My photo
Colombo, Dehiwala, Sri Lanka
සබඳ අපි "අලි" නොවෙමු, උනුන් කාගෙන මැරෙන..... "බුලත්" හපයොත් නොවෙමු, එකම පවුලට වඳින.....// බොල් "සීනුවක්" නොවෙමු, දනන් ගොනුනට අඳින..... සොඳුරු අඬහැරය වෙමු, හෙළය නින්දෙන් මුදන.....//

Thursday, June 30, 2011

Answer this if you can...!!!

Hey this is a good question. try to answer this...


You are driving along in your car on a
wild, stormy night, it's raining heavily,
when suddenly you pass by a
bus stop, and you see three people waiting for a
bus:

1. An old
lady who looks as if she is about to die.

2. An old friend who once
saved your life.

3. The perfect partner you have been dreaming
about.


Which one would you choose to offer a ride to, knowing very
well that

there could only be one passenger in your car?

Think
before you continue reading...


............

.




This is a moral/ethical dilemma that was once actually
used as part of a job
application.

* You could pick up the old
lady, because she is going to die, and thus you
should save her first;


* or you could take the old friend because he once saved your life,
and this
would be the perfect chance to ! pay him back.

* However,
you may never be able to find your perfect mate again.


The
candidate who was hired (out of 200 applicants) had no trouble coming
up
with his answer. Guess what was his answer?

.........


........

............

....


.....




.......





.....



He simply answered:

"I would
give the car keys to my Old friend and let him take the lady to
the
hospital. I would stay behind and wait for the bus with the partner of
my
dreams."

Sometimes, we gain more if we are able to give up our
stubborn thought limitations.
Never forget to "Think Outside of the Box."

Wednesday, June 29, 2011

ඇත්තටම ලොව හා අනන්ත විශ්වය, අපිට මේ පෙනෙන තරම්ම සංකීර්ණද?

මෙය බෞද්ධ ආගමිකව සොයා බැලීමට පෙර විද්‍යාව ලෙස අපි හඳුන්වන දෙය තුලින් යම් විග්‍රහයක් කර බලමු.

පරමාණුක වාදය සොයා ගැනීම්ට පදනම් වූයේ ලෝකය නිර්මාණය වී ඇති කුඩාම දෙය කුමක්ද යන මිනිසාගේ ස්වභාවික කුතුහලයයි. ඒ ඔස්සේ ක්‍රියාත්මක වූ භෞතික වාදියො පරීක්ෂණ, නිරීක්ෂණ හා නිගමන හරහා නොයෙකුත් මතවාද ගොඩ නගා ගත්හ. මෙසේ විද්‍යාව හරහා සොයා ගත් සියල්ල හුදෙක් වාදයන්ම ලෙස පමණක් පිළිගැනීමට හේතුව කිසිවෙකුටත් එවා එසේම පමණයි යන්න ප්‍රත්‍යක්ෂ ලෙස කීමට ඇති නොහැකියාවයි. උදාහරණයක් ලෙස, පරමාණුක වාදය, අදටත් වාදයක්ම මිස පරමාණුක සත්‍ය ලෙස පිළිනොගනී. එය හෙට කරනා විප්ලවීය විද්‍යාත්මක සොයා ගැනීමකින් සම්පූර්ණයෙන්ම කණපිට හැරවීයාමට පවා ඉඩ කඩ ඇති එක්තරා පිළිගැනීමක් පමණි.

