My photo
Colombo, Dehiwala, Sri Lanka
සබඳ අපි "අලි" නොවෙමු, උනුන් කාගෙන මැරෙන..... "බුලත්" හපයොත් නොවෙමු, එකම පවුලට වඳින.....// බොල් "සීනුවක්" නොවෙමු, දනන් ගොනුනට අඳින..... සොඳුරු අඬහැරය වෙමු, හෙළය නින්දෙන් මුදන.....//

Saturday, August 20, 2011

ඉක්මන් කොටයි

[ලබු වැලක් සහ කිතුල් ගහක් අතර දෙබසක්]

ලබු වැල:වැඩුණු මහ ලොකුවට
කීයද වයස තමුසෙට

කිතුල් ගස:අහන එක පුදුමයි
දැන් මට වයස පනහයි

ලබු වැල:මට මාස හයකුත්
දවස් හතරකි තවමත්
කිතුල් ගස:ඔබ බාල බව මම
දැනගෙන සිටිමි හොදටම

ලබු වැල:නැතත් වයසක් මට
උස වෙමි ඔබේ තරමට
මට මෙන් ඉක්මනට
හැදෙන්නට බැරි මොකද තමුසෙට

කිතුල් ගස:ඉක්මනට හැදුණොත්
ඒ ඉක්මනින් නැතිවෙත්

මගෙ ඇගෙ වෙලීලා
මාසෙන් දෙකෙන් හැදිලා
ඔබ මෙන් මැළවිලා
දහස් ගණනක් ගියා මැරිලා

[ටිබෙට් ජාතික එස් මහින්ද හිමි]

No comments:

Post a Comment