My photo
Colombo, Dehiwala, Sri Lanka
සබඳ අපි "අලි" නොවෙමු, උනුන් කාගෙන මැරෙන..... "බුලත්" හපයොත් නොවෙමු, එකම පවුලට වඳින.....// බොල් "සීනුවක්" නොවෙමු, දනන් ගොනුනට අඳින..... සොඳුරු අඬහැරය වෙමු, හෙළය නින්දෙන් මුදන.....//

Friday, January 20, 2012

මහාසෙන් තාණ්ඩවය

තාණ්ඩවය

තාණ්ඩවයක් යනු පුද්ගලයෙකුගේ වීරත්වය සහ ශ්‍රේෂ්ඨත්වය වනමින් ලියැවුණු ගීත විශේෂයකි. මෙයම නර්තනයේදී වේගවත් නර්තනාවස්ථාවක් වන්නේය. මෙම තාණ්ඩව ලියැවෙන ශෛලියක් ඇත. ලොව පළමු තාණ්ඩවය ලියැවී ඇත්තේ රවුළන් අතිනි. ඒ සිව වෙනුවෙනි. වසර 10000කට පමණ පෙර කතරගම විසූ සිව වෙනුවෙන් වසර 5000කට පමණ පෙර විසූ රාවන රජු ලියා ඇති තාණ්ඩවය ලියා ඇත්තේ සකු බසිනි. මා, මෙතෙක් ලොව ලියැවී ඇති වඩාත් රිද්මයානුකූල, සංගීතවත්ම පදරචනය ලෙසින් දකින්නේ එයයි.



මහාසෙන් තාණ්ඩවය
1. කොන්තායුදය දරමින් මුහුණු සයක් ඇති දෙවියනි, බාහු යුග්මය ප‍්‍රභාමත්ය. ගෙලෙහි එල්ලෙන මැණික් සහ දෙකනෙහි ස්වර්ණ කඩුක්කම් දිදුලයි. වඩින්න. වඩින්න. දැන් වඩින්න මල් යහනට. වඩම්මවන්න දෙවියන්ව. නියමිත කාලෙදි මම කදිමවූ මහේශාක්‍යවූ දෙවියන්ව පුදමි. වන්දනා කරමි

2. අධිෂ්ටානයෙන් සහ සතුටින් නෙක යන්ත‍්‍ර මන්ත‍්‍ර තන්ත‍්‍ර මතුරමින් විභූතිමත් වීර්යවන්ත දොලොස් නෙතක් ඇති, මොනර අසුනෙහි විරාජමානව සිටින දෙවියන්ව වඳිම් වඳිම් වඳිම් නළල දේව පා අභියස තබා

3. දේව රාජයන්ගේ සින්දුර වැනි ආකර්ශණිය නෙත් මැණික් කැට සදිසිය. හදවතෙහි ඇති ධෛර්යමත්බවින්, ශක්තියෙන් පවා ප‍්‍රමුදිතවන්නේ ජාතියට ඇති ආදරයයි. රාත‍්‍රිය කපාගෙන සූර්යයා පායන්නේද එලෙසින්ම දක්ෂවූ දෙවියනි ඔබගේ රශ්මි මණ්ඩලය ප‍්‍රබලය. ඔබ කෙලෙස් නසන්නට සෙන්පතියෙකි. ඔබ කෝණාගමන බුදුන්වහන්සේ කල හුන් බෝසත්වරයෙකි.

4. හිස ඉහළින් බඳින ලද කෙස් වැටිය සුවඳ ධූප අල්ලා ප‍්‍රදක්ෂිණා කරමි. කෙලෙස් නසන්නට ප‍්‍රඥාවත් ඔබ සසරින් එතෙර නොවන්නේ අප ගැන සිතා පෙරුම්පුරන බැවිනි, එබැවින් වඳිමි. වීර්ය සිතින් වරළස මුදා හැරි විට උමාවගේ පුත‍්‍ර වූ සෝණයිනි, ඔබ සටන් බිම සෙන්පතියන්ය. මහා ඍධිමත් ඔබ පූජණිය රුහුණු පුත‍්‍රයෙකි.

5. ලෝක දහසක ප‍්‍රචණ්ඩවූ නෙක නෙක සේනා පෙළට එකා එකා ආවත් ඒ සියල්ලන් ධූලි කරන්නට තරම් අපරිමිත ධෛර්යයක් දෙවියනි ඔබට ඇත. ඔබ එතරම් ප‍්‍රචණ්ඩය. ඔබ මහාලි සෝණය. රවුළු පූර්ව ආත්මය වූ දෙවියනි ඔබ අංගම්පොර මහා ශිල්පියාය. ඔබේ සිරියාව මෙසේයැයි දැනගතයුතුය, කෙසේද යත් තුන්ලෝකයක් ඔබට වැන්දෝය.

6. නළලෙහි දේදුන්නක් වැනි ඇහිබැමට උඩින් රන් දම්වැලක් ඇදී ඇත. විනීත බැල්ම කෙබඳුදැයි කිවහොත් ඔබගේ බැල්මෙන් ගිනිගත් සිතුවිලි නිවී යයි. ඉතා සිල්වත්වූ ගණිසුරුගේ සොහොයුරා ඔබමයැ. විරාජමානවූ මහසෙන් ඔබය. මහා උදාර යෝගියාවූ ඔබ උග‍්‍ර මුරාග‍්‍ර ධ්‍යානයට සමවදින්නෙකි.