අද ලෝකය භෞතික වාදීන්ගෙන් ගහන තැනක් නිසා, අපි මොහොතකට ඔවුන්ගේ ඇසින් ලොව දෙස බලමු. පරමාණුක වාදයට අනුව යමක් ගොඩ නැගී ඇති කුඩාම ඒකකය පරමාණුව ලෙස පිළිගැනේ. එහි න්‍යෂ්ඨියේ නියුට්‍රෝන හා ප්‍රෝටෝන ඇති අතර, වලාවන් ලෙස පවතින කක්ෂ වල ඉලෙක්ට්‍රෝන චලනය වෙමින් පවතී. පරමාණු විවිධ රටා වලට එක්වීමෙන් අණු උපදී, අණු වලින් නොයෙකුත් සංයෝග ගොඩ නැගේ. නොයෙකුත් සංයෝග මිශ්‍ර වෙමින් භෞතික වස්තු ගොඩ නැගේ. මේ අනුව ඕනෑම පණ නැති ද්‍රව්‍යයක් සැලකූ විට එය පරමාණු සමූහයකින් ගොඩ නැගී ඇති බව පැහැදිළි වේ.

ඕනෑම පණ ඇති සත්වයෙක්ගේ ශරීරය සලකා බැලූවද එම සත්වයාගේ ගොඩ නැගීම කැල්සියම්, ප්‍රෝටීන් ආදී රසායනික සංයෝග රාශියක එකතුවක් බව පැහැදිළිය. එනම් එම සංයෝග නොයෙකුත් අණු බවත්, කුඩාම ඒකක ලෙස පරමාණු දක්වා යා හැකි බවත් තේරුම් ගත හැක. මේ අනුව ව්ද්‍යාව හිස මුදුනේ තබා පුදන්නාටත් එකඟ විය හැකි සත්‍ය වන්නේ, මේ ලෝකයේ පණ ඇති, පණ නැති සියළු භෞතික දේවල් හුදෙක් පරමාණු සමූහයක් පමණයි යන්නයි. එවිට ලොව පමණක් නොව මුළු විශ්වයම ඉතාම සරල ඒකකයක් මත ගොඩ නැගුනු මායාවක් බව මොනවට පැහැදිළි වේ. මුළු විශ්වයේම සංකීර්ණත්වය, පරමාණුවේ ඇති යම් සංකීර්ණත්වයක්ද?… එයම පමණි.

විද්‍යාව කොතරම් දියුණු වුවත්, කොතරම් බාහිර උපකරණ උපකාරයට ගත්තත්. අපට පෙනීම ලබා දෙන ඇස මගින් කරන නිරීක්ෂණ මත පමණක් ඊනියා ව්ද්‍යාත්මක නිගමන වලට එළඹේ. සත්ව වර්ගයාටම පොදු යම් දුර්වලතාවක් ඇසේ ඇත්නම් එය කෙලින්ම නිගමන වලට බලපාන බව අමුතුවෙන් කිව යුතු නොවේ. විද්‍යාව කෙතරම් දියුණු වුවත්, හිත යන දෙය මෙසේ ඇසට හසුවීමෙන් වළකින එක් ධර්මතාවක් පමණි. අඳුරේ අතගාන අන්ධයෙක් මෙන්, උඩු හිත,යටි හිත ආදී අතිශය බොළඳ, කිසි සේත් අපගේ අත්දැකීම් හා එකඟ නොවන විකාර මතවාද හැරුනු කොට හිත ගැන කිසිම පිළිගත හැකි විග්‍රහයක් කිරීමට අදටත් විද්‍යාව අපොහොසත් වීමට හේතුවත් මෙයම පමණි.

