My photo
Colombo, Dehiwala, Sri Lanka
සබඳ අපි "අලි" නොවෙමු, උනුන් කාගෙන මැරෙන..... "බුලත්" හපයොත් නොවෙමු, එකම පවුලට වඳින.....// බොල් "සීනුවක්" නොවෙමු, දනන් ගොනුනට අඳින..... සොඳුරු අඬහැරය වෙමු, හෙළය නින්දෙන් මුදන.....//

Friday, July 15, 2011

මිත්‍යාව සහ අපි...

මේ දවස් වල ලොකු කතාබහක් යනවා බුදු හාමුදුරුවො lankawe ඉපදුනාලු කියලා..
ඒ ගැන පොත් පවා ලියවිලා.. ඒත් ඇත්තටම එහෙම වෙන්න පුලුවන්ද කියන එක පොඩ්ඩක් හිතල බලන්න..
බුදුන් වහස්න්සේ ඉපදුනු ලුම්බිනිය, දහම් දෙසු ඉසිපතනය , පිරිනිවන් පෑ කුසිනාරාව ඉන්දියවෙ තියන බවට සොයාගෙන එ සම්බන්දයෙන් කාබන් පරීක්ශනත් කරල තහවුරු කරගෙන තියෙන කාලෙක මේ වගේ පිස්සු කතා සමාජගත වීම පුදුමයක්..
ඊයේ රාත්‍රියේ TNL එකේ අමිතානන්ද හාමුදුරුවන්ගෙ බන ඇහුවනම් මේ බොරු මනස්ගාත ගැන ඇත්තටම තේරුම් ගන්න තිබ්බා...
මහාචාර්ය හරිස්චන්ද්‍ර මහතා නම් කිව්වෙ හුරතල් කතා තියෙන බොලද පොත් කියවල ඒ කතා විශ්වාස කරන එක මානසික ලෙඩක් කියලයි...

කතාව ඇත්ත තමයි...!!!
මට හිතුනෙ බුදු හාමුදුරුවො ල0කාවේ ඉපදුන කියනවා වගේ වෙනත් ආගමික නායකයෙක් ගැන එහෙම ප්‍රකාශයක් කළොත් කොහොමට හිටීවිද කියලයි..

මිනී මරාගනිවි නේද??

අපේ මිනිස්සු ඇයි මේ මිත්‍යා කතා වලට අහුවෙන්නේ???
තවමත් මෝහයෙන් මුලාවෙලා ඉන්න නිසයි...

බුදුන් වහන්සේ ඉපදුන තැන වත් පිරිනිවන් පෑව තැන වත් ගැන තර්ක කරන්නෙ නැතුව උන් වහන්සෙ කියල දීපු දර්ශනය අනුව ජීවත් උනානම් මේ ලෝකේ මීට වඩා ගොඩක් හොද වේවි.. ලස්සන තැනක් වේවි...

ඒක නිසා මිත්‍යා මත වල එලඹිලා ඉන්නෙ නැතුව ඇත්ත ඇති සැටියෙන් දකින්න...
බුදුන් වහන්සෙ ඉපදුනේ ඉන්දියාවේ.. ඒ කාරණය පිලිබද විවාදයක් නෑ...
ඒක එහෙම නෙවෙයි කියන අය සියලුම දෙනා ඇත්තටම මානසික ලෙඩ්ඩු...

සියලු දෙනාටම බුදු සරණයි...

No comments:

Post a Comment