7. ඔබ කළ සේවය ගැන ගැදි පැදි වලින් වර්ණනා කරද්දී දේව සභාව අරා වසන සුරගුරු ඔබ දෑසෙහි ප‍්‍රචණ්ඩත්වයද දැකිය හැකිය. කෙටේරි, අඩයටි සුරතෙහි කඩුව දරා සිටින නෙත් දොළසක් ඇති බරනුවන් ඔබය. දෙවියනි ඔබගේ අත් දොළස නිසා තුන්ලෝකයේම ඔබ ප‍්‍රසිද්ධවූ පතලවූ අයෙකි.

8. පුරාණ යාල සඳුන්ගම ඔබ සරනවිට අග බිසව ස්වර්ණපාලිය හා ඈඳී ගෙතුණු කතා කන්දරාවකි. දෙවියන්ට නායකයා වූ ඉන්ද්‍රයා වූ දෙවියනි නිල් මොණර වාහනයට (දඬු මොණරයට) වඩින්න. කලා නිධානයක්වූ පේ‍්‍රම පුරාණයේ සුපෙම්බරවූ රජුන් ඔබය.

9. පිපුණු දිව්‍ය නෙළුම්මල ඔබය. වීරත්වය නිසා දිලූණු සිංහයා ඔබය. වනයේ නුග ගසක් මෙන් ඔබ සවිමත්ය. සුභද්‍ර භද්‍ර සඳවත ඔබය. යමෙකුට මා දෙවියන් ගැන මේ ලිවූ දෙය ඇසුණේද, ඔහු කියැවීද, බැලීද, යමෙකුගෙන් ඇසීද, මා ලිවූ දේම සිදුවේවා, මා ප‍්‍රාර්ථනා කළ යහපත ඒ හැමකෙනාටම අත්විඳින්නට ලැබේවා.

10. අසන්න. සියල්ල මංගල්‍යයවූ කලා කදම්භයක් වූ රසින් අනූනවූ මීපැණි මෙන් පිරී ගිය කදිර දෙවියන්ගේ ගුණය කෙතෙක්දැයි කිවහොත් පදාන්තය තෙක්ම ඒ ගුණ විහිදෙයි. එසේවූ දෙවියන් සිහිකරත්ද, වසන්තය වෙද දිගන්තය වෙද සවරයක අග වෙද භවයේ අග වෙද සැමවිටම සැපවත් අවසානයක් ආත්මාන්තය තෙක් ලඟාකරනු ඇත.

11. ජයග‍්‍රාහී අසුර කොඩිය, සේසත් තුනක් ඔසවාගත් සේසත් දරන්නන්, සක් මුතු එබ්බූ රන් වියන්. ඉදින් ඔබ සූර්යයා ලෙසින් තෙදවත්ව දෙවියන්ගේ රජවරුන් අතර අධිරාජයා ලෙසින් හිඳී. දෙගත් දෙගත් දෙගත් නදින් යක් බෙරය ගිගුම් නගන විට ප‍්‍රචණ්ඩවූ රුධිරය සිරුරෙන් පිබිදෙයි.

12. දක්නට ප‍්‍රිය දිව්‍යරාජයන්ය, මහා හස්ති රාජයෝය, ත්‍යාගවන්ත දෑත් දිගු කරන ලද්දෝය, ඉතාම ගරු කටයුතු තාපසයන්ය. හදවතක් ඇත්තෝය. සතුරන් මඩින්නෝය. මතුරා නැවත මතුරන්න අතීත දඹදිව ලෙසින් නම් ලද මේ සිරිළක නායකයා ඔබය හෙවත් ලංකේන්ද්‍රයා ඔබයැ. සමවූ සිතින් සියළු සතට සැලකූ ඔබට ලක්වැසියන් සදා වඳී. ඔබ සිවගේ පුතුන්ද වන්නේය.

13. විහිදී ගුවන් තලයෙන් ඇදී සැණෙකින් සටන් අරඹන්නට ඔබට හැකිය. ඒ බලයෙන් සමුද්‍රයද පැරදු සිංහයන් ඔබමයැ. පෙර උපදින තැන් බලා ලෝකයම ඒකාලෝක කරන අලංකාර ලංකාවෙහි උපන් ලක්පුතුන් ඔබය. සිවගෙ පුතුන් වූ කඳ කුමරුනි ඔබ දැකුම් අත් වයා සදා වඳිමි.

14. ඔබ පරපුරෙහි වත්මන් පුත‍්‍රයන් අපයැ. එදා මෙන්ම අදත් බැතියෙන් සහ පෙමින් ඔබ වෙත එමු. ඔබේ දෑත විදා හැර අපව වැළඳගෙන අපේ ගමනෙහි ගිමන් නිවා දමන්න. සදා සුයාමය බඳුවූ දක්ෂින ලංකාවේ කෛලාශකූටයෙන් බසින්න. මන්ද අප ඔබව දැක යා යුතුය. අහා මහා මහේන්ද්‍රයනි, මහීම කදිර දේවයනි,..........

පූජාව අවසානය. රාවන සොයුරන් විසින් ලියන ලද මේ ගීතය පරම පූජිත මහාසෙන් දෙවියන්ටමයැ. දෝෂ කිසිත් නොගනීවා. දෑහිතකාමීන් එක්කර සැබෑ ලක් ඉතිහාස දැනුම බෙදමින් දහම සුරකින්නට ඔබ ගිය මග අපිද යන්නෙමු. එය ස්ථිරය. ඔබව නමදිමු. අපි එය ඉටුකරන බැව් දිව්රමු.

මෙසේ රාවන සොයුරන් අතින් නිමවූ මහාසෙන් තාණ්ඩවය සම්පූර්ණ වේ........................

No comments:

Post a Comment