මිනිස් අපට උපතින් හිමි වන්නේ ඉහත පැහැදිළි කල ආකාර ඉතා පටු සීමාවන්ගෙන් යුත් මෙම රූප දකින ඇස් 2 පමණක් නොවේ. කලාතුරකින් අයෙක් හැරුණ විට නියම බලය කුමක්දැයි සිතා ගැනීමටවත් නොහැකි. දෘෂ්ඨි පරාසයේ නිම් හිම් නැති තම තමා විසින් කඩ තුරා ඉවත් කර ගැනීමෙන් පමණක් ප්‍රයෝජනයට ගත හැකි අති බල සම්පන්න තවත් ඇසක් සහිතවයි. එම ඇසට මන+ඇස හෙවත් මනස යන කෙටි නම භාවිත කරයි. ලොවේ මෙතෙක් විසූ කිසිදු විද්‍යාඥයෙක් මෙම රූප දකින ඇස් 2 හි පරාසය ඉක්මවන සේ එම ඇස භාවිත කල බවට කිසිම සාධකයක් නැත. භෞතික සොයා ගැනීම්ම පමණක් මිස කිසිදු අධ්‍යාත්මික සොයා ගැනීමක් විද්‍යාඥයන්ට කරගත නොහැකි වී ඇත්තේ මේ නිසාය. මරණය නම් කිසිවෙකුටත් වැළකිය නොහැකි සේ මුහුණදිය යුතු ලෙඩට බෙහෙත කුමක්දැයි කිසිවෙකුටත් සොයා ගත නොහැක්කේ මේ නිසාය. කොහොම නමුත් විද්‍යාව නම් හරිම දියුණු බව කාගෙ කාගෙත් පිළි ගැනීමයි.

හිත දැක ගැනීමට යමෙක්ට අවැසි නම් එයට ඇති ඇසත් හිතම පමණි. එය තමාට තේරුම් ගැනීමට පමණක් නොව අන් අයෙක්ටත් කිසිදු අඩු පාඩුවක්, නොගැලපීමක් නොමැතිව පැහැදිළි කර දීමට අවැසි නම් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පමණ වත් සමතිස් පෙරුම් පුරමින් මනස තියුණු කල යුතුය. කොටින් කියන්නේ නම් සම්මා සම්බුද්ධත්වයට පත් විය යුතුය. පිරිසිඳු ගෞතම බුදු සසුනේ පහස ලබන බෞද්ධ අපි, එම ලොව්තුරා බුදු පියාණන්ගේ ශ්‍රාවකයන් වීමේ ආනුභාවය නිසා, එතරම් කලක් භවයෙන් භවය දුක් විඳිමින් එම අති බලගතු ඇස අවදි කරගැනීමට වෙහෙස විය යුතු නොවේ. මහා කාරුණිකයාණන් වහන්සේ විසින් කිසිදු අඩු පාඩුවක් නැතිව, ලොවේ මෙතෙක් පහල වූ කිසිදු විද්‍යාඥයෙක්ට යන්තමින් හෝ හෙළි කර ගත නොහැකි වූ එම සිත පිළිබඳ සියළු රහසුත්, පරමාණුක වාදය මෙන් අවිනිශ්චිත නොවී, පරම සත්‍ය ලෙස මේ මුළු භෞතික විශ්වයත් කිසිදු අඩු පාඩුවක් නොමැතිව සිය අනන්ත ඥාණ බල මහිමයන්ගේන් ප්‍රත්‍යක්ෂ ලෙස දැක දැන වදාරා තිබේ.

එබැවින් අන්ධයා ඇතා අත පත ගා කුමක්දැයි සිතාගත් සේ මේ භෞතික ලෝකය වත්, සිත වත් කුමක්දැයි තවත් අපි වැනිම අන්ධයන්ගෙන් අසා මුළා නොවිය යුතුය. අති ඝාම්භීර වූ අභිධර්මය ඔස්සේ මේ සියල්ල බුදු පියාණන් දෙසූ ලෙසම අවබෝධ කර ගැනීමට උත්සාහ කල යුතුය.

ඉතා සරලව පටන් ගන්නේ නම්. මේ ලොවෙහි පමණක් නොව අනන්ත විශ්වයේම පරමාර්ථ ධර්ම හෙවත් සත්‍ය ලෙසම පවතින දේවල් ඇත්තෙ තුනක් පමණි. එය මෙම පළමු වර්ග කිරීම යටතේ නම් කිසිසේත් සංකීර්ණ නොවේ.
1. නාම (සිත හා එයට අදාල සියළු දේ)
2. රූප (පණ ඇති පණ නැති සියළු භෞතික දේ)
3. නිර්වාණය

