලන්ඩන් කෞතුකාගාරයේ ලිපි ලේඛන පරිශීලනය කරන ලද්දේ විය. කැරැල්ලට අදාළ ලිපි ගණුදෙනු කියැවීය. අවසානයේ හේ වටහාගත්තේ පාසැලේදී විශ්වවිද්‍යාලයේදී උගත් දෙය බොරු බවය. තම ලොකු අත්තලා කියාදුන් කතා සත්‍ය බවය....
No comments:
Post a Comment