My photo
Colombo, Dehiwala, Sri Lanka
සබඳ අපි "අලි" නොවෙමු, උනුන් කාගෙන මැරෙන..... "බුලත්" හපයොත් නොවෙමු, එකම පවුලට වඳින.....// බොල් "සීනුවක්" නොවෙමු, දනන් ගොනුනට අඳින..... සොඳුරු අඬහැරය වෙමු, හෙළය නින්දෙන් මුදන.....//

Friday, July 15, 2011

බටහිර සංස්කෘතිය සතු බලය

විද්යුතය ධාරාවක්‌ මෙන් ගමන් කරන බව ද, ඒ සඳහා මාධ්‍යයක්‌ අවශ්‍ය බව ද, එක්‌ එක්‌ මාධ්‍යයට අදාළ ප්‍රතිරෝධයක්‌ ඇති බව ද සොයාගැනීම බටහිර විද්‍යාවේ දැවැන්ත

පෙරැළියකි.
මේ පෙරැළියේ පුරෝගාමීන් මයිකල් ෆැරඩේ හා ඕම් ය.
විදුලි කෙටීමේ දී ඇති වන ආලෝකය දෙවියන් වහන්සේ බවට හඳුනාගත් සංස්‌කෘතියක්‌ තුළ ඉහත සොයා ගැනීම්වලට ලැබෙන වටිනාකම ඉතා ම ඉහළ ය.
එම වටිනාකම් හරහා ම ප්‍රචලිත වූ දැනුම අපි අද ද වනපොත් කරමු. එහෙයින් ෆැරඩේ හා ඕම් අදට ද විද්‍යා ලෝකය තුළ දී අපට වීරයන් ය.

එහෙත්, අකුණු ගැසීමක දී විද්යුත් ධාරාවක්‌ ජනිත වන බව ද, එම විද්යුත් ධාරාව මාධ්‍යයක්‌ හරහා ගමන් කරවිය හැකි බව ද, ආරෝපණයක්‌ භූගත කිරීමෙන් ධාරාව ශුන්‍ය කළ හැකි බව ද අනුරාධපුර අවධියේ සිංහලයෝ දැන සිටිය හ.

එපමණක්‌ නො ව, එම ධාරාව ගෙන යන මාධ්‍යයට නියමිත ප්‍රතිරෝධයක්‌ ඇති බව ‘HELAYAN’ දැන සිටියේ ඕම් ගේ මුතුන් මිත්තන් අකුණු ආලෝකයට වැඳ වැටෙන සමයේ දී ය.

ඉහත දැනුම උපයෝගී කරගනිමින් භාතිකාභයතිස්‌ස රජු විසින් රුවන්වැලිසෑයට අකුණු සන්නායකයක්‌ සවි කරනු ලැබුවේ ක්‍රිස්‌තුස්‌ වහන්සේ ලොව පහළ වන කාලයේ දී ය. (ක්‍රි. ව. 1).
අකුණු සන්නායකය භූගත කරනු ලැබුවේ රිදී කම්බියකිනි. ඒ රිදීවල විද්යුත් ප්‍රතිරෝධීතාව පහළ අගයක්‌ ගන්නා බවට ඔවුන් සතු වූ දැනුම නිසාවෙනි.
එසේ නැත හොත් රිදීවල සන්නායකතාව සාපේක්‌ෂව ඉහළ අගයක්‌ ගන්නා බව දැන සිටි නිසාවෙනි.

භාතිකාභයතිස්‌ස රජු අකුණු සන්නායකයක්‌ රුවන්වැලි සෑයට සවි කළ බව අසත්‍යයක්‌ යෑයි යමෙකුට පැවසිය හැකි ය.
එහෙත් මහාවංශ කර්තෘ හිමියන් මේ පවත මහාවංශයේ සටහන් කරන්නේ ක්‍රි.ව 6 වැනි සියවසේ දී ය.

ෆැරඩේ හා ඕම් සොයාගත්තා යෑයි පිළිගැනෙන දැනුම අඩු තරමින් මහානාම හාමුදුරුවන් වත් දැන සිටියේ ක්‍රි.ව. 6 වැනි සියවසේ දී ය.

ඉතින් මේ කරුණු දැන දැන ම අපි බටහිර විද්‍යාවේ ගුරුවරුන් හා පුරෝගාමීන් පිළිගනිමු. ඒ කිසියම් විද්‍යාත්මක ක්‍රමවේදයක්‌ හෝ විද්‍යාත්මක චින්තනයක්‌ හෝ නිසා නො වේ. බටහිර සංස්‌කෘතිය සතු බලය නිසාවෙනි.

2 comments:

  1. Hi Amila.
    Do we have any documented evidence on the lightning rods and metals used in Sthupas? Not that I doubt it, I too knows and agrees what you say, if you do please forward me.
    Thanuja
    /

    ReplyDelete
    Replies
    1. i didn get what you are saing...
      can u jst explain further...

      Delete