විද්‍යාවෙන් කිසිදු හසරක් නැති ඉහත පළමුවැන්න ක්‍රමයෙන් ඇතුලට සොයා ගිය විට චිත්ත, චෛතසික ලෙස තවත් විස්තරාත්මක බෙදීම් 2ක් ලැබේ එවිට සියල්ල 4 කි
1. චිත්ත (සිත 1)
2. චෛතසික ( සිත හා ඇමිණෙන විවිධ චෛතසික 52 කි ))
3. රූප (පණ ඇති පණ නැති සියළු භෞතික දේ)
4. නිබ්බාන (1)

විද්‍යාවේදී එකම පරමාණුවකට ලඝු කරන ලද රූප ලෙස මෙහි ඇති අංක 3. සත්‍ය ලෙසම එකිනෙකට ඉතා පැහැදිළිව වෙන්කොට දැක්විය හැකි වෙනස් රූප 28 කි.එය අපි කවුරුත් අසා ඇති භූත රූප 4 වන පඨවි, ආපෝ, තේජෝ, වායෝ හා අමතරව උපදා රූප ලෙස හැන්දින්වෙන තවත් රූප 24 කි. එවිට වර්ග කිරීම් 4 එහි සියළු අනු කොටස් සමඟ පහත දැක්වේ.
1. චිත්ත (සිත 1)
2. චෛතසික ( සිත හා ඇමිණෙන විවිධ චෛතසික 52 කි = දෙපනස් චෛතසික )
3. රූප (පැහැදිළිව වෙන්කොට දැක්විය හැකි වෙනස් රූප 28 කි = විසිඅට රූපය.)
4. නිබ්බාන (1)

දැන් ඉහත සියළු සංඛ්‍යා එකතු කර බලන්න (1+52+28+1 = 82). ලොවේ පරමාර්ථ ධර්ම ලෙස සත්‍ය ලෙසම ඇති දේවල් සංඛ්‍යාව 82 ක් බව ඔබට පෙනී යනු ඇත. හොඳින් සිහි තබා ගන්න, මුළු විද්‍යාවම පදනම් වී ඇති අපි මේ රූප දකින ඇස් දෙකට ඝෝචර වන්නේ මෙම මුළු පරමාර්ථ ධර්ම 82 න්ම එකම එක රූපයක් පමණි. එයට විසිඅට රූපය යටතේ ඇති වර්ණ රූපය කියා කියනු ලැබේ. බලන්න අපි රූප දකින ඇසේ දුර්වලතාවය හා නවීන විද්‍යාවේ පදනමේ සිමා මායිම. එය එසේ වුවද, අප ඔබට පෙන්වා දුන් ඔබ තුලමත් අඩුපාඩුවක් නොමැතිව ඇති අති බලසම්පන්න අමතර ඇස හෙවත් මනස ට මෙම ධර්ම 82 දෙකම අඩු නැතිව අරමුණු වන බව ඔබ දන්නවාද?. එය එසේම බව නොවරදින, සර්වඥ වූ බුදු වදනයි.

අති ඝාම්භීර අභිධර්මයේ පළමු පාඩම මෙයයි. නැවත නැවත සිහි කරමින්, මෙම පරමාර්ථ ධර්ම 82 කිනම් වර්ග කිරීම යටතේ ඇතිදැයි ලෙහෙසියෙන් සිහි කරගැනීමට හැකි වනසේ පුහුණු වන්න. එය අප දක්වා ඇති පිළිවෙලටම ඔබගේ මනස හෙවත් අපි පෙන්වාදුන් බල සම්පන්න ඇසින් බලමින් ක්‍රමයෙන් වර්ධනය වූ අයුරු මෙනෙහි කරන්නේ නම් ඔබට මේ සියල්ල මතක තබා ගැනීමට කිසිදු අපහසුවක් නොමැති වනු ඇත....


Thursday, June 2, 2011

බොක්සිං හා බුද්ධාගම

බොක්සිං හා බුද්ධාගම


මාතෘකාව අහසට පොලව වගෙය. එකකට එකක් ගැලපෙන්නේ නැතුවා වගෙය. ඒත් එහෙම පේන දේවලුත් සමහර වෙලාවට රන් රස වගේ ගැලපෙනවාය.
බුදු හාමුදුරුවෝ , තම ගෝලයින්ට කිව්වේ චරත භික්කවේ චාරිකං, බහුජන හිතාය, බහුජන සුඛාය කියලාය. අපේ රටේ හාමුදුවන් නොකරන්නේ ඒ ටික විතරය. අනිත් හැම දෙයක්ම කරති. යන්ත්‍ර මන්තර නක්ෂශ්ත්‍ර, හදි හූනියම් දේශපාලනය , වෙළඳාම, ගොවි තැන , ධර්මය පැකට් කර විකීනීම ආදී වශයෙන් නොකරන දෙයක් නැත.
මේ ලැයිස්තුවට අලුතින්ම එක්ව ඇත්තේ බොක්සින් ක්‍රීඩාවයි.


ශ්‍රී ලංකා පාසල් බොක්සිං සංගමයේ සභාපති ධුරයට ඕපල්ලේ ඥානසිරි අති පූජනීය බුද්ධ පුත්‍රයන් වහන්සේ පත්ව ඇති අද ලංකාදීපය වාර්තා කර තිබුණි.
බුද්ධාගම කියන්නේ අහිංසාවාදී ආගමකි. කුරා කුහුඹුවෙකුටවත් පීඩාවක් හානියක් නොකළ යුතු යැයි අපි කුඩා කාලයේ ඉගෙන ගත් බුද්දාගමේ තිබුනේය. සමහර විට දැන් තියෙන්නේ ඒ බුද්දාගම නොවෙන්නට ඇතිය.
මේ දිනවල හැම දෙයම අපිට ලැබෙන්නේ චීනයෙන් නිසා ෂවොලින් පන්නයේ බුද්දාගමක් ලඟදි චීනයෙන් ගෙනවුත් ලංකාවේ පිහිටෙව්වා දැයි අපි නොදනිමු. එසේ නැත්නම් බුද්ධ පුත්‍රයාන කෙනෙක් බොක්සිං සංගමයක ලොක්කෙක් වෙන්නේ කෙසේ දැයි අපිට නොතේරේ.
ඇත්තටම කිවහොත් මේ රටේ සිද්ද වෙන දේවලින් වැඩි හරියක් අපිට තේරෙන්නේ නැත. අපිට තවමත් හරි හමන් දේශප්‍රේමියෙක් වීමට බැරිව ඇත්තේ ඒ නිසා විය යුතුය. මේ නොදන්නා දේවල් ගැන වැඩි මනත් කතා කර දේශද්‍රෝහී අවජාතක නාමය දමා ගන්නට අපි කැමති නැත.
ශ්‍රී ලංකා පාසල් බොක්සිං සංගමයේ නව සභාපති ඕපල්ලේ ඥානසිරි හිමියන්ට අපේ සුභ පැතුම්,!

බුදුන්ගේ මනරම් සිතුවිලි

බුදුන්ගේ මනරම් සිතුවිලි

දිනක් තතාගතයන් වහන්සේ තම අනුගාමිකයින් පිරිසක් සමගින් වැඩම කරමින් උන් සේක.
ගමන අතර තුර වැවක් පසුකරනවාත් සමගම තතාගතයන් වහන්සේ තම අනුගාමිකයෙක් අමතා මෙසේ වදාල සේක,

“මට ඉමහත් පිපාසාවක් දැනේ. කරුණාකර මට අර අසල පෙනෙන වැවෙන් දිය බිඳක් බීමට ගෙනවිත් දෙනුමැනව”



අනුගාමිකයා වැවටට ලංවනවාත් සමගම
ගොන් කරත්තයක් වැව හරහා යෑමට පටත් ගෙන වැවේ දිය මඩවී බොරවිය.
එහෙයින් ඔහු මෙසේ සිතන්නට විය,



“මම කෙසේ මෙම මඩ දිය තතාගතයන් වහන්සේට බීමට පිලිගන්වන්නේද?”

එබැවින් ඔහු නැවත පැමිණ බුදුන් අමතා මේසේ පැවසීය,

“තතාගතයන් වහන්ස වැව්දිය මඩින් කැලතී ඇත. එය බීමට සුදුසු තත්වයක නොපවතී.”

අනතුරුව අඩහෝරාවක පමණ කාළයකට පසුව
නැවතත් තතාගතයන් වහන්ස එම අනුගාමිකයාගෙන්ම දිය විමසීය.
ඔහු නැවතත් වැව කරා ගොස් ආපසු පැමිණ
තතාගතයන් හට දන්වා සිටියේ තවමත් දිය බොරවී ඇති බවයි.
ස්වල්ප වේලාවක් ගතවීමෙන් අනතුරුව
නැවතත් එම අනුගාමිකයාම අමතා බුදුන් දිය විමසන සේක.
මෙම අවස්ථවේදී අනුගාමිකයා පැමිණෙන විට දියෙහි බොර ස්වභාවය පහව ගොස්
දිය පිරිසිදුව හා පැහැදිළිව තිබුනි.
ඔහු බුදුරදුන් උදෙසා දිය රැගෙන ගියේය.



තතාගතයන් වහන්සේ දිය දෙස බලා තම අනුගාමිකයා අමතා මෙසේ වදාල සේක,



“ඔබ දිය පිරිසිදු කිරීම සඳහා කුමක් කලේද?

කිසිවක් නැත.
කලේ බලාසිටීම පමණි. දිය තමන් විසින්ම ඉබ් යතාතත්වයට පත්විය.
එවිට ඔබට පැහැදිලි පිරිසිදු දිය ලැබුනි.”

“ඔබේ මනසද මෙසේමය.
එයට බධාවන් පැමිණි අවස්ථාවන්හිදි එයට ඉඩ දෙන්න.
එයට කුඩා කාලයක් ලබා දෙන්න.
එය තමන් විසින්ම යතාතත්වයට පත්වනු ඇත.
එය සංසුන් කිරීම සඳහා ඔබ බලපෑම් නොකරන්න.
එය සන්සුන්වේවි. නිරුත්සහවත්ලෙස සන්සුන්වේවි.”

මනස සංසුන් කරවීම මහත් පරිශ්‍රමයක් දරා කළයුතුතක් නොවෙති.
එය නිරුත්සාහි ක්‍රියාවළියකි.....!!!

සියල්ලන් හට අචාරසම්පන්නව සලකන්න
කිසිවකු තමන්ට අශෝභන ලෙස සැලකුවත් ඔවුන් අප්‍රියයන් ලෙස නොදකින්න
මන්ද යත් සැමවිටම ඔබ ප්‍රියජණක අයකු වන නිසාය.

aththa

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් මනුරංග විජේසේකර රචනා කළ,ළහිරු පෙරේරා ගායනා කරන“එන්න දිනවන්න” මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබු ගීතය පිලිබදව ප්‍රවීණ ගීත රචකයන් දැක්වූ අදහස් පහත වේ.

රස්තියාදුකාර භාෂාවක් - සමුද්‍ර වෙත්තසිංහ
මහා ග්‍රාම්‍ය අව්‍යක්ත ප්‍රකාශනයක් විදිහටයි මම මේ ගීතය දකින්නේ. ගීතමය භාෂාව පිළිබඳවවත් මූලික අවබෝධයක් නොමැතිව මේ ගීතය රචනා කර ඇති බවයි මට පෙනෙන්නේ.

අපිට සුලභව අහන්න ලැබෙන නොගැඹුරු රස්තියාදුකාර භාෂා විලාසයක් මේ ගීතයේ අන්තර්ගතයි. ඇත්තටම ගීතයකට අවශ්‍ය භාෂාත්මක සාධනීයතාව මේ වචන තුළ නැහැ.

පද රචනය දැකලා මට ලැජ්ජා හිතුණා - නිලාර් එන්. කාසිම්
මම තවම මේ ගීතය ඇහුවෙ නැහැ. නමුත් මේ ගීතයේ පද රචනය පුවත්පතකින් දැක්කා. ඇත්තටම ඒ ගීතයේ පද රචනය දැක්කහම මට ලැජ්ජා හිතුණා.

මම දන්නෙ නැහැ මේ ගීතය කවුද ලිව්වේ කියලා.මෙහි දකින්නට තිබෙන්නේ වෙන රටවල්වලට ජාතීන්ට කරපු පහත් පෙළේ අපහාසයක් පමණයි.මට හරිම පුදුමයි මේ වගේ ගීතයක් මේ අයුරින් නිල ජයඝෝෂා ගීතයක් ලෙස යොදා ගත්තේ ඇයි කියලා.


අවබෝධයක් නැතිව ලියපු ගීයක් - බුද්ධදාස ගලප්පත්ති
මම මේ සින්දුව ඇහුවෙ නැහැ. ඇත්තටම මට මේ සින්දුව අහන්නවත් දකින්නවත් ඕන නැහැ. මොකද මේ ගැන පත්තරවල පළවෙලා තිබුණු දේ මම කියෙව්වා. ඒ වගේම මේ සින්දුව රචනා කරපු කෙනා කියපු දේත් පත්තරවල මම දැක්කා. මට ඒක කියවන විට තේරුණේ එයා මහා උජාරුවට මහා ලොකු සින්දුවක් කළා වගේ කතා කරල තියෙන බවයි.

‘වඩේ බදින්න එන්න, චට්නි හදන්න එන්න’ මේ ගීතය ලියපු කෙනාට ඔළුවෙ අමාරුවක් තියෙනවද දන්නෙ නැහැ. ඇත්තම කියනවානම් ක්‍රිකට් පටලවාගෙන තමයි මේ ගීතය රචනා කර තිබෙන්නේ.මෙය අන්තිම බාල අවර ගණයේ නිර්මාණයක් විදිහටයි මට පෙනෙන්නේ.

අනිත් රටවල් හෙළා දැකලා - කැළුම් ශ්‍රීමාල්

මේ ගීතයේ අන්තර්ගතයේ ඇති දෙයක් නැහැ.මේ ගීතය ඇත්තටම අනෙක් රටවල් පහත් කොට සැලකීමක්. පරුෂ වචනවලට බෙහෙවින් සමාන වචන මාලාවක් මෙයට යොදාගෙන තිබෙන බව පෙනෙනවා.

ශ්‍රී ලංකා ටෙලිකොම් වැනි ජාතික ආයතනයක් මෙවැනි අවර ගණයේ ගීතයකට අනුග්‍රහය දක්වපු එක ගැන සදාචාරාත්මක ප්‍රශ්නයක් තිබෙනවා. ඇත්තටම මෙවැනි ගීත හැදෙන රටක ගීත රචකයෙක් විදිහට කටයුතු කරන්න සිදුවීම තුළ මට මං ගැනම දුක හිතෙනවා.

මට නම් රසයක් විඳින්න පුළුවන් - ආචාර්ය අජන්තා රණසිංහ

මේ ගීතය විනෝදාත්මක ගීතයක් ලෙස හඳුන්වන්න මම කැමැතියි. නමුත් මෙහි ප්‍රතිවාදීන් අවඥාවට ලක්කරලා තිබෙනවා. එයට නම් මම කිසිසේත්ම කැමැති නැහැ.අනෙක මේ ගීතය නිල වශයෙන් පිළිගත යුතු ගීතයකුත් නොවෙයි.

ලහිරුගේ එන්න දිනවන්න ගීතය

http://www.gossip9.com/2011/02/blog-post_5799.html